Saturday, 18 November 2017

වස විස නැති ගොවිතැන ඇරඹුණා ගොවි මහතුනි එකතුවන්න

Posted On Saturday, 31 December 2016 16:15

රටේ ගොවි රජවරුන්ට ධාර්මික ගොවි සමාජයකට එක්‌වී ලැබෙන ගොවි සහනාධාරයෙන් උපරිම ඵල නෙළාගැනීම සඳහා කෙරෙන විවෘත ආරාධනාවක්‌ තමා මේ යල කන්නයේ ජාතික වැඩසටහනේදී කෙරෙන්නේ. මේ 'යල' කන්නය තමයි අප අපේක්‍ෂා කරන වඩාත් ඉලක්‌කගත පළමු කන්නය වන ඊළඟ

මහ කන්නය දක්‌වා යන ගමනේ පෙරහුරු කන්නය ලෙස අප සලකා කටයුතු කරන වගා කන්නය. මෙහිදීත් අප ඉලක්‌කගත කුඹුරු ප්‍රමාණයක්‌ වස විස නැතිව වගාව කරනවා.

"ධාර්මික ගොවිතැනක්‌ -නිරෝගී ජනතාවක්‌ - වස විස නැති රටක්‌" මැයෙන් ක්‍රියාවට නැගෙන රජයේ තුන් අවුරුදු කෘෂිකාර්මික වැඩසටහනේ යල කන්නයේ ජාතික වැඩසටහන පිළිබඳව මෙම වැඩසටහනේ උපදේශක සහ උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අසෝක අබේගුණවර්ධන මහතා සමඟ කරන ලද සාකච්ඡාවක්‌ ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.

වස විස නැති රටක්‌ ව්‍යාපෘතියේ යල කන්නයේ ජාතික වැඩසටහන ලෙස නම් කිරීමේ සුවිශේෂීතාව කුමක්‌ද?

"වස විස නැති රටක්‌" ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ආරම්භ කළේ පසුගිය මාර්තු මස 6,7,8 යන දිනවලදී බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ එහිදී පැවැති වස විසෙන් තොර ජාතික ප්‍රදර්ශනයත් සමඟ. 8 වැනිදා ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වස විස නැති කෘෂිකර්මාන්තය සහ වස විස නැති රටක්‌ සඳහා වන තුන් අවුරුදු සැලැස්‌ම දියත් කරනු ලැබුවා. ඉන් පසු එළැඹෙන පළමු වගා කන්නය තමයි මෙවර 'යල' කන්නය. මේ 'යල' කන්නයේදී අපගේ වස විස නැති වගා කටයුතු සඳහා වන සැලැස්‌ම හදනකොට කන්නය එළැඹිලා තිබුණේ. එනිසා අපි ඒ සඳහා කඩිනම් වැඩසටහනක්‌ දියත් කරනු ලැබුවා. මේ අපි ඉන්නෙ ඒ කඩිනම් වැඩසටහන ක්‍රියාත්මකව පවතින කාල වකවානුවේ. මේ වැඩසටහන අපි නම් කරල තියෙන්නෙ 'යල' කන්නයේ ජාතික වැඩසටහන" නමින්.

යල කන්නයේ ජාතික වැඩසටහනේ මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ කොහොමද?

මෙහිදී අප ගොවීන්ගෙන් පළමුව ඉල්ලා සිටින්නේ එන්න· අප හා එක්‌වන්න කියන ඉල්ලීම හා ආයාචනයයි. අපේ සහෝදර ගොවි ජනතාවට, මේ ගොවි රජවරුන්ට ධාර්මික ගොවි සමාජයකට එක්‌වී ලැබෙන ගොවි සහනාධාරයෙන් උපරිම ඵල නෙළාගැනීම සඳහා කෙරෙන විවෘත ආරාධනාවක්‌ තමා මේ යල කන්නයේ ජාතික වැඩසටහනේදී කෙරෙන්නේ. මේ 'යල' කන්නය තමයි අප අපේක්‍ෂා කරන වඩාත් ඉලක්‌කගත පළමු කන්නය වන ඊළඟ මහ කන්නය දක්‌වා යන ගමනේ පෙරහුරු කන්නය ලෙස අප සලකා කටයුතු කරන වගා කන්නය. මෙහිදීත් අප ඉලක්‌කගත කුඹුරු ප්‍රමාණයක්‌ වස විස නැතිව වගාව කරනවා.

