Friday, 29 March 2024

කොළඹ - මඩකළපුව සියලූම දුම්රිය සේවා යථා තත්ත්වයට පත්වේ

Posted On Friday, 25 October 2019 08:31

කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී පසුගියදා (21) දුම්රිය පීිලී පැනීම හේතුවෙන් හානියට පත් වූ දුම්රිය මාර්ගයේ සියලූම ප‍්‍රතිසංස්කරණ කටයුතු අද වන විට අවසන් බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය ගමනාගමන අධිකාරි වී.එස්.පොල්වත්තගේ මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය.



මේ හේතුවෙන් කොළඹ කොටුව සිට මඩකළපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දුම්රිය ස්ථානයට පමණක් සීමා කර පැවතුණද අද සිට සියලූම දුම්රිය ධාවන සේවා සුපුරුදු පරිදි ක‍්‍රියාත්මක වන බව ඒ මහතා මෙහිදී සඳහන් කළේ ය.