Tuesday, 23 April 2024

ඇසළ පෙරහැර සාර්ථකව නිමකළ බවට වූ සංදේශය ජනපතිට පිළිගැන්වීම අදයි

Posted On Thursday, 15 August 2019 09:08

මහනුවර ඇසල පෙරහර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සදහන් පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතයි.



මහනුවර ඇසල පෙරහැර දියකැපීමේ මංගල්‍ය ගැටඹේ තොටේදී අද අලුයම සිදුවිය.

දියකැපුම් පෙරහැර සිවු දේවාලයන්හි පෙරහැර සමඟ පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ විහාරයට ගොස් සිරිත් පරිදි දළදා කරඬුව එහි තැන්පත් කිරීම සිදුකළ අතර, සිවු දේවාලයන්හි පෙරහැර ආපසු දේවාල වලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දියකැපීමේ මංගල්‍යය සිදු කෙරුණි.

අනතුරුව ඝණදෙවි කෝවිලේ දේවාභරණ තැන්පත් කිරීම ද සිදු කෙරිනි. දහවල් පෙරහර පෙරවරු 11.52 ට යෙදෙන සුබ මොහොතින් ඇරඹේ. මහනුවර ඝණදෙවි කෝවිල අභියසින් ආරම්භ වන පෙරහර දළදා විදීය. ඩී. එස්.
සේනානායක විදීය. කන්දේ විදීය ඔස්සේ ඩී. එස්. සේනානායක විදීයේ මංසන්ධියට පැමිණෙයි. එහිදී ශ්‍රී දළදා මාලිගා පෙරහර හා එක්වන සිව්මහල් දේවාල පෙරහර ඩී. එස්. සේනානායක විදීය ඔස්සේ ඉදිරියට ගමන්කර පන්සල පාර දේව විදීය
ඔස්සේ රජ විදීයෙන් ඉදිරියට පැමිණ මාළිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණාකොට සවස 05.07 ට නැගෙනහිර දිශාව බලා මාලිගයට ගෙවදීමට නියමිතයි.
මහනුවර ඇසල පෙරහර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සදහන් පෙරහර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට
මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතයි. මෙවර පෙරහට සම්බන්ධවී විශිෂ්ඨ දක්ෂතා දැක්වු ශිල්පීන්ට මුදල් ත්‍යාග හා සහතික පිරිනැමිම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවෙයි.