Friday, 29 March 2024

උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්

Posted On Wednesday, 20 November 2019 07:20

ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



උතුරු පළාතේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර නැඟෙනහිර පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල තැනින්තැන ප.ව.2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50-75 පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.