Friday, 29 March 2024

මුහුදු ප්‍රදේශ වල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකියි - කාලගුණයෙන් රතු නිවේදනයක්

Posted On Thursday, 24 October 2019 09:11

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ක්ෂණික පැයට කි.මී 70-80 පමණ ඉහළ යා හැකි බවත් මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



කෙසේ වෙතත් දිවයිනට වයඹ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල ක්‍රියාකාරී වලාකුළු පද්ධතියක් වර්ධනය වී ඇති බවත් මෙම වලාකුළු පද්ධතිය ඉදිරි පැය 6 තුළ දී තවදුරටත් සක්‍රීයව පවතින බවත් කාලගුණ
අංශ අනතුරු අඟවයි. ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙයි.