Tuesday, 16 April 2024



වෘත්තීය චිත්‍ර ශිල්පියෙකු, දේශපාලන ක්‍රියාකාරියෙකු, පක්‌ෂ නායකයෙකු (National Socialist Worker's Party), ග්‍රන්ථ කතුවරයෙකු ( Mein Kamp - My Struggle), හිටපු ජර්මානු අගමැතිවරයෙකු. හිටපු ජර්මානු චාන්සලර්වරයෙකු හා හිටපු ආඥාදායකයෙකු වූ ඇඩොල්ෆ් හිට්‌ලර් ගේ ( Adolf Hitler 1889 - 1945 ) -සුපිරිසිදු ආර්ය මනෝරාජ්‍යය මුළුමහත් යුරෝපය පුරාම යථාර්ථයක්‌ බවට පත් කරනු පිණිස නාසි ( Nazi ) හමුදාව විසින් 1938 මාර්තු මස 12 වැනි දින ඕස්‌ටි්‍රයාව (Austria) ආක්‍රමණය කිරීමත් සමග නිල වශයෙන් ඇරඹි දෙවැනි ලෝක යුද්ධය (Second World War 1938 - 1945 ) 1945 මැයි මස 08 වැනි දින නිල වශයෙන් නිමාවට පත්වූයේ ලෝක ඉතිහාසයට තවත් එක්‌ මහා මානව ෙ€දවාචකයක්‌ එක්‌ කරමිනි. එක මිනිසෙකු ගේ නොසිඳුණු බල තණ්‌හාව නිසා ඇතිවුණු ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්‌ වශයෙන් දෙවැනි ලෝක යුද්ධය ඇති විය. මෙමගින් අකාලයේ විනාශ වූ මිනිස්‌ ජීවිත සංඛ්‍යාව අතිවිශාල ය. මෙය දළ වශයෙන් කිවහොත් අකාලේ විනාශ වූ මිනිස්‌ ජීවිත සංඛ්‍යාව මිලියන පනහකට (මිලියන 50,000,000 ) ආසන්න බව කියෑවේ. තවත් මිලියන ගණනාවක්‌ සදාකල් ආබාධිතයන් බවට පත්විය. එසේම මතු අනාගතයේ දී ඉපදෙන්න තිබුණු ජීවිත තවත් මිලියන ගණනාවක්‌ මෙලොව එළිය දකින්නටත් පෙරාතුව අකාලයේ විනාශය ට පත් විය. එපමණක්‌ ද නොව, විනාශ වුණු දේපල වල පාඩුව මෙතැකැයි කියා ගණන් බැලිය නොහැකි තරම් ය.

"නූතන මානව ඉතිහාසයේ ඉතා අඳුරු යුගයක්‌" (The Darkst Era in Modern Human History) නිර්මාණය කිරීමට මාවත විවර කර එයට නායකත්වය දුන් හිටලර් ගේ ජීවිතයේ අවසානය කොතැන දී කෙසේ සිදු වූවා දැයි යන්න තවමත් මුළු ලොවට ම ප්‍රශ්නයකි. එසේම අභිරහසකි. ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර රාශියකි. ඒ පිළිබඳව පර්යේෂණය කොට රචිත ග්‍රන්ථ ද රාශියකි. ඒ අතුරෙන් වඩාත් ම පර්යේෂණාත්මක ශාස්‌ත්‍රීය ග්‍රන්ථය වශයෙන් පිළිගැනෙන්නේ හිටපු ලෝප්‍රකට ඉතිහාසඥයකු වූ මහාචාර්ය හිHq ට්‍රේ‍රවෝර් රෝපර් ( Hugh Trevor- Roper) විසින් රචිත The Last Days of Hitler - 1947 නම් වූ ග්‍රන්ථය යි. මෙම ලිපිය රචනා වනුයේ එම මාහැඟි ග්‍රන්ථය ඇසුරු කර ගනිමිනි.

ඇඩොල්ෆ් හිට්‌ලර් ගේ සමීපතම සේවකයකු ගේ පාපොච්ඡාරණය

එය වූ කලී 1945 අප්‍රේල් මස 30 වැනි දිනය. එදින හරියටම ප.ව. 4.00 වන්නට විනාඩි 10 ක්‌ පමණ තිබිය දී ක්‍ෂණිකව බංකරය තුළින් ඇසුණු වෙඩි හඬකින් මා තිගැස්‌සීයත්ම, මගේ නාසය වෙඩි බෙහෙත් ගඳින් නැහැවිණි. එනම්, ඒ නායකතුමා ( එනම් ජර්මන් භාෂාවෙන් Fuehrere. - කර්තෘ ) වන හිට්‌ලර් සියදිවි නසාගෙන විය යුතුය. එවිට මා සිටගෙන සිටියේ බර්ලින් අගනුවර චාන්සලර් මන්දිරය පිහිටි භුමියෙහි විශේෂයෙන් ඉදිකර තිබුණු අධි ආරක්‍ෂිත බංකරයෙහි වූ සිතියම් කාමරයේ දොරටුව අසලය.

ඒ වන විටත් ළඟ ළඟින්ම, එනම් යාර 1500 ක්‌ පමණ වූ දුරකින් ඇසුණු සෝවියට්‌ රුසියානු රතු හමුදා ( Soviet Russian Red Army) සේනාංක විසින් තොරතෝංචියක්‌ නැතිව එල්ල කරන ලද මැෂින් තුවක්‌කු හා ෂෙල් වෙඩි ප්‍රහාරවලින් නැගුණු ගිඟුම් හඬින් බංකරයෙහි වූ නිහඬතාව වරින් වර බිඳී ගියේය. මට සිතීමට තරම් කාලයක්‌ නොවීය. සිත දැඩි කරගත් මම සැණෙකින් සිතියම් කාමරය තුළට දිව ගියෙමි. එවිට මගේ දෙනෙත මානයේ දර්ශනය වූයේ කිසිවිටෙකත් අදහාගත නොහැකි වූ දර්ශනයකි.

එනම් එහි වූ සෝපානයක්‌ මත විවේකීව හිඳගෙන සිටින්නා මෙන් වූ නායකතුමා ගේ ප්‍රාණය නිරුද්ධ වූ අප්‍රාණික සිරුරයි. මළ සිරුරේ නළලේ දකුණු පසින් කුඩා සිදුරකින් උණුසුම් ලේ ධාරාවක්‌ එක්‌ කම්මුලක්‌ දිගේ රූරා ගලා හැළෙමින් තිබුණි. ඔහුගේ දෙපා මුල කුඩා රිවොල්වරයක්‌ විය. ඊට යාබදව තවත් රිවෝල්වරයක්‌ ද බිම වැටි තිබුණි.

නායකතුමා ගේ මළ සිරුර පිටුපසින් වූයේ ඊට විනාඩි කීපයකට පමණ පෙරදී සියදිවි නසාගන්නට ඇතැයි කියා විශ්වාස කළ හැකි නායකතුමා ගේ පෙම්වතිය වූ ඊවා බ්‍රෝන් ගේ ( Eva Braun 1912-1945) මළ සිරුරයි. ඇය සුවසේ නිදා සිටින්නාක්‌ සේය. ඊවා සියදිවි නසා ගන්නට ඇත්තේ උග්‍ර විෂ සහිත පෙත්තක්‌ (මෙය උග්‍ර විස සහිත සයනයිට්‌ පෙත්තක්‌ විය හැකිය. - කර්තෘ) ගිල දැමිමෙන් යෑයි කියා විශ්වාස කළ හැකිය.

නායකතුමා සියදිවි නසාගන්නට පෙර තම ප්‍රියතම සුනඛයා වූ බොලොන්ඩ් (Blondi) නම් වූ ජර්මන් ෂෙෆර්ඩ් වර්ගයේ බැල්ලියට ද වස දි මරා තිබුණු අතර බංකරයෙහි ඇති දැඩි කළ තවත් ඉහත කී වර්ගයේම බල්ලන් දෙදෙනකුට ද වස දී මරා දමා තිබුණි. මෙම සිද්ධිදාමයෙන් හරියටම දින පහකට පමණ පෙර එනම්, 1945 අප්‍රේaල් මස 25 වැනි දින නායකතුමා මාව කිසියම් කටයුත්තක්‌ සඳහා සිතියම් කාමරය (මෙම සිතියම් කාමරය මීට මාසයකට පමණ පෙර සිට නායකතුමා විසින් තම කාර්යාල කාමරය වශයෙන් භාවිත කළේය.) වෙත කැඳවීය. සිතියම් කාමරය ට යාබදව වූයේ නායකතුමා ගේ යහන් කාමරය හා ඊවා මෙනවිය ගේ යහන් කාමරය යි. මෙම කාමර දෙකටම මඳක්‌ ඉදිරියෙන් වූයේ මගේ කාමරය යි.

මා සිතියම් කාමරය වෙත යන විට නායකතුමා ඉතා හැඟුම්බර මුහුණෙන් යුතුව පිළියමක්‌ මෙන් හිටගෙන සිටියේය. එතුමා තම කටහඬ අවධි කොට මා විසින් නුදුරු දිනයකදී විශේෂ නියෝගයක්‌ ක්‍රියාත්මක කළ යුතු බව දන්වා සිටියේය. එනම්, ඒ නුදුරු දිනයකදී තමා ඊවා සමගින් සියදිවි නසාගන්නට යන බවත් ඉන් ඉක්‌බිතිව මළ සිරුර දෙක කිසිවෙකුටවත් හඳුනාගත නොහැකි වන පරිදි පුළුස්‌සා දැමිය යුතු බවත් ය.

තවදුරටත් කතා කළ නායකතුමා සිතියම් කාමරයේ වූ සියලුම ලිපි ලේඛන හා තමාගේ සියලුම ඇඳුම් පැළදුම් පුළුස්‌සා දැමිය යුතු බවත් එක්‌ දෙයක්‌ පමණක්‌ පුළුස්‌සා නොදැමිය යුතු බවත් තරයේ කියා සිටියේය. එනම්, ඒ නායකතුමා ගේ ලියන මේසය එපිටින් වූq බිත්තියේ ඉහළ එල්ලා තිබුණු 1 වැනි විලියම් පෙඩ්රික්‌ රජුගේ ( William Federick 1713-1740 ) පින්තුරය යි.

