Friday, 19 April 2024

කුවේට්හි රැඳී සිටි කාන්තාවන් 60 ක් යළි දිවයිනට

Posted On Friday, 23 August 2019 09:46

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ පීඩාවන්ට පත් වූ කාන්තාවන් 60 ක පිරිසක් ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා කුවේට් තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත (22) උදෑසන 6.15ට යළි දිවයිනට පැමිණි බව විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.



මෙසේ පැමිණ ඇත්තේ කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්‍ෂා නිවාසයේ රැදී සිටි කාන්තාවන් 45ක් හා එරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේත්තුව භාරයේ සිටි කාන්තාවන් 15ක පිරිසකි.

සුරක්ෂා නිවාසයේ රැදී සිටි කාන්තාවන් ගිවිසුම කාලය තුළ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හා අසනීප තත්ත්වයන් හේතුවෙන් කුවේට් තානාපති කාර්යාලය මගින් පවත්වාගෙන යනු ලබන සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත.

මෙසේ පැමිණි ශ්‍රමිකයින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඉන් ශ‍්‍රමිකයින් 14 දෙනෙකු සඳහා ගමන් ගාස්තු කාර්යාංශයේ සහන පියස සුභසාධන මධ්‍යස්ථානය මඟින් ලබාදී තිබේ.

මේ වන විට තවත් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 173ක පිරිසක් කුවේට් සුරක්ෂා නිවාසයේ රැඳී සිටින බවද එම කාර්යාංශය කියයි.