Tuesday, 02 June 2020

1929 යන අංකයට අමතන්න - ඕනෑම මොහොතක දී දරුවන්ට උදව්කරන්න සුදානම් - ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය

Posted On Wednesday, 08 May 2019 04:54

රටේ පවතින තත්ත්වයත් සමඟ විශේෂයෙන් දුදරුවන්ට උදව් කිරීමට සුදානම් බවත් උදව් අවශ්‍ය දූ දරුවන් 1929 යන අංකයට කතා කරන ලෙස රජයේ නිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ එම්.එම් අභයරත්න මහතා පැවසිය.



 මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු සභාපතිවරයා මෙසේද පැවසීය. (06) දිනයේ දි 6 වසරේ සිට ඉහළ පංති දෙවන පාසල් වාරය ආරම්භ වුනා.මෙහිදි දරුවනට කියන්න ඇත්තේ සැමදේ ම විස්වාසය කළ යුත්තේ අවිස්වාසය තුළින් බවයි. අවට පරිසරය පිළිබඳව විමිසිලිමත් වන ලෙසයි.මෙය දිර්ග කාලයක් ගෙන යාමට නොහැකි අතර දරුවන්ට අධ්‍යාපනය අවශ්‍යයි.ඒ වගේම ආරක්ෂාවත් අවශ්‍යයි.අපි දරුවන්ට උදව් කිරීමට සූදානම් බව කීය

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.