(නායකතුමා බර්ලින් අගනුවරින් කිසි විටෙකත් පලා නොයන බවත් එතුමාගේ අභිප්‍රාය වනුයේ බර්ලින් අගනුවරදීම මිය යැමට බවත් මම මුල සිටම දැන සිටියෙමි.)

නායකතුමාගේ ජීවිතයේ අවසාන මොහොත උදාවන්නට පෙර ගෙවී ගිය ඒ දස දින තුළ බංකරයෙහි නායකතුමා ගේ පෞද්ගලික ජීවිතය හා බැදුණු සුවිශේෂ උත්සව දෙකක්‌ පැවැත්විණි. එනම්, ඒ 1945 අප්‍රේල් මස 20 වැනි දින නායකතුමා ගේ පනස්‌හය වැනි ( 56 ) උපන් දිනය ( එනම් 1889.04.20/ 1945.04.20 ) සමරනු පිණිස පවත්වන ලද උපන් දින උත්සවය යි. 1945 අප්‍රේල් මස 29 වැනි දින බංකරයෙහි පවත්වන ලද්දේ නායකතුමා ගේ හා එතුමා ගේ පෙම්වතිය වූ ඊවා අතර වූq නිත්‍යානුකුල විවාහ මංගල්‍යය වෙනුවෙන් පවත්වන ලද උත්සවය යි. මෙම විවාහ මංගල්‍යය උත්සවය නායකතුමා විසින් එදින රාත්‍රියේ පවත්වන ලද්දේ තම පෙම්වතිය ගේ බලවත් ආශාව මුදුන්පත් කරනු පිණිස ය. මක්‌නිසාදයත් ඒ ඊවා සියදිවි නසා ගැනීමට මොහොතකට හෝ කලින් නායකතුමා ගේ නීsත්‍යානුකුල බිරිඳ වීමට මහත් සේ ආශාවක්‌ දැක්‌ වූ බැවිනි. (එදින රාත්‍රියේ බංකරය තුළ පවත්වන ලද මෙම විවාහ මංගල්‍යය වෙනුවෙන් සාක්‍ෂිකරුවන් වශයෙන් අත්සන් කරන ලද්දේ නාසි ජර්මනියේ උප අගමැතිවරයා වූ මාර්ටින් බෝර්මන් (Martin Bormann) නාසි ජර්මනියේ ප්‍රචාරක අමාත්‍යවරයා වූ ආචාර්ය ජෝශප් ගොබෙල්ස්‌ (Dr.Joseph Goebles 1897 - 1945 ) ය.

නායකතුමා ගේ මළ සිරුර පොරෝනයකින් ඔතාගත් මම බංකරය තුළ නායකතුමා ගේ ආරක්‌ෂාව සඳහා සිටි භටයන් (විශේෂ හමුදා සේනාංකය වූ කලී, ඇඩොල්ෆ් හිට්‌ලර් විසින් තම විශේෂ කටයුතු සඳහා ද, සුවිශේෂී පුද්ගලයන් පැහැර ගැනීම සඳහා ද, යුදෙව් වධක කඳවුරුවල සේවය කිරීම සඳහා ද එමෙන්ම සමූහ මිනිස්‌ ඝාතන සඳහා ද භාවිතා කරන ලද විශේෂ හමුදා ඒකකයකි. - කර්තෘ) දෙදෙනෙකු ගේ උදව්වෙන් එය ඔසවාගෙන එළියට ගියෙමි. ඊවා ගේ මළ සිරුර තවත් නිලධාරියෙකු විසින් ඔසවාගෙන එළියට රැගෙන යන ලදී. නායකතුමා සම්පුර්ණ නිල ඇදුමින් සැරසී සිටි අතර ඊවා සුදු පැහැති තිත් වැටුණු නිල් පැහැති ගවුමකින් සැරසි සිටියාය. ඇය ගේ අතෙ හි වූයේ නායකතුමා විසින් ඇයට තෑග්ගක්‌ වශයෙන් පිරිනමන ලද දියමන්ති ඔබ්බවන ලද ෆ්ලැටිනම් අත් ඔරලෝසුව යි.

සෝවියට්‌ රුසියානු රතු හමුදා සේනාංක විසින් දිගින් දිගටම එල්ල කරන ලද මැෂින් තුවක්‌කු හා ෂෙල් වෙඩි ප්‍රහාර දැන් බර්ලින් අගනුවර සීමාවට ආසන්නවම ඇසෙන්නට වූයෙන් නායකතුමා මට දුන් නියෝගය දැන් මවිසින් නොපමාව ක්‍රියාත්මක කළ යුතුව ඇත.

මෙම විශේෂ කාර්යය වෙනුවෙන්ම සුදානම් කරන ලද පෙට්‌රල් කෑන් කීපයක්‌ම මවිසින් මළ සිරුර මතට වත්කරන ලදී. ඉන් ඉක්‌බිතිව ගිනි තබන ලද අතර ඉන් මහා ගිනි ජාලාවක්‌ බුර බුරා අහසට නැගුණි. එහෙත් ස්‌වල්ප වේලාවකින් ඒ මහා ගිනි ජාලාව ක්‍රමක්‍රමයෙන් නිවී යන්නට ද විය. නායකතුමා ගේ නියෝගය වූයේ තමා ගේ හා ඊවා ගේ මළ සිරුරු මුළුමනින්ම දවා අළු කළ යුතුය යන්න යි. මෙම පෙට්‍රල් කෑන් කීපයෙන් මළ සිරුර දවාලීමෙන් ඉක්‌බිතිව වූවද නායකතුමා හා එතුමා ගේ මනාලිය යමෙකුට හඳුනා ගැනීමට එතරම් අපහසු නොවීය. අපට තවත් කළ හැකි කිසිවක්‌ ඉතුරු නොවීය.

දින කිහිපයකින් සෝවියට්‌ රුසියානු රතු හමුදා සේනාංකයක්‌ විසින් මා අත්අඩංගුවට ගන්නා ලදී. ඉන් ඉක්‌බිතිව සිරගත කරන ලද මගෙන් ඔවුන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන ලදී. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න කිරිම වූයේ නායකතුමා ගේ මළ සිරුර වළ දමන ලද ස්‌ථානය පිළිබදවය. මා සිතු එම ස්‌ථානය වෙත මවිසින් ඔවූන් කැදවාගෙන යන ලදි. එම ස්‌ථානය පෙන්වීමෙන් වූවද ඔවුනට එතැන පිළිබදව කිසිදු විශ්වාසයක්‌ නොවීය. තවත් අවුරුදු කිහිපයක්‌ ගතවන තුරුම ඒ පිළිබඳව ඔවුන් මගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ අතර එයින් ගම්‍ය වනුයේ සෝවියට්‌ රුසියනු රතු හමුදාවට තවමත් මළ සිරුරු වළ දමන ලද ස්‌ථානය සොයා ගැනිමට නොහැකි වු බවයි. මගේ විශ්වාසය වනුයේ බර්ලින් අගනුවර චාන්සලර් මන්දිරය පිහිටි භුමියෙහි කොතැනක හෝ භටයන් විසින්ම එම මළ සිරුර වළ දමා ඇති බවයි. එනමුත් එය මගේ විශ්වාසයක්‌ පමණි. ඇතැම්විට නායකතුමා හා එතුමා ගේ මනාලිය වූ ඊවා බ්‍රෝන් අවට තැණුනු සමූහ මිනීවළක්‌ තුළ සාමදානයෙන් සැතපී සිටිනවා විය හැකියි.

ඇඩොල්ෆ් හිටලර් විසින් දෙවැනි ලෝක යුද්ධයේ දී ආක්‍රමණය කොට මුළුමනින්ම යටත් කරගන්නා ලද රටවල් පිළිවෙලින් මෙසේ ය.

'This is the last territorial demand I have to make in Europe... I further assured him (Chamberlain) and I repeat here that if this problem is solved there will be no further territorial problems in Europe for Germany'

Hitler, Speech at the Sportspalast, Berlin, September 26, 1938



විශේෂ සටහන

මෙම පාපොච්චාරණය වූ කලී ඇඩොල් හිට්‌ලර් ගේ විවාදාත්මක මරණය පිළිබඳව මෙතෙක්‌ හමු වී ඇති වඩාත්ම විශ්වාසනීය හා සත්‍යය සාක්‍ෂිය බව නූතන ඉතිහාසඥයන් ගේ හා යුද විශ්ලේෂකයන් ගේ මතයයි. එපමණක්‌ ද නොව හිට්‌ලර් ගේ ජීවිතය හා සම්බන්ධව මෙතෙක්‌ රචනා කර ඇති බොහෝමයක්‌ චරිතාපදානයන්හි ද නිර්මාණය වී ඇති වෘත්තාන්ත චිත්‍රපටි හා වාර්තා චිත්‍රපටියන්හි ද අවසානය සනිටුහන් වන්නේ මෙම පාපොච්චාරණය පදනම්ව, එනම් හිට්‌ලර් තමාගේ අධි ආරක්‍ෂිත බංකරය තුළදී සියදිවි නසාගත්තා යන්න තවදුරටත් සනාථ කරමිනි.

එසේම මවිසින් මෙම ලිපිය රචනා කිරීමට පෙර ඇඩෝල්ෆ් හිට්‌ලර් ගේ ජීවිතය හා සම්බන්ධව රචිත මගේ පෞද්ගලික පුස්‌තකාලයෙහි වූ මුල්පෙළේ කෘතීන් කිහිපයක්‌ ද මගේ පෞද්ගලික චිත්‍රපට එකතුවෙහි වූ විශිෂ්ටගණයේ වෘත්තාන්ත චිත්‍රපට කිහිපයක්‌ හා වාර්තා චිත්‍රපටි කිහිපයක්‌ ද ආශ්‍රය මිශ්‍රය කරන ලදී. පාඨක ඔබගේ වැඩිදුර පරිශිලනය පිණිස ඒවා පිළිවෙලින් මෙසේ දක්‌වමි.