අක්‌කර ලක්‍ෂයක්‌ දෙමුහුන් වැඩිදියුණු කළ සහල් (වී) වගා කරනවා. තවත් අක්‌කර 50,000 ක දේශීය පාරම්පරික බිත්තර වී සහ දෙමුහුන් බිත්තර වී වගා කරනවා. මේ සඳහා කොළ හා කාබනික පොහොර ලෙස මෙන්ම පළිබෝධනාශක හදන්න අපි මෙවර ගිනිසීරියා (වැටහිර) හා වල්සූරියකාන්ත (නන්තසූරිය) පැළ දස කෝටියක්‌, මී පැළ දස ලක්‍ෂයක්‌ කොහොඹ පැළ දස ලක්‍ෂයක්‌ රෝපණය කරනවා.

කලින් කිව්වා වගේ මෙදා යලේදී, පුලතිසිපුර ඉඳන් සේරුනුවර සහ දීඝවාපිය දක්‌වා වෙල් අක්‌කර ලක්‍ෂයක්‌ සහ අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, හම්බන්තොට, කෑගල්ල, රත්නපුර, කළුතර හා මඩකලපුව දිස්‌ත්‍රික්‌කවල කුඹුරු අක්‌කර පනස්‌ දහසක්‌ පාරම්පරික වී හා වැඩිදියුණු කළ වී වස විස නැතිව අස්‌වද්දනවා.

වස විස නැති ගොවිතැන සඳහා අපි මෙවර පැළ සිටුවන යන්ත්‍ර, බීජ සිටුවන යන්ත්‍ර, වල් පැළ මැඩපවත්වන යන්ත්‍ර, කාබනික දියර පොහොර, කාබනික කැට පොහොර, වස විස නැති කෘමි හා දිලීර පාලන ද්‍රව්‍ය, වස විස නැති ගොවිතැන පිළිබඳ තාක්‍ෂණික දැනුම යනාදිය පුළුල්ව යොදා ගන්නවා. ගොවියන් දැනුවත් කරනවා. දැනටමත් මෙවන් ගොවි පුහුණු කටයුතු ආරම්භ වෙලයි තියෙන්නේ. සිවිල් ආරක්‍ෂක බළකාය, හමුදා සාමාජිකයන් දැනුවත් කර ඔවුන්ද ගොවිතැන් සඳහා යොදා ගන්නා අතර, ඔවුන් මේ පිළිබඳ දැනුම ගොවි ප්‍රජාව අතරත් ගෙනියනවා. අවසානයේදී අප බලාපොරොත්තු වෙනවා 'යල' කන්නයේ වස විස නැතිව වගාකළ කුඹුරුවල වී රුපියල් 60 ක ස්‌ථාවර මිලකට මිලදී ගන්න. පසුගිය මහ කන්නයේ වී අපි ඒ මිලට මිලදී ගත්තා. තවදුරටත් මිලදී ගන්නවා.

