Friday, 29 March 2024

මෙක්සිකෝ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට ජනාධිපති ශෝකය

Posted On Tuesday, 26 September 2017 09:07

මෙක්සිකෝවේ පුවේබ්ලා ප්‍රාන්තයේ සිදු වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසුව, දරුවන්ගේ ජීවිත ඇතුළු කනගාටුදායක අන්දමින් විනාශ වූ සියලු ජීවිත පිළිබඳව ඉතා කම්පාවට පත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.
 


මෙක්සිකානු රජයට හා එහි ජනතාවට, අපගේ හෘදයාංගම සංවේගය පළ කරලීමට මා සමඟ ශ‍්‍රී ලංකා රජය හා එහි ජනතාව ද එක්වන බවත්, මෙම භයානක ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත්වූ පවුල්වල සාමාජිකයින්ට අපගේ බලවත් සංවේගය ද පළකරන බවත් සිය ශෝක පණිවිඩයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Read 2147 times