ඇතිපොළ මංගල හිමි
-Divaina-


ග්‍රන්ථ

1. Adolf Hitler - By James Bunting -1980

2. Adolf Hitler - By Laurence Rees - 2012

3. Hitler - By Norman Stone - 1977

4. Hitler - The Man and the Miltary Leader - Percy Ernst Schramm - 1982

වෘත්තාන්ත චිත්‍රපටි

1. Downfall - 2004

2. Hitler - The Rise of Evil - 2003

වාර්තා චිත්‍රපට

1. Hitler in Caeer -1976

2. Hitler in Colour - 2005

3. World at War - 1973

4. World war II in Colour - 2010

Posted On Wednesday, 04 November 2020 08:01 Written by

 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

බොහෝ දෙනා නොදන්නා නමුත් වරකා යනු සුව කිරීමට නොහැකි රෝගී තත්ත්වයන් කිහිපයක්ම සමනය කිරීමට හැකියාවක් ඇති පලතුරකි. බොහෝ දෙනා හරිහැටි නොහඳුනන වරකාවල ගුණාත්මක භාවය මෙන්ම එහි ඇති ඖෂධීය වැදගත්කම පිළිබඳ සැකසෙන මෙම ලිපිය ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියැවේ.

ඈත අතීතයේ සිටම කොස් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ‍පොදුවේ සියලු දෙනාම ප්‍රිය කළ ආහාරයකි. මෙය ඈත අතීතයේ සිටම බත් සඳහා විකල්පයක් ලෙස භාවිත කළ බැවින් බත් ගස ලෙසින් ලාංකේය සමාජයේ ගෞරවයට පාත්‍ර වූ ආහාරයකි. ව්‍යංජනයක් ලෙස මෙන්ම තම්බා ආහාරයට ගත හැකි කොස් ඉඳුන පසු රසවත් පලතුරකි. ඉඳුණු කොස් ගෙඩියේ මෘදු මදුලු සහිත වර්ගය වැල වශයෙන්ද මදක් ඝනකමින් වැඩි මදුලු සහිත ප්‍රභේදය වරකා වශයෙන් අප හඳුන්වයි.

එමෙන්ම වැල යනු කොස්ගසෙහි ස්ත්‍රී ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් වරකා යනු පුරුෂ ශාකයේ ඉඳුණු මදුලු ලෙසත් ජනප්‍රවාදයේ පැවැසේ.


වැල සහ වරකා රසයෙන්, සුවඳෙන් හා ස්වභාවයෙන් වෙනස්ය. එහෙත් ‍පෝෂණ ගුණයෙන් මේ දෙවර්ගය එක සමාන වේ. කොස් වාතය ප්‍රකෝප කරන ආහාරයක් වශයෙන් ප්‍රකට වුවද වැල සහ වරකා වාතය හා පිත සමනය කිරීමට සමත් ආහාරයකි. එහෙත් සවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීම නුසුදුසුය.

ඒ බැව් ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ප්‍රචලිතය. එයට හේතුවන්නේ හවස් කාලයේදී වැල සහ වරකා ආහාරයට ගැනීමෙන් එමගින් ඒවා අජීර්ණ වීමට ඇති ඉඩකඩ වැඩිවීමය. එබැවින් වැල සහ වරකා ආහාරයට ගැනීමට සුදුසු වන්නේ දහවල් කාලයේදීය. එලෙස ආහාරයට ගැනීමේදී එයට ලුණු හා ගම්මිරිස් ස්වල්පයක් එක් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එමගින් උදරාබාධ ඇතිවීමෙන් වැළකිය හැකිය.

වරකා බංගල්දේශයේ ජාතික පලතුර ලෙස නම්කර ඇත. තන්තු බහුල ආහාරයක් වන ‍පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, යකඩ, ඛනිජ ලබන, විටමින් බි, විටමින් ඒ සහ විටමින් ඕ6 වැනි ‍පෝෂ්‍ය පදාර්ථ ගණනාවකින් ‍පොහොසත් පලතුරකි. එමෙන්ම විටමින් ඕ සංකීර්ණයේ ‍පෝෂ්‍යපදාර්ථ බොහොමයක් අඩංගු පලතුරකි.

වරකා මදුලු කෝප්පයක් ගත හොත් එහි කැලරි 155 ක් පමණ ප්‍රමාණයක් ඇත. එමෙන්ම වරකා වල සුක්රේස්, ෆ්රුක්ටෝස්, ග්ලූකොස් යන සීනි වර්ගයන් අඩංගුය.

පුද්ගලයකුට ෙදෙනික අවශ්‍ය විටමින් අවශ්‍යතාවයෙන් 25 ක් හා 11 තන්තු ප්‍රමාණයක් වරකා මදුලු කෝප්පයක අඩංගුය. එබැවින් වරකා ‍පෝෂණ ද්‍රව්‍ය වලින් අනූන ආහාරයකි.

විශේෂයෙන්ම වරකා සම්බන්ධයෙන් මෑතකදී කරනලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ වරකා
පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති පලතුරක් වන බවයි. විශේෂයෙන්ම අන්ත්‍රවල ඇති වන පිළිකා මර්දනයට සමත් ආහාරයක් ලෙස ඇමෙරිකාවේ ජාතික පිළිකා ආයතනය කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත.

වරකා තුළ පිළිකා මර්දනය කිරීමට හැකියාවක් ඇති විශේෂ සංයෝග කිහිපයක් අඩංගුය. අයිසෝප්‍ලේවින්ස් ලිග්නැන්ස් නමැති ප්‍රතිපිළිකා සංයෝග වලින් අනූන වරකා ආහාරයට ගැනීම මගින් පිළිකා වලට (විශේෂයෙන් අන්ත්‍රවලට) එරෙහිව ක්‍රියාත්මක විය හැකි බව සොයාගෙන ඇත.


එමෙන්ම වරකාවල අඩංගු සැ‍පොනින් නම් සංයෝගය මගින් පිළිකා ෙසෙලවල බන්ධනයක් ඇති කර එම ෙසෙල වර්ධනය අඩාල කරගත හැකි බව වරකා සම්බන්ධයෙන් කරන ලද නව්‍යතම විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන ඇත. එමෙන්ම වරකාවල අඩංගු සැ‍පොනින් සංයෝගය නිසා ලියුකේමියා ෙසෙල සමග යම් ආකාරයකට සටන් කිරීමට හැකියාවක් ද ඇති බව සොයාගෙන ඇත.

වරකා ආහාරයට ගැනීමෙන් ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ලැබෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් කාන්තාවන්ගේ සෞඛ්‍යයට ලැබෙන බවද මෑතකදී කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින් සොයාගෙන තිබිම විශේෂත්වයකි. මේ හෙයින් වරකා කාන්තාවන්ගේ සෞඛ්‍යයට ඉතා ප්‍රතිඵලදායි ‍පෝෂ්‍යදායී ආහාරයකි. වරකා වල අඩංගු ප්‍රතිඔක්සිකාරක සංයෝග මගින් ‍පොදුවේ සියලුම පිළිකාවලට එරෙහිව සටන් කිරීමට හැකියාවක්ද ඇති බව විද්‍යාත්මකව කරන ලද පර්යේෂණවලදී සොයාගෙන ඇත.

වරකා ආහාරයට ගැනීමෙන් ආමාශය මහබඩවැල්, කුඩා බඩවැල් වැනි ඉන්ද්‍රියයන්හි වියළි ස්වභාවය අඩුකර තෙත් ස්වභාවයක් ඇති කර එම ඉන්ද්‍රියයන් පිරිසිදු කිරීමේ හැකියාවද ඇතිවේ. වරකා මදුලු වල ඇති තන්තු බහුල බව නිසා මල බද්ධය නැති කර මල පිටවීම හොඳින් සිදු කර ගැනීමට හැකිවේ. ශරීරය ශක්තිමත් වීමට අක්මාව ශක්තිමත්වීමට හා හමේ පැහැපත් බවක් ඇති කර ගැනීමට මෙන්ම කිරිමව්වරුන්ගේ කිරි පිරිසිදු කර ගැනීමට මතක ශක්තිය හා ධාරණ ශක්තිය වර්ධනය කර ගැනීමට වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ.

ගැබිනි සමයේ වරකා ආහාරයට ගැනීමෙන් දරු ප්‍රසූතිය පහසුවන අතර දරුවන් නොමැතිව පීඩාවට පත්වන අඹුසැමි යුවළකට මඳසරුභාවයට පිළියමක් ලෙස යම් සහනයක් ලබා ගැනීමට වරකා ආහාරයට ගැනීමෙන් හැකිවේ. විශේෂයෙන් පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනය කිරීමට ද සමත් ආහාරයකි.

වරකාවල හා වැල සුගන්ධය එහි අඩංගු විශේෂිත වූ රසායනිකයක් මගින් ඇතිවේ. වරකා ප්‍රභේද කිහිපයකි. ඒවා පැණි වරකා, ගිනි වරකා ආදී වශයෙන් දැක ගත හැකිය. ගිනි වරකා රතු පැහැයට හුරු තැඹිලි පැහැයෙන් යුත් වරකා මදුලු වලින් යුක්තවේ. පැණි වරකා ඉතාම පැණිරසයෙන් යුත් රසවත් බවෙන් වැඩි ආහාරයකි.

වරකා මදුලු පමණක් නොව වරකා ගසේ කොළ, ‍පොතු, මුල් හා වරකා මදුලු වල කොහොල්ලෑ ද විවිධාකාරයේ රෝගී තත්ත්වයන් කිහිපයක් සඳහාම මහඟු ඖෂධයකි.

චමිලා අල්විස්
-Lakbima-

Posted On Wednesday, 04 November 2020 07:50

 

මැංගුස් ගෙඩි මේ දිනවල සුලබ දසුනක් බවට පත්වෙලා බලන්නත් ලස්සනයි. ලස්සන වගේම එහි පවතින ගුණ පිළිබඳ බොහෝ දෙනෙක් නොදන්නවා විය හැකියි.

මැංගුස්වල ජලය ග්‍රෑම් 80.94ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 41ක්, මේදය ග්‍රෑම් 0.58ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 17.91ක් සහ තන්තුමය කොටස් ග්‍රෑම් 1.8ක් අඩංගු වෙනවා. ඒ වාගේම මිනිස් සිරුරට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන කැල්සියම් මිලිග්‍රෑම් 12ක්, යකඩ මිලිග්‍රෑම් 0.30ක්, මැග්නීසියම් මිලිග්‍රෑම් 13ක්, පොස්පරස් මිලිග්‍රෑම් 8ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 48ක්, සෝඩියම් මිලිග්‍රෑම් 7ක් සහ සින්ක් මිලිග්‍රෑම් 0.21ක් අන්තර්ගතයි.

මැංගුස්වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ගුණය හේතුවෙන් මිනිස් සිරුරෙහි වියපත් බව දුරලමින් තරුණ බව රුකගැනීමට උපකාර කරයි. එහි අඩංගු සංතෘප්ත මේදය හේතුවෙන් සිරැරේ කොලෙස්ටරෝල් ප්‍රමාණය මනාව පවත්වා ගැනීමට පුළුවන.

මැංගුස් ග්‍රෑම් 100ක අඩංගු වන්නේ කැලරි 63ක් වැනි ප්‍රමාණයකි. එම නිසා මිනිස් සිරැරේ අන්තර්ගත මේද ප්‍රමාණය මැංගුස් ආහාරය ගැනීමෙන් පාලනය කරගත හැකිය. ස්ථුලතාවයෙන් දුක් විඳින පුද්ගලයන්ට මැංගුස් ආහාරයට ගැනීමෙන් තම ශරීර බර අඩුකර ගැනීමට පුළුවන. මැංගුස් ග්‍රෑම් 100කින් මිනිස් සිරැරට අත්‍යවශ්‍ය විටමින් සී 12%ක් පමණ ලබාගත හැකි බව වෛද්‍යවරු පෙන්වා දෙති. රතු රුධිර සෛල වර්ධනය කර ගැනීමට මැංගුස් ආහාරයට ගැනීමෙන් හැකියාව ඇත. රුධිර නාළවල ධමනි හීනිවීමේ තත්ත්වය මඟහරවා ගැනීමටද, මැංගුස් වඩාත් උචිත පළතුරකි.

මැංගුස් මගින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය යහපත්ව ක්‍රියාත්මක කරලීමට හැකිය. එමගින් රෝග වළක්වා ගැනීමට ද හැකි වේ. මැංගුස්වල අන්තර්ගත තඹ, මැග්නීසියම්, ඛනිජ ලවණ හා පොටෑසියම් නම් වූ පෝෂ්‍ය පදාර්ථ මගින් අධික රුධිර පීඩන තත්ත්ව වළක්වාගත හැකිය. එසේම හෘද ස්පන්ධනය මනාව පාලනය කර ගැනීමට පුළුවන.

මැංගුස්වල අඩංගු විටමින් සී හේතුවෙන් ඇසේ ඇතිවන සුද තත්ත්වය වළක්වාගත හැකි බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. දේශීය වෛද්‍යවරුන් ද, මැංගුස් මදය පමණක් නොව, එහි ලෙල්ල තම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගනු ලැබේ. මැංගුස් ලෙලි හා ලෙලිවල වියළි කුඩු අතීසාරයට ගුණදායකය. එපමණක් ද නොව, ඔසප් සිදුවීමේදී ඇතිවෙන වේදනා මඟහරවා ගැනීමටද මැංගුස්වලින් විවිධ දේශීය බෙහෙත් වර්ග පිළියෙල කරනු ලබයි. මැංගුස්වල කොළ සහ පොතු මගින් මිනිස් සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා බෙහෙත් වට්ටෝරු සාදනු ලැබේ.

මැංගුස් ආහාරයට ගැනීමෙන් මුහුණේ ඇතිවන කුරුළෑ වැනි ආසාදන තත්ත්ව අවම කර ගැනීමට පුළුවන. විවිධ චර්ම රෝග සුවවීම වේගවත් කරන අතරම, සෛල අලුත්වැඩියා කිරීමේ හැකියාව ද මැංගුස්වල පවතී.

මෙහි අඩංගු xanthones නමැති සංඝටකය හේතුවෙන් මිනිස් සිරුරට බලපාන දිලීර, වෛරස් ආසාදන තත්ත්ව වළක්වා ගැනීමට පුළුවන. පිළිකා රෝග සඳහා ද මැංගුස් ඉතාමත්ම ගුණදායක පළතුරකි. වෛද්‍යවරුන් ප්‍රකාශ කරන අන්දමට, ගර්භණී සමයේදී මැංගුස් ආහාරයට ගැනීම එතරම් ගුණදායක නොවේ.

ප්‍රතිඔක්සිකාරකයක් වීම

විවිධ විද්‍යාත්මක පර්යේෂණයන්ට අනුව මැංගුස් සතුව වර්ග දෙකක “xanthones” වන “alpha mangosteen” සහ “gamma mangosteen” යන සංයෝග අන්තර්ගත වන බව සොයාගෙන තිබෙනවා. “xanthones” මගින් ශරීරයේ දැවිල්ල වැනි තත්ත්වයන් සමනය කිරීම ඇතුළුව විවිධ වර්ගයේ හෘද රෝග සුවපත් කරන බවත් අධ්‍යයනයන් විසින් තහවුරු කර තිබෙනවා. ප්‍රතිඔක්සිකාරක බලයන්ද වන මෙම සංයෝග මගින් විවිධ රෝග කාරක නිසා ශරීරයේ හානි වූ සෛල සුවපත් කිරීම, අකලට ශරීරය වියපත් වීම වැළැක්වීම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කිරීම සහ කායික, මානසික සෞඛ්‍ය වර්ධනය කිරීම පවා මැංගුස් මගින් සිදු කරනවා.

කැලරි අවම වීම

කැලරි සහිත ආහාර තෝරා බේරා ආහාර ලබාගන්නා අයට මැංගුස් කදිම පළතුරක්. මැංගුස් තුළ අන්තර්ගත වන්නේ කැලරි ඉතා අඩු අගයක්. (මැංගුස් ග්‍රෑම් 100ක් තුළ කැලරි 63ක් අන්තර්ගත වෙනවා) ඒ වගේම, මැංගුස් සතුව සංතෘප්ත මේදය සහ කොලෙස්ටරෝල් සුළු ප්‍රමාණයක්වත් අන්තර්ගත වන්නේ නෑ. එපමණක් නොවෙයි, මැංගුස් තන්තුවලින්ද පොහොසත් පළතුරක් වනවා. (ග්‍රෑම් 100ක් තුළ 13%ක් පමණ) ශරීරයේ බර පාලනය කිරීමට උත්සාහ කරන්නන් සඳහාත් මැංගුස් ඉතා උසස් පළතුරක්.

විටමින් C

මැංගුස් විටමින් C වලින් පොහොසත් පළතුරක්. (ග්‍රෑම් 100ක් තුළ විටමින් C 12%). ජලයේ දියවන ප්‍රතිඔක්සිකාරකයක් වන මෙම විටමින් C සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝගවලින් අපව ආරක්‍ෂා කරන අතර වෙනත් රෝග කාරකවලින්ද අපව ආරක්‍ෂා කරනවා. විටමින් C සපිරි මැංගුස් ආහාරයට ගැනීම මගින් ශරීරයේ නව සෛල වර්ධනයත් ඇති කරනු ලබනවා. ගර්භණී සමයේදී කාන්තාවකට මේ ආකාරයේ විටමින් C අතිශය වැදගත් වන අතර කපාටක රෝග සඳහාත් මැංගුස් ඉතා හොඳ ඖෂධයක් වනවා.

රුධිරය සංසරණය

මැංගුස් මගින් ශරීරයේ රතු රුධිර සෛල වර්ධනය කරන අතර රක්තහීනතාවය දුරු කරනවා. රුධිර නාලිකා ශක්තිමත් කර රුධිර සංසරණයත් නිසි ලෙස සිදුකිරීමට මැංගුස් තුළ අන්තර්ගත වන සෞඛ්‍ය සම්පන්න සංඝටක දායක වනවා. මැංගුස් සුලබව ආහාරයට ගැනීම මගින් තියුණු පපුවේ වේදනාව, අධික කොලෙස්ටරෝල් මට්ටම, “atherosclerosis” සහ හදවතේ රුධිර නාලිකා සිරවීම වැනි රෝග සුවපත් කර ගන්නට පුළුවන්.

මැංගුස් ආහාරයට ගැනීම මගින් ඇසට සිදුවන රුධිර සංසරණය නිසි ලෙස සිදුවීම නිසාත් විටමින් C නිසි ලෙස ශරීරයට සැපයීම නිසාත් “cataracts” වැනි අක්‍ෂි රෝග (මෙය ඇසේ කාචයේ විනිවිද පෙනෙන ස්වභාවය වැඩිවීම නිසා පෙනීම බොඳවන රෝගයක්) වලින් පහසුවෙන්ම ආරක්‍ෂා වන්නට පුළුවන්.

අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම

මිනිස් ශරීරයේ අන්තර්ගත වන අහිතකර කොලෙස්ටරෝල් මට්ටම නිසි ලෙස අඩුකර හදවතේ නිසි ක්‍රියාකාරීත්වය රැකගන්නට මැංගුස් ජීවක ඔසුවක් වනවා.

Tuberculosis ක්ෂය රෝගය

මැංගුස් සතු බැක්ටීරියා නාශක බලයන් සහ දිලීර නාශක බලයන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කිරීමත් “Tuberculosis” වැනි බැක්ටීරියා නිසා පෙනහල්ල තුළ ඇතිවන රෝග නැසීමත් සිදු කරනවා.

පිළිකාව

පිළිකාව පාලනයට සමත් වන්නේ මැංගුස් තුළ අන්තර්ගත වන ප්‍රතිඔක්සිකාරක බලයයි.

රුධිර පීඩනය

මැංගුස් සතු කොපර්, මැන්ගනීස් සහ මැග්නීසියම් යන ඛනිජ වර්ග මගින් හදගැස්ම සහ රුධිර පීඩනය නිසි ලෙස පවත්වා කිරීටක හදවත් රෝග සහ ආඝාතය වැනි දරුණු රෝගී තත්ත්වයන්වලින් ආරක්‍ෂා කිරීමක් සිදු කරනවා.