මෙහි ඊළඟ පියවර තමයි මේ යල කන්නයේදී ක්‍රියාත්මක වන්නේ. මෙවර යල කන්නයේදී රසායනික පොහොර මිලට දුන්න සහනාධාරය "ගොවි සහනාධාරයක්‌" බවට පත්කරලා ගොවීන්ගේ අතට මුදල් ලැබෙන ක්‍රමයක්‌ වත්මන් රජය හදල තියෙනවා. එයින් ලැබෙන ලොකුම ජයග්‍රහණය තමයි මෙතෙක්‌ කලක්‌ වස විස එහෙමත් නැතිනම් රසායනික පෝර සඳහා සහනාධාරය දුන්නම රසායනික පෝර භාවිත නොකරන ගොවීන්ට ඒ සහනාධාරය ලැබුණේ නැහැ. ඒ විතරක්‌ නෙමේ ගොවි රක්‍ෂණය ලැබුණෙත් නැහැ. ඒ අනුව බලන කල රසායනික පොහොර භාවිත කරන අය තමයි ගොවි කටයුතු සඳහා නීත්‍යානුකූල ගොවීන් ලෙස සැලකුණේ. රසායනික පොහොර භාවිත නොවන ගොවීන් නීත්‍යානුකූල නොවන ගොවීන් බවට පත්ව තිබුණා. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න පොහොර සහනාධාරය ගොවි සහනාධාරයක්‌ බවට පත්කිරීම අත්‍යවශ්‍ය අංගයක්‌ බවට පත්ව තිබුණා. ඒක රජය අධිෂ්ඨාන සහගතව ඉටු කළා. මේකට එරෙහිව නොයෙක්‌ විරෝධතා මඩ ගැසීම් ආවත් අවසාන වශයෙන් අපට පුළුවන්කම ලැබුණා රසායනික පොහොර ගෙන්වන සමාගම්වලට ගෙවන සල්ලි කෙළින්ම ගොවියාගේ අතට දෙන්න. ගොවියාගේ අතට මේ සල්ලි දුන්නහම ගොවියාට විකල්පයක්‌ ලැබුණා. මේ සල්ලි ටික වියදම් කරලා ඕන නම් රසායනික පොහොර මිලදී ගන්න එක. නැතිනම් ඒ සල්ලිවලින් තමන්ටම නිවසේදීම පොහොර ටික හදාගන්න පුළුවන්. එහෙමත් නැතිනම් රසායනික නොවන කාබනික පොහොර වෙළෙඳ පළෙන් මිලදී ගන්නත් අවස්‌ථාව දැන් ලැබිලා තියෙනවා. මේ අවස්‌ථාව ප්‍රථම වතාවටයි මෙසේ මේ යල කන්නයේදී අත්හදා බලන්න ගොවීන්ට අවස්‌ථාව උදාවන්නේ. මේ සඳහා අපි වැඩපිළිවෙළක්‌ යෝජනා කළා. මේ කන්නයේදී කුඹුරු අක්‌කර 150,000 ක ගොවීන් වස විස නැති ගොවිතැනකට යොමුකර ගන්න. පොහොර සඳහා ගොවීන් අතට මුදල් ලැබෙනවා. ගොවීන්ට පුළුවන්කම තියෙන්න ඕන රසායනික පොහොර භාවිත නොකර, වෙනත් ගොවිතැන් ක්‍රම භාවිත කර එම අස්‌වැන්නම ගන්න. ඒ සඳහා අවස්‌ථා දෙකකදී ගොවීන්ට උදව් කළ යුතුයි. එකක්‌ තමා වස විස නැතිව පළිබෝධ පාලනය කරගැනීම. දෙවැන්න පසට, පැළෑටියට, ගොයම් ගසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රසායනික පොහොර භාවිතයෙන් තොරව කරන්නේ කොහොමද කියන එක.

පළිබෝධ පාලනය ගොවිතැනේදී ප්‍රධාන ප්‍රශ්නයක්‌. ඊට විසඳුම් මේ වැඩපිළිවෙළේ තිබෙනවාද? පොහොර වශයෙන් යොදන්නේ මොනවාද?

