Friday, 29 March 2024

යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂක කණ්ඩායමක් හෙට සිට නිරීක්ෂන කටයුතු අරඹයි

Posted On Monday, 21 October 2019 15:12

නොවැම්බර් 16 දා පැවැත්වෙන ජනාධිපතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු හා ජනාධිපතිවරණයෙන් පසු සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහා 30 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායමක් දැන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.



එම නිරීක්ෂණ කණ්ඩායම සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා හෙට (22) කොළඹ සිට දිවයිනේ සියලුම පළාත්වලට පිටත්වයාමට නියමිත බව යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර පනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය අධ්‍යයනය කිරීම සඳහා යුරෝපා සංගමයේ තවත් කෙටිකාලීන නිරීක්ෂකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නොවැම්බර් 12වැනි දින ශ්‍රී ලංකාවට පැමිණමට නියමිත බව  මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

එමෙන් ම සාර්ක් කලාපීය රටවල නිරීක්ෂකයින් පිරිසක් ද මැතිවරණ කොමිසමේ ආරාධනය මත නොවැම්බර් 12වන දා දිවයිනට පැමිණීමට ද නියමිතය.