වේදනා නාශක බලය ඖෂධ පානය කිරීම මගින් සුව කළ නොහැකි සයට්කා වේදනාව මැංගුස් තුළ අඩංගු වන වේදනා නාශක බලය විසින් සුව කරනු ලබනවා. ඔබත් සයට්කා වේදනාව වැනි ශරීර වේදනාවලින් පසුවන පුද්ගලයෙක් නම් දිනකට දෙතුන් වතාවක් මැංගුස් ආහාරයට ගන්න. ඔබේ ශරීර වේදනාවන් සුවපත් වේවි.

“Alzheimer’s” රෝගය

“Alzheimer’s” රෝගය යනු මොළයේ පරිහානිය නිසා ඇතිවන මානසික රෝගී තත්ත්වයක්. මෙම රෝගයේ රෝග ලක්‍ෂණ වන්නේ ව්‍යාකූල බව, වික්ෂේපය සහ කරුණු මතකයෙහි රඳවා තබාගැනීම අපහසු වීමයි. මැංගුස් ආහාරයට ගැනීම මගින් ලැබෙන තවත් වටිනා සෞඛ්‍ය වාසියක් වන්නේ “Alzheimer’s” රෝගය සුවපත් වීමයි.

විදුරුමස්වල ඇතිවන ආසාදන දුරලීම

මැංගුස් ආහාරයට ගැනීමෙන් “periodontitis” වැනි විදුරුමස් ආසාදනයන් සුවකර ගන්නටත් පුළුවන්.

ඔසප් වේදනා සමනය කිරීම

කාන්තාවකට ඔසප් වීමක් ආසන්න වන විට හිස කරකැවිල්ල, මනෝභාවය වෙනස් වීම, රුධිර පීඩනය වැඩිවීම වැනි විවිධ පීඩාකාරී ලක්‍ෂණ මතු වනවා. මැංගුස් මුල මගින් මෙවන් ඔසප් වේදනා සමනය කරන බවට මැලේසියාවේ සිදුකරන ලද එක්තරා අධ්‍යයනයක් මගින් තහවුරු කර තිබෙනවා.

උදරාබාධ සුව කිරීම

මැංගුස් විශාල ලෙස වගා කරන රටක් තමයි පිලිපීනය. ඔවුන් මැංගුස් උදරය ආශ්‍රිත රෝග සුව කිරීම සඳහා නිතරම භාවිත කරනවා. ඔවුන් මේ සඳහා වැඩි වශයෙන් භාවිත කරන්නේ මැංගුස් ශාකයේ පත්‍රයි. මැංගුස් පත්‍ර භාවිතයෙන් පාචනය, බඩවැල් තුළ හටගන්නා “dysentery” රෝගය සහ මුත්‍රා රෝග සුව කරනු ලබනවා.

වියපත් වීම පාලනය

මැංගුස් සතු “catechin” වැනි ප්‍රතිඔක්සිකාරක මගින් ශරීරය අකලට වියපත් වීම වළකා තරුණ පෙනුම රැක දෙනවා.

ශක්තිය වර්ධනය කිරීම

ඔබව ප්‍රබෝධමත් කර මුළු දවසම ශක්තිමත්ව තැබීමට මෙම පළතුරට හැකියාව තිබෙනවා. මෙහි අඩංගු වන පෝෂණ ගුණය නිසයි ශරීරය ප්‍රබෝධමත් කර ශක්තිය වර්ධනය කරනු ලබන්නේ.

Deshaya-

Posted On Wednesday, 04 November 2020 07:30

 

පුරා මාස තුනකට ආසන්න කාලයක් ‘රසවිත’ හරහා ඔබට කොටස් දොළහකින් යුතුව සවිස්තරව ගෙනා කැලණි ගඟේ උපත සොයා යන ගමනේ අවසාන සනිටුහන් කරන වාර්තාව මෙයයි.ඔ කල්‍යාණිය දියඹ සිප ගන්නා මෝදර මෝය කටේ සිට ගඟට සමාන්තරව ගම් නියංගම්, මං මාවත්, වතුයායන් අතරින් දින කිහිපයක් පුරාවට සිදුකළ ගවේෂණාත්මක වාර්තාකරණයේ අවසන් නිගමනය සමඟින් කැලණි නදියේ සැබෑ උපත සොයා අපි වන රක්‍ෂිතවලට ගොඩ වැදුණෙමු.

පසුගිය සතියේ අප අවසන් කළේ මස්කෙළිය ඔයට උපත දෙන මා උස්සාකැළේ ජලාශය සහ එය පෝෂණය කරන සමනල රක්‍ෂිතයේ ජල පෝෂක ඉසව් පිළිබඳ සවිස්තරව තොරතුරු ගෙන හැර පාමිනි. පොල්පිටියේ ගංගා දෙකක එකතුවෙන් ගමන් කරනා කැලණි නදිය සම සමව පෝෂණය කරන්​ෙන් මස්කෙළිය ඔය සහ කෙසෙල්ගමු ඔයයි. එකම ඉසව්වක එකම මාර්ගයක දෙපැත්තේ පිහිටි මෙම ගංගා යුගලය පොල්පිටියේ සිට සමාන්තරව වෙන් වෙන්ව ගමන් කළද අවසාන ඉසව්ව වන විට එම ගංගා යුගලය එකිනෙකට වෙනස් දේශගුණික හා පාරිසරික තත්ත්වයන් පිරුණු ලංකාවේ සුප්‍රසිද්ධ වන රක්‍ෂිත දෙකකින් ආරම්භ වන බවේ සත්‍යතාව සොයා අප එහි මූලාරම්භය සොයා පියමැන්නේ දරුණු අවදානම් තත්ත්වවලටද මුහුණ දෙමිනි.

අතීත කාව්‍යයක අප ඔබ සැම අසා අැත්තේ ‘‘මහවැලි, කැලණි, කළු, වලවේ ගංගා, සමනොල ගිර කුළින් පැන නැංගා’’ ලෙසිනි. නමුත් ගවේෂණාත්මක සංචාරක වාර්තාකරණයේ යෙදෙන අපි එම කාව්‍යය අසත්‍යයක් බව මින් පෙරද සඳහන් කළෙමු. මන්දයත් මහවැලි සහ වලවේ ගඟේ උපත සිදුවන්නේ හෝර්ටන්තැන්නෙන්. තවද කැලණි ගඟට සමව උපත දෙන්නේ ගවරවිල සහ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමෙන් බව මෙහිදී අපි සොයා ගත්තෙමු.

තවද කළු ගඟේ ආරම්භය සිදුවන්නේ සමනල කන්දෙන් බවද අසත්‍යයක් වන අතර කළු ගඟේ මුල් දියවර පැන නගින්නේ බෑණ සමනලින් වන අතර එහි ප්‍රධාන පෝෂකයක් වන කුරු ගඟ හීන් පිදුරුතලාව සහ මහ පිදුරුතලාව පිහිටි ඉසව්වෙන් පටන් ගන්නා වග අපි අත්දැක ඇත්තෙමු. කුතුහලය සහ ත්‍රාසය දනවන මෙම ගංගාවන්හි උපත සොයා යන ගමනේදී අප මීට පස් වසරකට පෙර වලවේ ගඟේ උපත සොයා ගත්තේ හෝර්ටන්තැන්නේ නොකිළිටි ඉසව්වක පය තබමිනි. එලෙසම කල්‍යාණියේද උපත සොයා අප හෝර්ටන්තැන්නේ කිරිගල් පොත්ත කන්දේ දකුණු බෑවුමෙන් ගමන පටන් ගත්තේ විස්මය දනවනසුළු දිය සීරා සහ ජල උල්පත් ගණනාවක් පිරුණු වගුරු මතිනි.
පොල්පිටියේ සිට ඇබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලම අසලට පැමිණි අප කාසල්රි ජලාශය වෙත ගමන් කළේ මීට පෙර ලිපියේදීය. පසුව අප අද ගමන ආරම්භ කළේ කාසල්රි ජලාශයේ සිටය. කාසල්රි ජලාශය, මායිම දිගේ දික් ඔය හරහා ගමන් කළ පසු නෝර්වුඩ් වෙතට අපි ළඟා වුණෙමු.

නෝර්වුඩ් යනු හැටන් නගරයේ සිට සිරිපාදේ යන විට හැරී යා යුතු ප්‍රධාන මංසන්ධිය පිහිටි නගරයයි. නෝර්වුඩ්වලින් ඉදිරියටම ගමන් කරන විට බොගවන්තලාව හරහා මාර්ගය මාරතැන්න ඔස්සේ බලංගොඩ දක්වා ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට රොක්වුඩ් හරහා මස්කෙළියට පැමිණ නල්ලතන්නියට ගමන් කළ හැක. හැටන් සිට සිරිපාදේ යා හැකි පහසුම සහ ළඟම මාර්ගය මෙය වන අතර මෙහිදී ඔබට කාසල්රි සහ මාඋස්සා ජලාශ යුගලයේම සුන්දරත්වය දැකබලා ගනිමින් ගමන් කළ හැක. අනෙක් පසින් නෝර්වුඩ් සිට අප්කොට් හරහා ඉතා දීර්ඝ හා දුෂ්කර මාර්ගයක් හරහා අතිශය සුන්දර කඳු මිටියාවත් සහ තේ වතු අතරින් මස්කෙළියට වුව ගමන් කළ හැකිය.

නෝර්වුඩ් සිට අප මීළඟට ගමන් කළේ බොගවන්තලාව දෙසටය. මෙහිදී මාර්ගයේ වම් පස පහළින් ගලා යන්නේ කෙසෙල්ගමු ඔය වේ. මෙහිදී අප දකින ගංගාව සාමාන්‍ය වශයෙන් යුතු වන අතර ගල් කුට්ටි සහ විවිධ අතුරු ඇළ මාර්ග පවා ඊට සම්බන්ධ වන ආකාරය දැකගත හැකි විය.

