Friday, 19 April 2024

දැඩි මීදුම් නිසා ඩුබායි සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 2ක් ප්‍රමාදයි

Posted On Thursday, 29 December 2016 14:50

දැඩි මීදුම් නිසා ඩුබායි සිට මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 2ක් ප්‍රමාදයි

අරාබි කලාපයේ පවතින දැඩි මීදුම් තත්ත්වය හේතුවෙන් අද මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 2ක් ප්‍රමාද වී තිබේ.

කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ, සාජා සිට අද අලුයම 3.55ට කටුනායක ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ඉන් එක් යානයක් ප්‍රමාදය හේතුවෙන් අද රාත්‍රී 8.00ට මෙරටට ළඟා වීමට නියමිත බව ය.

මේ අතර, අබුඩාබි සිට අද අලුයම 5.05ට මෙරටට ළඟා වීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානය ද පැය13කට අධික කාලයක් ප්‍රමාද වන බව ගුවන් තොටුපොළ ප්‍රකාශ කර තිබේ.

Read 1632 times