Thursday, 28 March 2024

සුළං සහ වැසි තත්ත්වය ඉදිරියටත්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Wednesday, 12 June 2019 04:56

දිවයිනේ උතුරු ප්‍රදේශයේ දැනට පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.



බස්නාහිර, දකුණු,මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවේ.ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක. බදුල්ල, අනුරාධපුර, වවුනියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මද වැසි ඇති විය හැක.

උතුරු,උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 60 දක්වා තද සුළං ඇතිවිය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාතමේන්තුව අද (12) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.