Friday, 29 March 2024

ඩෙංගු මදුරුවන් බෝ නොවන ආකාරයට පරිසරය පිරිසිදුව තබාගන්න

Posted On Friday, 18 October 2019 07:24

පවතින වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර් මාසයේ ගතවූ දින 17 ක කාලය ඇතුළත දිවයිනෙන් ඩෙංගු උණ රෝගීන් 3828 දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.



මෙම සංඛ්‍යාව ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේ දිවයිනෙන් වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි.

පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මාසය තුළදී දිවයිනෙන් වාර්තා වී තිබූ මුළු ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 1905 දෙනෙකි.මෙම මාසයේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 1225 කි.

මෙම වසරේ මෙතෙක් මෙරටින් ඩෙංගු රෝගීන් 55,539 දෙනෙකු වාර්තා වී ඇති අතර එය ද පසුගිය වසරටම වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවට වඩා රෝගීන් 4000 පමණ වර්ධනය වීමකි.

මේ දිනවල පවතින කඩින් කඩ වැසි වැඩිවීමේ තත්ත්වය හේතුවෙන් ඩෙංගු  මදුරුවන් බෝ නොවන අයුරින් පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසත් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇතොත් ඒවා ශුද්ධ පවිත්‍ර කර පිරිසිදු ස්ථාන බවට පත් කරගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ, මහජනතාවගෙන් ඉල්ලා සිටියි.