කෘමීන් පාලනය සඳහා අපේ වැඩපිළිවෙලේ පළමු වැන්න තමයි පැළ පූදිනකොට අමාවකට සිදුවන්න කාල රාමු තෝරාගෙන පැළ සිටුවීම, හඳේ කලාවත් එක්‌ක යන ක්‍රමවේදය අනුව නිසිකලට ගොවිතැන ආරම්භ කිරීම පළමුව කළ යුත්තක්‌. එය වඩාත් හොඳයි. එහෙම කරපු රටක්‌ මේක. අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ 12 ට කලින් 8-12 ත් අතර දිනවලදී වගා කරනවා නම් කෘමීන් මර්දනයට පහසුයි.

මීළඟ ප්‍රධාන ප්‍රශ්නය පොහොර .සාමාන්‍ය ආකල්පයක්‌ තියෙනවා රසායනික පොහොර භාවිත කළේ නැතිනම් වැඩිදියුණු කළ බිත්තර වීවල අස්‌වැන්න අඩුවෙනවා කියලා. පාරම්පරික දේශීය බිත්තර වී වලට මේක අදාළ වෙන්නේ නෑ. මෙවර අක්‌කර 50,000 ක්‌ අපි පාරම්පරික බිත්තර වී වගාකරනවා. මේ සඳහා බිත්තර වී අපි ලබා දෙනවා. මේ සඳහා අක්‌කරයකට බිත්තර වී කිලෝ 5 ක්‌ අවශ්‍යයි. වැඩිදියුණු කළ සහල්වල ගොයම සඳහා රසායනික නොවන පෝෂක කොහොමද එකතු කරන්නේ කියලා විධිමත් වැඩිදියුණු ක්‍රම අපි දැන් අත්හදා බලනවා. විකල්ප අපි සාකච්ඡා කරනවා.

වස විස නැති රටක්‌ වැඩසටහනේ අභියෝග ජයගන්නා දස වැදැරුම් වැඩසටහන යනු කුමක්‌ද?

වස විස නැති රටක්‌ සඳහා වන රජයේ තුන් අවුරුදු සැලැස්‌ම සකස්‌ කළේ "ශ්‍රී ලංකාව නම් වස විස නැත" යන ලේබලය දක්‌වා යැමටයි. මෙහිදී මෙය කරන්න බැහැ. ප්‍රායෝගික නැහැ කියල නොයෙක්‌ බාධක, විවේචන, ප්‍රශ්න මතුවුණා. ඒ ප්‍රශ්න මොනවාද යන්න හඳුනාගෙන ඒවාට විසඳුම් සොයාගන්නට අප දස වැදැරුම් සැලැස්‌මක්‌ නිර්මාණය කළා. එම සැලැස්‌මේ ක්‍ෂේත්‍ර දහයක්‌ තියෙනවා. දහයම ආවරණය කරගත්විට අපට හැකියාව ලැබෙනවා අප බලාපොරොත්තු වන ඉලක්‌කයට යන්න. එම දස වැදැරුම් වැඩසටහන පිළිවෙළින් හැඳින්වුවහොත් මේ ආකාරයි.

වස විස නැතිව පළිබෝධ පාලනය, වස විස නැති පොහොර භාවිතය, ස්‌වභාවික ගොවිතැනට ගැලපෙන ජල සම්පාදනය, තිරසාර ගොවිතැනට අවශ්‍ය කෘෂිකාර්මික යන්ත්‍රොaපකරණ, ගොවීන්ගේ අස්‌වනු මිලදී ගැනීම සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ මෙන්ම අස්‌වනු සැකසීම හා ගබඩා කිරීම, අස්‌වනු සුරක්‍ෂිත ලෙස ප්‍රවාහනය, තිරසාර ගොවිතැනේ යෙදෙන ගොවීන් සඳහා ඉඩම්, ස්‌වභාවික ගොවිතැන පිළිබඳ පර්යේෂණ හා කුසලතා වර්ධනය, ජෛව විවිධත්වය ආශ්‍රිත බුද්ධිමය දේපළ හිමිකම් රැකගැනීම, සූප ශාස්‌ත්‍රය හා සබුද්ධික ආහාර පරිභෝජන රටාවක්‌ ගොඩනැඟීම මෙම දස වැදැරුම් වැඩපිළිවෙළයි.

මෙහිදී ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වස විස නැති ආහාර සඳහා වෙළෙඳපොළ නිර්මාණය කිරීම, වස විස නැති වගාව සඳහා ඉඩම් නැති ගොවීන්ට ඉඩම් ලබාදීම, බීජ ප්‍රභේද සමඟ ගොඩනැඟෙන ජෛව විවිධත්ව වටිනාකම් සලකා පාරම්පරික දැනුම, බුද්ධිමය දේපළ අයිතිය සුරැකීම වැනි කටයුතු සඳහා ද මුල් තැනක්‌ දී ක්‍රියා කරනවා.

වස විස නැති ගොවිතැනේ නිරත වන ගොවීන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවාද?

වස විස නැති ගොවියන් හැටියට අපිත් එක්‌ක ලියාපදිංචි වෙලා වැඩකටයුතු කරනවා නම් අපි ඒ ගොවිතැන අධීක්‍ෂණය කරනවා. හරියටම වස විස නැතිව මේ ගොවිතැන කළාද කියලා. මේ සඳහා අපි ගොවි සමිති නායකයන් කෘෂිකර්ම නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, සිවිල් ආරක්‍ෂක බළකාය, හමුදාව අපි සහායට ගනු ලබනවා. මේ හරහා අධීක්‍ෂණය කෙරෙනව. මේ ගොවීන් වස විස නැතිව වගාකරනවාද කියලා. එය සනාථ කළොත් ඊළඟට අපි සහතිකයක්‌ දෙනවා අස්‌වනුවල ප්‍රමිතිය සම්බන්ධව. මේ කන්නයේදී මේ කුඹුරේ අස්‌වනු සඳහා වස විස භාවිත නොකළ බවට. ඒ සහතිකය මගින් වැඩි මුදලකට වී මිලදී ගන්න පුළුවන්. සාධාරණ මිලකට පාරිභෝගිකයාටත් වස විස නැති සහල් ලබා දෙන්න පුළුවන්.පාරම්පරික ගොවියාට කොහොමටත් අදාළ සාධාරණ ඉහළ මිල ලැබෙනවා.

වස විස නැති ධාර්මික ගොවි ව්‍යාපාරයට ගොවීන් එකතු වෙන්නේ කොහොමද?

ජනාධිපති කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්‌ව දියත් කරන මේ ධාර්මික ගොවි වැඩසටහනට එක්‌වීමට අවශ්‍ය විස්‌තර පත්‍රිකා සහ අයෑදුම්පත් ප්‍රදේශයේ ගොවිජන සේවා කාර්යාලවලින් ලබා ගන්න පුළුවන්. එසේ නැතිනම්, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන, අංක 21 ජනාධිපති මාවත කොළඹ 01, ලිපිනයට පැමිණ හෝ ලිපියක්‌ යොමු කිරීමෙන් අයෑදුම්පත් ලබාගෙන ලියාපදිංචි වෙන්න පුළුවන්. එහි මෙහෙයුම් මධ්‍යස්‌ථානයේ දුරකථන අංකය 0112426100-06 µeක්‌ස්‌ අංකය 011-2392968 වෙබ් අඩවිය අඅඅගිeප්ගටදඩගකන

ඡායාරූපය - සුජාතා ජයරත්න
සාකච්ඡා කළේ - ජගත් කණහැරආරච්චි

Read 238 times

ගතානුගතිකත්වයෙන් මිදී යහපත් ගමනක් යන්න අදහස් කරමු. නිර්මාණශීලී බව අපේ ව්‍යායාමයේ ප්‍රධාන ලක්‍ෂණයක් වනු ඇත.

Newsletter

Subscribe to our newsletter. Don’t miss any news or stories.

We do not spam!