මෙහිදී කෙසෙල්ගමු ඔය ජන ජීවිතයට බොහෝ සමීප බව අපි දුටුවෙමු. බොහෝ ස්ථානවල ජනතාව තම දෛනික කර්තව්‍ය සඳහා ගංගා ජලය උපයෝගී කර ගන්නා බවත්. ඇතැම් ස්ථානවල ගංගාව කුණු අපද්‍රව්‍ය වලින් අපවිත්‍ර වී තිබෙන බවත් අපි දුටුවෙමු. හැටන් සිට බලංගොඩ දක්වා ගමන් කරන බස් රථ මෙම මාර්ගය හරහා ගමන් කරන අතර එම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර් 65කට ආසන්න වේ. නමුත් පළාත් දෙකක් අතර දිවෙන එම මාර්ගයේ ගමන් කිරීමට බොහෝ වේලාවක් ගත වන අතර ඊට හේතුව නම් මාර්ගයේ තිබෙන පටු බව හා දුෂ්කරතාවයි.

නමුත් සමස්ත මාර්ගයම නෙත පිනවන සුන්දර දර්ශන වලින් අලංකෘත වී තිබෙන බව කිවයුතුමය. නෝර්වුඩ් පසුකර කිලෝමීටර කිහිපයක් දුර ගමන් කළ පසු අප ළඟා වූයේ ටින්සින් නගරයටයි. බොගවන්තලාවේ පිහිටි ප්‍රධානතම වාණිජ ඉසව්ව මෙය වන අතර අප තවදුරටත් බොගවන්තලාව නගරය පසු කරමින් ඉදිරියටම ගමන් කළේ බොගවාන වතුයාය පිහිටි ප්‍රදේශයටයි.

මෙම ඉසව්ව පසු කරන අපට රොග්විල් වතුයායේ කෙලවර පිහිටි විශාල කඳුවැටිය දැකගත හැකි අතර එම කඳුවැටියේ උසම ස්ථානය වනුයේ මීටර් 2016ක පමණ උසින් යුත් එල්බැද්ද කන්දය. ආගරපතන සහ බොගවන්තලාව වෙන්කරන එල්බැද්ද කැලේ ඉතා විශාල දිගු කඳුවැටියකි. මෙම කඳුවැටිය බොගවන්තලාවේ හරිත කන්ද සහ සබැඳිව ඩයගම මාර්ගය මායිම දක්වා පැතිර පවතියි. එල්බැද්ද කඳු වැටියෙන් අැදහැලෙන අතිරේක දිය දහරා රාශියක් තේ වතු මැදින් ගලාගෙන ගොස් කෙසෙල්ගමු ඔය පෝෂණය කරන වග අප මීට පෙර එල්බැද්ද කඳු තරණයේදී අපි දැක ඇත්තෙමු.

බොගවාන වතුයාය දක්වා ගමන් කළ අපට මීට තෙවසරකට පමණ හරිතකන්ද තරණය කළ ආකාරය සිහියට නැගුණු අතර නැවතත් අප බොගවාන වතුයායට හරවා කර්මාන්තශාලාව දෙසට ගමන් කළේ කෙසෙල්ගමුව ඔය උඩින් ඇති පාලම මතටය.
විශාල යකඩවලින් නිර්මාණය කර ඇති මාර්ගය දුම්රිය මාර්ගයක් සඳහා යොදන පාලමක ලක්‍ෂණ ගෙන හැර පානලදී. ගල්කුට්ටි, ගස්අතු සහ විවිධ බාධක මැදින් ගලාගෙන යන කෙසෙල්ගමු ඔය විටෙක පෙණ පිඩු නගමින් ඝෝෂාකාරීව ගලයි. එහි සුන්දරත්වයට සහ අලංකාර බවට නම් කිසිදු බාධාවක් තිබුණ බව අපි නුදුටුවෙමු.
නැවතත් බලංගොඩ මාර්ගයට පැමිණි අප ඉදිරියටම ගමන් කිරීමට පටන් ගත්තේ නෝර්ත් කෝට් වතුයාය දෙසටයි. නෝර්ත් කෝට් යනු මෙම ඉසව්වේ පිහිටි අවසන් වතුයායයි. මෙම වතුයාය මායිම වනුයේ හෝර්ටන්තැන්න අභය භූමියයි. කෙසෙල්ගමු ඔය මෙම වතුයාය හරහා ගලා බසින අතර වතුයායේ ඉහළ කෙලවරින් ගංගාව අඳුරු වනළැහැබට පිවිසෙයි. එනම් ගංගාව වතුයාය දක්වා ඉදිරියට ගමන් කිරීමට පටන් ගන්නා අතර එය කෙසෙල්ගමුව ඔයේ අත්දැකීමය. නමුත් මෙහි නොපෙනෙන පැතිකඩ නම් හෝර්ටන්තැන්නේ අඳුරු නිම්නය හරහා ගලාබසින කෙසෙල්ගමුව ඔයයි. මෙහිදී අප ගූගල් සිතියම් සහ 1:50,000 මිනින්දෝරු සිතියම් වැඩිදුර අධ්‍යයනය කරන ලදී.

වැඩිදුර සිතියම් අධ්‍යයනය මගින් අප දුටුවේ ලංකාවේ දෙවන උසම කන්ද වන කිරිගල්පොත්තේ දකුණු බෑවුමෙන් ඇදහැලෙන විවිධ දියසීරා වලින් එම පතනේ පහළ පිහිටි විශාල වගුර පෝෂණය වන බවයි. එම වගුර ගූගල් ත්‍රිමාණ සිතියම් තුලින්ද චන්ද්‍රිකා සිතියම් තුළින්ද අප පැහැදිලිව දැක ගත්තේ ඒ පිළිබඳ සම්මත රූපසටහන්, මිනින්දෝරු සිතියමේ පවා පැහැදිලිව දැක ගැනීමට තිබුණු හෙයිනි.

කෙසෙල්ගමු ඔයට උපත දෙන මෙම වගුර පිහිටියේ හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත දකුණු බෑවුමේ තහනම් නොඉඳුල් කලාපයකය. මෙවැනි ප්‍රදේශවල පවතින මඩ තත්ත්වය සහ සංවේදී පාරිසරික පද්ධති පිළිබඳ අප ​ෙහාඳින් දැනුම්වත් හෙයින් මීළඟට අපට අවශ්‍ය වූයේ එම ඉසව්ව නිරීක්‍ෂණය කිරීමයි.

මන්ද කිරිගල්පොත්ත කඳු වැටිය යනු හෝර්ටන්තැන්නේ බටහිර කෙළවර පිහිටි උසම ස්ථානය හා ලංකාවේ දෙවන උසම කඳු මුදුනයි. හෝර්ටන්තැන්න කාර්යාලයේ සිට කිලෝමීටර 7ක පමණ දුරින් පිහිටි මෙම කන්දට ළඟා වීමට සම්මත සංචරණ මාර්ගයක් පවතියි. වලංගු ප්‍රවේශපත්‍රයක් ලබාගෙන උදාසනින්ම ගමන ආරම්භ කළහොත් සවස්වීමට පෙර කඳු මුදුනට ගොස් නැවත ළඟා විය හැක. මන්ද තැනිතලාමය ප්‍රදේශවලින් අඩිපාර පැවතුණද ගමන පුරාවට කුඩා වන ළැහැබවල්, මඩකඩිති හා ජල මූලාශ්‍ර පසුකර දිවෙන මාර්ගය දුෂ්කරතා වලින් පිරී පවතියි.

කැලණි නදියේ සැබෑ උපත සොයා යන මෙම ගමනේදී සොයා ගත් මූලික පසුබිම් කරුණුවලට අනුව කැලණිගඟේ සමස්ත දිග කිලෝමීටර් 145ක් පමණ ලෙසත් එය ලංකාවේ දිගින් 4 වන ස්ථානය පවතින බවත් දැන ගත්තෙමු. නමුත් මෙම ගවේෂණයේදී අප සොයාගත් කරුණු කාරණාවලට අනුව එම දත්ත වෙනස් විය යුතු බව අපි සාක්‍ෂි සහිතව දැනගත්තෙමු. නමුත් මෙම දත්ත අප විසින් සොයාගත් ගවේෂණයේ ප්‍රතිඵලය විනා සම්මත දත්ත නොවන බව මතක් කර සිටින්​ෙනමු.

මහවැලි ගංගාව කි.මී. 335ක දිගින් ලංකාවේ ප්‍රථම ස්ථානයේ වැජඹෙන විට කි.මී. 164ක දිගින් යුත් මල්වතු ඔය දෙවන ස්ථානය ගනියි. කලා ඔය තෙවැනි තැන ගන්නේ කි.මී. 148ක දුරක් දක්වමින් වන අතර කැලණි ගඟ කි.මී. 145ක දුරක් සටහන් කරමින් සිව්වන ස්ථානය ගනියි. යාන් ඔය සහ දැදුරු ඔය එක සමානව කි.මී. 142ක දුරින් යුතුව පස්වන ස්ථානය ගන්නා අතර ලංකාවේ දැවැන්ත ගංගා කිහිපය වන්නේ මේවාය. මීට අමතරව වලවේ ගඟ, මාදුරු ඔය, මහ ඔය, කළු ගඟ, කිරිඳිඔය, කුඹුක්කන් ඔය, මැණික් ගඟ, ගිං ගඟ, මී ඔය සහ ගල් ඔය ගත හැකි අතර මේ සියල්ල කි.මී. 100කට වඩා දිගින් යුතු වේ.

අප මෝදර මෝය කටේ සිට කැලණි ගඟට සමාන්තරව සේදවත්ත, වැල්ලම්පිටිය, කැලණිය, කඩුවෙල, මල්වාන, හංවැල්ල, පූගොඩ, රන්වල, අවිස්සාවේල්ල, දයිගල, රුවන්වැල්ල, යටියන්තොට, කිතුල්ගල හරහා පොල්පිටිය සමනල බලාගාරය වෙත පැමිණියෙමු. පසුව එතැන් සිට සප්තකන්‍යා සහ ලක්‍ෂපාන හරහා නෝර්ටන් වෙත පැමිණ කැනියොන් හරහා මාඋස්සාවට පැමිණියේ සමස්ත ගමනේ දුර කිලෝමීටර 148කට ආසන්න දුරක් ලෙස සටහන් කරගනිමිනි.

