Thursday, 28 March 2024

ජලාශ කීපයක වාන් දොරටු විවෘත කෙරේ- ජනතාවට අවධනයෙන් සිටින්නැයි ඉල්ලීමක්

Posted On Monday, 21 October 2019 15:14

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ කීපයක වාන් දොරටු විවෘත කොට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.



තබ්බෝව ජලාශය, රාජාංගනය ජලාශය සහ දැදුරු ඔය ජලාශය යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ.

මෙම ජලාශවල පහළ වාරි කලාපවල සිටින ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. මේ වන විට දිවයිනේ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.