Friday, 19 April 2024

සන්නස ක්‍රීඩා

2017 වසරේ පැවැත්වෙන මලල ක්‍රීඩා තරග මෙන්න

Posted On Sunday, 01 January 2017 06:57

උදා වූ 2017 නව වසරේදී මළල කී‍්‍රඩාව වෙනුවෙන් දේශීයව සහ ජාත්‍යන්තරව පැවැත්වෙන තරගාවලි පිළිබඳ කාලසටහනක් ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය විසින් එළිදක්වා තිබෙනවා.

තරග පැවැත්වෙන නියමිත කාලසටහනක් සකස් කර නොතිබීම නිසා මළල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ පුහුණුකරුවන් දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි ඉකුත් වසරේදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ බව සැලකිල්ලට ගෙන උදා වූ මෙම නව වසරේ තරග කාලසටහන කල් ඇතිව එළිදැක්වූ බව ශී‍්‍ර ලංකා මළල කී‍්‍රඩා සංගමය කියා සිටියා.

මෙම වසරේදී මලල කී‍්‍රඩකයන් සඳහා වන පළමු තරගාවලිය වන්නේ ජාතික රට හරහා දිවීමේ තරගාවලියයි. ලබන 07 වැනිදා නුවරඑළියෙන් එය ආරම්භ වනවා.

ආසියානු ග්‍රෝන් ෆී‍්‍ර තරගාවලිය අපේ‍්‍රල් 24, 27 සහ 30 යන දිනවලදී චීනයේ සහ චීන තායිපේ හිදි පැවැත්වීමට නියමිතයි.

ආසියානු යොවුන් මළල කී‍්‍රඩා තරගාවලිය මැයි 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙනවා.

ආසියානු මළල කී‍්‍රඩා තරගාවලිය ජූනි පළමුවැනිදා සිට 04 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිතයි.

ජාතික මහා කී‍්‍රඩා උළෙල මෙවර පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 15 වැනිදා සිට 18 වැනිදා දක්වා රත්නපුරයේදීයි.

ජාතික යොවුන් කී‍්‍රඩා උළෙළ සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් පළමුවැනිදා දක්වා වෙන්පප්පුවේදී පැවැත්වෙනවා.

Read 1114 times