Thursday, 28 March 2024

ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම ඔක්තෝබර් 18 දා සිට

Posted On Monday, 14 October 2019 09:26

ජනාධිපතිවරණ ඡන්දයට පිළිගත් හැඳුනුම්පතක් නොමැති අය සඳහා තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාල මඟින් ඔක්තෝබර් 18 දා සිට සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් රසික පීරිස් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.



දැනට ජාතික හැඳුනුම්පත, වලංගු විදේශ ගමන් බලපත්‍රය,වලංගු රියදුරු බලපත්‍රය, වැඩිහිටි හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, පූජ්‍ය හැඳුනුම්පත වැනි පිළිගත් හැඳුනුම්පතක් නොමැති අය සඳහා මෙම තාවකාලික හැඳුනුම්පත නිකුත් කෙරේ.

ජනාධිපතිවරණයට ඡන්දය පාවිච්චි කිරීමට ගිය විට මෙම තාවකාලික හැඳුනුම්පත ඡන්ද පොළ භාර නිලධාරියා විසින් ආපසු ලබා ගන්නා බව ද අතිරේක කොමසාරිස්වරයා කීය.
මෙම තාවකාලික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරුන්ගෙන් වතුසේවකයෙකු නම් තමන් සේවය කරන වත්තේ අධිකාරිවරයාගෙන් ලබා ගත් සහතික පතක් තම දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලයට භාර
දීමෙන් මෙම හැඳුනුම්පත ලබා ගත හැකියි. මෙම තාවකාලික හැඳුනුම්පත් නිකුත් කිරීම නොවැම්බර් 09 දා දක්වා සිදු කරන බව ද රසික පීරිස් මහතා කීය.