Friday, 29 March 2024

විශේෂ දුම්රිය සේවයක්

Posted On Wednesday, 06 November 2019 09:47

ඉදිරි දිනයන් හි දිර්ඝ නිවාඩු සති අන්තයේ මගී ජනතාවගේ පහසුව පිණිස ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය ධාවනයක් සිදු කිරිමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.



ඒ අනුව,කොළඔ කොටුවේ සිට බදුල්ල දක්වා වන විශේෂ දුම්රිය සේවාව නොවැම්බර් මස 08,09 හා 12 වන දිනයන් හිදි කොළඔ කොටුව දුම්රිය ස්ථානයේ සිට පිටත්විම රාත්‍රි 07.35 වන අතර බදුල්ලට අළුයම 04.43 ළඟාවිමට නියමිතය.

එසේම බදුල්ල සිට කොළඔ කොටුව දක්වා විශේෂ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රි 08.00ට පිටත් විමට නියමිත අතර කොළඔට අළුයම 05.26ට ළඟාවිමට නියමිත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.