Friday, 19 April 2024

හිරු ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වෙයි- තැනින් තැන ගිගුරුම් සහිත වැසි

Posted On Monday, 02 September 2019 07:50

බස්නාහිර,මධ්‍යම,සබරගමුව,දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද නිවේදනය කරයි.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතී. අද දින (02)දහවල් 12.11ට මහවැව, අලලුව, කඩහපොල, උහුමීය, කන්දෙනුවර, ගිරාඳුරුකෝට්ටේ සහ පෙරියනීලවනෙයි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.