Tuesday, 16 April 2024

සමාජ මාධ්‍ය අවභාවිතය නිරික්ෂණය සඳහා විද්‍යුත් තැපැලක්

Posted On Friday, 11 October 2019 05:18

ජනාධිපතිවරණ කාල සිමාවේ දී සමාජ මාධ්‍ය වෙබ් අඩවි අවභාවිතා වීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව නිරික්ෂණය කිරිමට අවශ්‍ය තොරතුරු හා පැමිණිලි රැස් කර ගැනිමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන සංගමය විසින් විද්‍යුත් තැපැලක් හඳුන්වා දී ඇතැයි එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිට මහතා රජයේ නිල වෙඩ් අඩවිය පැවසිය.



මෙම වෙඩ් තැපැල මේ මස (07) වන දින සිට ක්‍රියාත්මක වන බව පැවසු ඒ මහතා  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන ලිපිනයට සමාජ මාධ්‍ය පරිශීලකයින්ට මෙම පැමිණිලි යොමු කර හැකි බව ඒ මහතා පැවසීය.
මෙහි දි මෙම පැමිණිල්ලට අදාළ screenshot හා අදාළ link අමුණා එවිය යුතු අතර එමඟින් නිරික්ෂණය සැර්ථක කර ගැනිමට වඩාත් පහසු වන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.