Thursday, 28 March 2024

මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සහ තුරන් කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Posted On Tuesday, 04 July 2023 05:00

සැප්තැම්බර් මාසය වනවිට බංකොලොත් තත්ත්වයෙන් ගොඩ

Posted On Tuesday, 04 July 2023 04:49

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මූල්‍ය අංශයේ ස්ථායිතාව පවත්වා ගෙන යනු ඇති බවටකරන ලද සහතිකය ශ්‍රී ලංකා බැංකු සංගමය පිළිගෙන ඇත. 

සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන  ශ්‍රී ලංකා බැංකු සංගමය ආචාර්ය වීරසිංහගේ නිවේදනය වැදගත් කරුණු ආවරණය කරඇති අතර, ඉදිරි දේශීය ණය ප්‍රශස්තකරණය හෝ ගෘහස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට කිසිදුආකාරයකින් බලපාන්නේ නැති බවට නිශ්චිත සහතිකයක් ඇතුළත් කර ඇති බවයි. 

බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ට අහිතකර ලෙස බලපාන්නේ නැති අතර බැංකු අංශය සඳහා දින පහක නිවාඩුව තුළ උපාය මාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීම සහමහජනතාවට සහ වෙළඳපොළ සහභාගිවන්නන්ට ආවර්ජනය කිරීමට අවස්ථාවක් ලබා දීම බව මහ බැංකු අධිපතිවරයා පැහැදිලිකර ඇති අතර වැදගත්   බව ශ්‍රී ලංකා බැංකු සංගමය  පවසයි. 

උපායමාර්ගය ප්‍රකාශයට පත් කළ යුතු බවත් මහ බැංකුව සමඟ සාකච්ඡා කර විවාදයක් මගින් අමාත්‍ය මණ්ඩලය, රාජ්‍ය මුදල්කාරක සභාව සහ පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය අනුගමනය කළ යුතු බවටත් මහ බැංකුඅධිපතිවරයා ගේ ප්‍රකාශය දිරිමත් කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය  පවසයි. 

ශ්‍රී ලංකා බැංකු සංගමය  සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන අතර සාමාජිකයින් අතර සහයෝගීතාවය සහ අවශ්‍යපරිදි බැංකු අංශයේ මෙහෙයුම් සම්බන්ධීකරණය දිරිමත් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. "මෙම සීමාව තුළ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කර ඇති ප්‍රතිපත්ති සහ නියාමන රාමුවලට අනුකූලව ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් බැංකු ව්‍යුහයක්පවත්වාගෙන යාමට සහ සංවර්ධනය කිරීමට සහාය වීම ප්‍රධාන අරමුණක්" යැයි සංගමය පවසයි.

Posted On Thursday, 29 June 2023 11:11

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ යෝජිත ක්‍රියාවලිය පිළිබඳව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින්කැබිනට් මණ්ඩලයට අද (28) කරුණු ඉදිරිපත් කළේය. පිටු 35කින් යුත් ලේඛනයක් සභාගත කරන ලද අතර එය දේශීය ණයප්‍රශස්තකරණයේ සමස්ත ක්‍රියාවලිය පැහැදිලි කරයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද ණය ප්‍රශස්තකරණ යෝජනාව අමාත්‍යමණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඉදිරිපත් කරන ලද ලේඛනය අපගේ පාඨකයන්ගේ පරීක්ෂාව සඳහා අමුණා ඇත.

 

Posted On Wednesday, 28 June 2023 21:54

 

ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සිදුකරන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ෆිට්ස් එයාර් තම ගුවන් සේවාවලපවතින ගුවන් නියමුවන්ගේ හිඟයට පිළියම් යෙදීම සඳහා විදේශීය ගුවන් නියමුවන් බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නියමුවන් මේ වන විට වඩා හොඳ අවස්ථා සඳහා රට හැර යමින් සිටින බවත්, ඊට හේතුව විදේශීය ගුවන් සමාගම් ඔවුන්ට ඉහළ වැටුප් ගෙවීම බවත් සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත පැවසීය.

විදේශීය ගුවන් සමාගම් වැටුප් පස් හය ගුණයකින් වැඩි නිසා ගුවන් සමාගම්වලින් ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන්ට ලොකු ඉල්ලුමක්ඇත.

Posted On Wednesday, 28 June 2023 21:43
Page 97 of 643