මෙහිදී බලනවිට සම්මත කැලණි නදියේ දුර වන කි.මී. 145ට සමානකමක් දක්වන බව අප අත්දැක්කද මාඋස්සාව යනු කැලණි ගඟේ උපත නොවන බව අපි දන්නෙමු. මන්ද මාඋස්සාව යනු මස්කෙළිය ඔයේ උපත පමණි. එනම් කැලණි ගඟෙන් 50%ක් පෝෂණය කරන මස්කෙළිය ඔය පටන් ගන්නා ස්ථානයට ඇති දුර කොළඹ මෝදර සිට දළ වශයෙන් කි.මී. 145ක් හෝ 148ක් අතර පවතියි.

නමුත් කැලණි ගඟේ ඉතිරි අර්ධය පෝෂණය කරනුයේ කෙසෙලස්ගමු ඔයෙනි. එම නිසා අප පොල්පිටියේ සිට අැබර්ඩීන් ඇල්ල හරහා නෝර්ටන් පාලමට පැමිණ එතනින් කාසල්රි ජලාශයටත්, නෝර්වුඩ්, ටින්සින් සහ බොගවන්තලාව හරහා නෝර්ත් කෝට් වතුයායට පැමිණියේ සමස්ත ගමනේ දුර කි.මී. 175ක් පමණ සටහන් කර ගනිමිනි. නමුත් මෙතැන් සිට ගඟ දිගේ කිරිගල්පොත්ත දකුණු බෑවුමට ඇති දුර දළ වශයෙන් කි.මී. 8ක් පමණ වේ. එහිදී බලන කල කැලණි ගඟේ උපත දෙන අනෙක් ස්ථානය පිහිටි හෝර්ටන්තැන්න කෙසෙල්ගමු ඔයේ ආරම්භක ස්ථානයට කොළඹ මෝදර සිට ඇති මුළු දුර කි.මී. 183කට ආසන්නය. සම සමව උපත දෙන ගංගා දෙකෙන් ඈතින්ම පටන් ගන්නා ගංගාව වනුයේ කෙසෙල්ගමු ඔයයි. එසේ නම් කැලණි ගඟේ සැබෑ දුර නිතැතින්ම කිලෝමීටර 180කට වඩා වැඩිය. එනම් ලංකාවේ දෙවන දිගම ගංගාව විය යුත්තේ කැලණි ගංගාවයි.
සාමාන්‍යයෙන් ගංගාවක් යනු විවිධ දිශාවලින් එකතු වන විවිධ ජල පෝෂකවල එකතුවෙන් හටගන්නා ප්‍රධාන තෝතැන්නකි. එලෙස බලන විට කැලණි ගඟට සීතාවක ගඟ, ගුරුගොඩ ඔය, වීඔය ආදී ප්‍රධාන අවශේෂ දියදහරාවන් එකතු වේ. ඊට අමතරව මස්කෙළිඔය සහ කෙසෙල්ගමු ඔය ප්‍රධානම පෝෂක දෙකක් වන්නේ පොල්පිටියේදී මෙම ගංගා දෙකම එකට එකතුවී ඉන් පහළට කැලණි ගඟ ලෙස තනි දියවරක් ලෙස එය ගලා යාමයි. එකිනෙකට වෙනස් ස්ථාන දෙකකින් මෙම ගංගා යුගලය ආරම්භ වන බැවින් ප්‍රධාන සම්බන්ධිතය ඇති පොල්පිටියේ සිට දුරින්ම පිහිටි ස්ථානයකින් හට ගන්නා ගංගාව එම ගඟේ ප්‍රථම ආරම්භක ස්ථානය ලෙස සැලකිය හැකිය. එම නිසා කැලණි ගඟේ මූලරම්භය වන්නේ හෝර්ටන්තැන්න වන අතර ඒ අනුව බලන කල කැලණි ගඟ ලංකාවේ දෙවන දිගම ගංගාව වන්නේ කි.මී. 180කට වඩා වැඩි දුරක් සටහන් කරමින් පළාත් 3ක් හරහා දිස්ත්‍රික්ක 4ක් අතරින් ගලා යමිනි.

මත්ස්‍ය කර්මාන්තය, ප්‍රවාහන සේවය, සංචාරක කර්මාන්තය, මැණික් කර්මාන්තය, හේන් ගොවිතැන් වගාව, පානීය ජල අවශ්‍යතාව සහ ජල විදුලිය ජනනය කිරීමට මහත් පිටිවහලක් ලබාදෙන කැලණි ගඟ පූජනීයත්වයෙන්ද සැලකිය යුතු ගංගාවකි. ලංකාවේ මුල්ම සතුරු ආක්‍රමන හා අවසන් සතුරු ආක්‍රමණවලදී හෙලයන්ට යුද වැදීමට සහ සැඟවී සිටීමටත් විවිධ රාජ නිධාන ගබඩා කිරීමටත් කැලණි ගඟ උපකාරී වුණි.

ලංකාවේ පලලින් වැඩිම ගඟ වන්නේද කැලණි ගඟයි. ගංවතුර සමවලදී දැඩි ලෙස පිටාර ගලන කැලණි ගඟේ ආරක්‍ෂාවට වැඩි අවධානයක් වාරිමාර්ග අංශයෙන් යොමු කරනුයේ එදා පටන් අද වන තුරු කොළඹට අවාදානමක් විය හැකි එකම ජල මූලාශ්‍රය මෙය වන බැවිනි.

තවද කොපමණ නියං සමයක් උදාවුවද කැලණි ගඟේ බස්නාහිර කොටස කිසි විටක නොසිඳෙන බවත් එම ප්‍රදේශය ගඟේ ගැඹුර සහ උමං වැඩිම ඉසව්ව ලෙසත් අපි මෙහිදී අත්දැක්කෙමු. මතු දිනක කැලණි ගඟේ මෙම ඉසව්ව සිඳීයාවි නම් එය සමස්ත ලංකාවේම දැඩි නියඟයකට පත් වූ පසුවය. කෙසේ හෝ පුරා කොටස් 13ක් හරහා අපි ඔබව කොළඹ මෝදර මෝය කටේ සිට කැලණි ගඟේ උපත දක්වා ගෙනගියෙමු. සැබවින්ම කැලණි ගඟ යනු හෙළ අතීතය හා ප්‍රෞඪත්වය පිරුණු වර්තමානයේ වාණිජ අංශයෙන් අතිශය වැදගත් ගංගාවකි.
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු
-ලංකාදීප- පුවතට ලියූ ලිපි මාලාවේ අවස. ලිපිය අසුරෙනි.

Posted On Tuesday, 03 November 2020 10:30 Written by


Covid 19 උවදුරත් සමඟම ලෝකයේම පාහේ ආහාර කල් තබා ගැනීමේ ක්‍රම ව⁣ලට යොමු වෙලා තිබෙනවා..
මම දැක්කා ගොඩක් අය එලවලු පලතුරු කල් තබා ගැනිමට ෆ්‍රීසර් එක යොදා ගෙන තිබෙන අයුරු.නිවසේදී වුවද යොදා ඇත්තට ඒ ක්‍රමය ගොඩක් හොද ක්‍රමයක්..?
ගොඩක් අය freezer එක යොදා ගනු ලබන්නේ මස් මාළු අයිස්ක්‍රීම් වර්ග කල් තබා ගැනීමට..නමුත් එලවලු පලතුරු කල් තබා ගැනිමට වුවද යොදා ගනු ලබනවා..මෙම ක්‍රමය ඇත්තටම ජීවානුහරණය කරමින් ආහාර කල්තබා ගන්නා ක්‍රමයක් නොවෙයි. මෙහිදී ඉතාමත් අඩු උෂ්ණත්වයක් ලබා දී ක්ෂුද්‍රජීවීන්ගේ ක්‍රීයාකාරීත්වය අඩු කරමින් එලවලු පලතුරු වල තත්ත්වය එලෙසින් ම පවත්වා ගන්නවා.ඒ වගෙම මේ frozen vegetables වල තත්ත්වය රදා පවතින්නේ අපි freezing කරන්න යොදා ගන්නා එලවලු පලතුරු වල ගුණාත්මකභාවය අනුවයි.ඒ කියන්නේ freezing කිරීම සදහා නැවුම් බවෙන් යුතු එලවලු පලතුරු යොදා ගත යුතුයි .ඒ වගේම මෙය එලවලු පලතුරු වල තත්ත්වය වැඩි කිරීම සදහා යොදා ගැනිමට හැකියාවක් නෑ..දැන් අපි බලමු freezing කරන නිවැරැදි පියවර මොනාද කියලා..?

1. සුදුසු ඇසුරුමක් ⁣තෝරා ගැනීම.

මෙහිදී එම ඇසුරුම ජල වාෂ්ප වලට පුතිරෝධී ( moiture-vapor resistance), දීර්ඝ කාලයක් භාවිතා කල හැකි ( Durable), පහසුවෙන් සීල් කරගත හැකි සහ අඩු උෂ්ණත්වයට ඔරොත්තු දෙන නොබිදෙන ඇසුරුමක් විය යුතුයි. ඒ සදහා ප්ලාස්ටික් ෆ්‍රීසර් ඇසුරුම් (plastic freezee containers), නම්‍යශීලී ෆ්‍රීසර් බෑග්( flexible freezer bag) නිවසේදී පහසුවෙන් ම යොදා ගන්න පුලුවන්.

