ගෘහණියක, මවක, බිරිඳක ලෙස පවුල තුළ සිය කාර්යභාරය ඉටුකරන අතරම, කාන්තාව සතු ශාරීරික, මානසික, අධ්‍යාත්මික ශක්තිය තුළින් විශාල සමාජ මෙහෙවරක් කිරීමේ හැකියාව ඈ සතුය. ඒ සඳහා අවශ්‍ය නිදහස, පිළිගැනීම, ධෛර්යය සහ අවස්ථාවන් ලබා දිම අප සතු වගකීමකි. සෑම ක්ෂේත්‍රයකම කාන්තා දායකත්වයේ වර්ධනයක් දැකිය හැකි වුව ද ඇයට සමාන හිමිකම් ලැබෙන්නේද, ගරුත්වය ඇගයීම ලැබෙන්නේද යන්න වගකීමෙන් සිතා බැලීම අවශ්‍යය.
නූතන ලෝකයේ ස්ත්‍රියගේ භූමිකාව මැනවින් අවබෝධ කරගනිමින්, ඒ හා සමතැන් ගත හැකි දිරිය කාන්තාවන් අප රට තුළින් ගොඩනැංවීමට රජය සහ සමස්ත සමාජය එක්ව ක්‍රියා කළ යුතු ය. "තුන්කල් දකින්නී - සවියෙන් දිනන්නී" යන මෙවර ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඒ සඳහා පුළුල් දැක්මක් සපයනු ඇතැයි අපේක්ෂා කරමි.
තුන්කල් දකිමින් වත්මන් සමාජයේ අභියෝග ජයගනිමින් පෙරටම යන්නට අප රටේ සමස්ත කාන්තාවන්ට ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමි.