Thursday, 25 April 2024

පිටපළාත් සඳහා වැඩිපුර බස්රථ යොදවා ඇති බව ලංගමය කියයි

Posted On Monday, 30 September 2019 09:26

දුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ සහකාර ධාවන කළමණාකාර එම්.කීර්තිරත්න මහතා රජයේ නිල වෙබ් අඩවියෙන් සිදු කරන ලද විමසුමක දි පැවසුවේ ය.



වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා ප්‍රකාශ කලේ,විශේෂයෙන් කුරුණෑගල,ගාල්ල,මාතර තංගල්ල,අලුත්ගම හා මොරටුව යන ඩිපෝ වලින් වැඩි පුර බස්රථ ධාවනය සඳහා යොදා ඇති බවයි.

කෙසේ වුවද,පවතින අවශ්‍යතාවය මත මෙම බස්රථ ධාවනය වෙනස් විය හැකි බව ද එම්.කීර්ති රත්න මහතා පැවසීය.