Wednesday, 24 April 2024

වැසි තත්ත්වය වර්ධනය වුවද ප්‍රධාන ගංගා ආශ්‍රිතව පිටාර තත්ත්වයක් සිදු ව නෑ

Posted On Thursday, 31 October 2019 08:25

වැසි තත්ත්වය වර්ධනය වුවද ප්‍රධාන ගංගා ආශ්‍රිතව පිටාර තත්ත්වයක් සිදු ව නැතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුවල මහත්මිය පවසයි.



ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ඊයේ (30) පැවැති මාධ්‍ය හුමවක දි මාලා අලවතුවල මහත්මිය මේ බව පැවසිය. වැඩිදුරටත් අදහස් දැක් වු අධ්‍යක්ෂවරිය පැවසුවේ,නිල්වලා ගංගාවේ ජලධාරිතාවයේ සුළු වැඩි වීමක් සිදු ඇති බවයි.

කෙසේ වුවද,හම්බන්තොට ප්‍රදේශයේ ලුණුගම්වෙහෙර හා මව්ආර ජලාශය හැර සියලු ම ජලාශ වාන් දමන බව ද එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ අරබේපොළ,කන්දේආර යන ජලාශ හා පොළොන්නරුවේ රාජංගනය වැව,පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝ වැව හා කුරුණැගල දිස්ත්‍රික්කයේ දැඳුරු ඔය හා මාගල්ල වැව මේ වනවිට වාන් දමන බව ද මාලා අලවතුවල මහත්මිය පැවසුවාය.