Thursday, 25 April 2024

පවුල් සෞඛ්‍ය සේවා තනතුරට අයදුම්පත් යොමුකළ හැකි කාලය දීර්ඝ කෙරේ

Posted On Friday, 06 September 2019 08:22

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ 2019 වර්ෂය සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී තනතුරට අභ්‍යාසලාභීන් 850ක් පමණ බදවා ගැනීමට අදාල ගැසට් නිවේදනය 2019.08.30 දින ප්‍රකාශයට පත්විය.



මෙම තනතුර සදහා 2015, 2016 සහ 2017 යන වර්ෂ වලදී අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, කෘෂි විද්‍යාව සහ රසායන විද්‍යාව යන විෂයන් අතරින් විෂයන් 03 ක් එක වරකදී සමත් වූවන්ගෙන් අයදුම්පත් කැදවීමට නියමිතය. මෙවර විද්‍යුත් මාධ්‍යයෙන් අයදුම්පත් යොමුකළ යුතු බැවින්, ඒ සදහා මෙම අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය (www.health.gov.lk) ඔස්සේ අයදුම් කළ යුතුය. අගෝස්තු 30 දින ගැසට් නිවේදනය නිකුත් වීමෙන් අනතුරුව විද්‍යුත් ක්‍රමයට අයදුම් කිරීමේ පහසුකම සලසා ඇත.

මෙතෙක් සැප්තැම්බර් 20 දක්වා අයදුම් කල හැකිව තිබූ කාල සීමාව සැප්තැම්බර් 27 දක්වා දීර්ඝ කර ඇත. විද්‍යුත් මාධ්‍ය ක්‍රමයෙන් (On-line) පවුල් සෞඛ්‍ය සේවා තනතුරට අභ්‍යාසලාභීන් බදවාගැනීම ප්‍රථම වරට සිදුකරන අවස්ථාවද මෙය වේ.