Saturday, 20 April 2024

ලෝක දුම්වැටි විරෝධී දිනය අද (31)ට යෙදී ඇත.

Posted On Friday, 31 May 2019 05:58

මෙවර ලෝක දුම්වැටි විරෝධී දිනයේ තේමාව වන්නේ "tobacco and lung health." යන්නයි. බෝ නොවන රෝග වන අධි රුධිර පීඩනය, පෙනහළු පිළිකා, හෘදයාබාධ, දියවැඩියාව, ස්වසන රෝග සඳහා  ප්‍රධාන වශයෙන් බලපානුයේ දුම්වැටි භාවිතයයි. අතුරු ආබාධ රැසකටද මෙය හේතු වන බව ලෝක සෞඛ්‍ය  සංවිධානය පෙන්වා දෙයි. දුම්කොළ අඩංගු දුම් වැටි භාවිතය හේතුවෙන් සෑම තත්පර 4කට වරක් පුද්ගලයකු මිය යන බව ලෝක සෞඛ්‍ය  සංවිධානය පවසයි.



බෝ නොවන රෝග හේතුවෙන් ඇතිවන විවිධ හේතු නිසා වාර්ෂිකව මිලියන 56.9ක් මිය යයි.ඉන් මිලියන 8ක්  දුම්කොළ භාවිතය හේතුවෙන් මිය යයි.මිලියනයක් දෙනා වක්‍ර දුම් පානය හේතුවෙන් මිය යන බව ලෝක සෞඛ්‍ය  සංවිධානය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් 12%ක් පමණ දුම්වැටි සහ මධ්‍යසාර අලෙවියෙන් හිමි වුවත්, ජාතික ආදායමෙන්  22% කටත් වඩා ඒවා භාවිතය නිසා ඇති වන රෝග වැළැක්වීමට වැය කිරීමට සිදුව ඇත. දුම් කොළ හා මද්‍යසාර නිසා ඇති වන සමාජ තර්ජනය සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය මේ වනවිටත්  යොමුව තිබේ. වත්මන් රජය, සෞඛ්‍ය අංශ මේ සඳහා පුළුල් වැඩපිළිවෙලක් දියත් කර තිබේ. ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් හා මඟපෙන්වීම මත මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන සක්‍රීය  ලෙස මෙම කාර්යභාරයට උර දී තිබේ. දුම්පානය අධෛර්යට පත් කිරීමේ ක්‍රමවේද මේ වනවිටත් අනුගමනය කර  තිබේ.එමෙන් ම නව නීති රැසක් ද ක්‍රියාවේ නැංවීමට කටයුතු කර තිබේ.