2. Blanching කිරීම .

උණු දීයේ තබා ගැනීම ( hot water blanching ) මගින් හෝ ස්ටීම් කිරිම (steam blanching) මගින් එලවලු පලතුරු freezing කිරීම සදහා සකස් කර ගැනිම. Hot water blanching වලදී එලවලු පලතුරු සාමාන්‍ය උෂ්ණත්වයේ ඇති ජලයෙන් හොදින් සෝදාගත යුතුයි.ඉන්පසු 90-100 C උෂ්ණත්වයේ මිනිත්තු 3- 4 ක් පමණ ගිය පසු ඉක්මනින් ඉවතට ගත යුතුයි.මෙසේ කිරීමට හේතුව ප්‍රධාන වශයෙන් එලවලු පලතුරු වල තිබෙන එන්සයිම අක්‍රීය කිරීමටත් මතුපිට ඇති ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමටත්ය. මෙසේ blanching කිරීමට එලවලු පලතුරු තෝරා ගැනිමේදී නැවුම් බවෙන් යුක්ත විය යුතු අතර එය frozen vegetables වල තත්ත්වයට බලපානු ලබනවා.. ⁣ප්‍රධාන වශයෙන් blanching කිරිමෙදී කාලය පිලිබදව වඩාත් සැලකිලිමත් විය යුතුයි. එලවලු වර්ගය සහ කැබලිවල ප්‍රමාණය අනූව blanching කිරීමේ කාලය වෙනස් වෙනවා. වැඩි කාලයක් උණු ජලයේ තැබීම මගින් වර්ණය අඩු වීම, තාප සංවේදී විටමින් විනාශ වී යාමටත්‍ හැකියාව තිබෙනවා.

3. අයිස් සහිත සීතල ජලයේ දැමීම.

උණු ජලයෙන් ඉවතට ගත් එලවලු පලතුරු ඉතා ඉක්මනින් අයිස් සහිත සීතල ජල භාජනයක මිනිත්තු කිහිපයක් ගිල්වා හොදින් නිවෙන්නට හැරිය යුතුය. මෙයට හේතුව එලවලු තැම්බීම වැලැක්වීමය. ඉන්පසු හොදින් ජලය බේරා හැර අසුරන⁣යේ අසුරන්න. Flexible freezing bags වල අගල් 2 - 3 ක් ඉඩ
ඉතුරු විමට හරින්න. ⁣

https://sannasa.org/7c8fcf82-ab37-4460-9587-e7d0cacf3bc6">

4. Freezer තුල ගබඩා කිරීම .

හොදින් ඇසුරුම් කල පසු ඇසුරුම් කල දිනය සටහන් කර 0 F ( -18 C ) හෝ අඩු උෂ්ණත්වයේ තබන්න. මෙලෙස එලවලු පලතුරු වර්ග රාශියක් මාස 4 - 6 ත් අතර කාලයක් කල් තබාගත හැක. ඒ වගේම frozen කල එලවලු අපිට freezee එකෙන් ගත් විගසින් (without thawing) පිසිමට ගන්න පුළුවන්.

සප්නිකා වීරසිංහ
ආහාර නිෂ්පාදන හා තාක්ෂණ කලමණාකරණය
වයඹ විශ්වවිද්‍යාලය.

Posted On Monday, 02 November 2020 11:26

 

සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබේ. හීල්බත් පිළිබදව හෙළයාට තිබූ දැනුම සහ අත්දැකීම් මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ අහෝසි වී ගොස්‌ ඇත්තේ ඉතාම කනගාටුදායක අයුරිනි. අද “හීල් බත් කියන්නේ මොනවද?” කියා ගුරුවරුන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් අසන්නට පාසල් දරුවන්ට සිද්ධ වී ඇත්තේ එබැවිනි. කුඩා දරුවන් පමණක්‌ නොව බොහෝ වැඩිහිටියන්ද හීල්බත් කියන්නේ කුමක්‌දැයි දන්නේ නැත. හීල් බත් ගැන දන්නා අයවත් හීල්බත් උණු බත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි ? යන ප්‍රශ්නයට පිළිතුර දන්නේ නැත.

හීල්බත් කියන්නේ කුමක්‌ද?. හීල්බත් උණුබත් වලට වඩා ගුණදායක වන්නේ ඇයි?. ආදී ප්‍රශ්න වලට බොහෝ දෙනා නිවැරදි පිළිතුර නොදන්නා බැවින් එම අපැහැදිලිතාවය මගහැරවීම සදහාත් හීල් බත් පිළිබදව නිවැරදි දැනුමක්‌ සහ හීල්බත් ආහාරයට ගැනීමේ උනන්දුවක්‌ සහ සංස්‌කෘතියක්‌ සමාජයේ යළිත් ඇතිකරලීම සදහාත් අපි ඒ ගැන සාකච්ඡා කරමු.

හීල් බත් යනු පෙර දින රෑට උයාගන්නා බතේ ඉතිරිවන කොටසයි. එනම් හීල් බත් ආහාරයට ගැනීම යනු උදේට එසේ ඉතිරි වී ඇති බත් ආහාරයට ගැනීමයි. මෙය බොහෝ දෙනා දියබත් සමග පටලවා ගනී.
දියබත් යනු රෑට ඉතුරුවන බත් දංකුඩයට නැත්නම් බත් ටිකකට වතුර දමා ගාන ලද පොල් සහ කපන ලද රතුඑනු දෙහි ඇඹුල් ආදිය දමා පානයක්‌ වශයෙන් උදේට ආහාරයට ගැනීමට සකසා ගන්නා බතයි. දියබත් සාදාගන්නේ හීල් වූ බත් දංකුඩයෙන් බව සත්‍ය නමුත් හීල්බත් යනු දියබත් නොවන බව දැන් ඔබට වැටහිය යුතුය. දිය බත් යනු හීල් බත් දංකුඩය ආහාරයට ගන්නා එක්‌ ආකාරයකි. නමුත් හීල් බත් යනු දංකුඩය පමණක්‌ නොවේ. කොහොම වෙතත් මේ දෙකෙහිම හොදම ගුණයක් තියෙනවා.

හීල් බතෙහි ගුණ පෝෂණ විද්‍යාත්මක පමණක්‌ නොව ජීව විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක ආර්ථික විද්‍යාත්මක, පරිසර විද්‍යාත්මක ආදී පුඑල් පරාසයක විහිදී පවතියි. හීල් බත් උණු බත්වලට වඩා ගුණදායක වන්නේ ඇයි? යන ප්‍රශ්නය එවැනි පුඑල් පරාසයක සිට සළකා බැලීමේදී අපට පහත සදහන් දස වැදෑරුම් ගුණයන් හීල් බතෙහි ඇති බව තහවුරු කර ගත හැකිය.

හීල් බත්වල බී කාණ්‌ඩයේ විටමින් ප්‍රමාණය සහ සී විටමින් ප්‍රමාණය වැඩිය

වාතයේ සහ අවට පරිසරයේ ඇති යීස්‌ට්‌ ඇතුඑ හිතකර ක්‌ෂුද්‍ර ජීවින් හීල් බත් උපස්‌ථරය මත ක්‍රියාත්මක වේ. එවිට හීල් බතෙහි පැසීමේ ක්‍රියාවලියක්‌ සිදු වේ. අප බත් පීළුනු වී ඇතැයි කියන්නේ මෙම පැසීමේ ක්‍රියාවලිය උවමනාවටත් වඩා සිදු වී කල් ඉකුත් වූ විටයි. පැසීමේ ක්‍රියාවලියේ හිතකර තත්ත්වයේදී ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා බී විටමින් කාණ්‌ඩයේ විටමින්වල සහ සී විටමින්වල සාන්ද්‍රණය ඉහළ යයි. එනම් හීල් බත් යනු විටමින් වලින් ස්‌වභාවිකව බලකරණයට ලක්‌ වූ ආහාරයක්‌ වේ.

විශේෂයෙන්ම විටමින් බී 12 ශරීරයට ලැබෙන්නේ ක්‌ෂුද්‍රජීවී ක්‍රියාකාරීත්වය නිසාය. මස්‌ ආදී සත්ත්ව ආහාර තුලට බී 12 විටමිනය ලැබී ඇත්තේද එම ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය හරහාය. එහෙත් විටමින් බී 12 ශරීරයට ලබා ගත හැකි එකම මාර්ගය ලෙස ප්‍රචලිත වී ඇත්තේ මස්‌ ඇතුඑ සත්ත්ව ආහාර ගැනීමය. ජනප්‍රිය මතය එසේ වුවත් සත්ත්ව ආහාර කිසිවක්‌ නොගන්නා අයට සැළකිය යුතු විටමින් බී 12 ප්‍රමාණයක්‌ හීල් බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට එකතු කර ගත හැකිය.

හීල් බත් උණු බත් වලටත් වඩා පහසුවෙන් දිරවයි

බත් තිරිගු ආදී අනෙකුත් ධාන්‍ය වලට සාපේක්‌ෂව ඉතා හො`දින් ජීරණය වේ. හීල් බත් වල සිදු වන ඉහත කී පැසීමේ ක්‍රියාවලිය නිසා බත්වල ජීරණ හැකියාව තවදුරටත් දියුණු වේ. විශේෂයෙන් ප්‍රොටීන් වල ජීරණ හැකියාව තව දුරටත් ඉහළ නැංවේ.

හීල් බත් ජෛවී ආහාරයකි

ජෛවී ආහාර ආහාරයට ගන්නා සතුන් ආහාර පිස ආහාරයට ගන්නා මිනිසා සහ මිනිසා විසින් ඇති කරන සතුන්ට වඩා බොහෝ නිරෝගීය. විශේෂයෙන්ම එවැනි සතුන්ට විටමින් ඌනතා සහ දියවැඩියාව, ධමනි තුළ කොලෙස්‌ටරෝල් බැදීම, පිළිකා ආදී නිදන්ගත රෝග ඇත්තේම නැති තරම්ය.
එයට හේතු වන්නේ ආහාර පිසීමේදී පිළියෙළ කිරීමේදී සහ අධික ලෙස ශුද්ධ කිරීමේදී ශරීර සෞඛ්‍යයට හිතකර තාපයට සහ අනෙකුත් භෞතික සහ රසායනික සාධකවලට සංවේදී විටමින් වර්ග, එන්සයිම වර්ග, හෝර්මෝන වර්ග සහ ප්‍රතිඔක්‌සිකාරක ආදී යහපත් රසායනික සංයෝග විනාශ වී යාමය. පලතුරු සහ අමුවෙන් ආහාරයට ගත හැකි පලාවර්ග ඇතුඑ එළවඑ අද අතිශයින්ම සෞඛ්‍ය ප්‍රවර්ධනාත්මක ආහාර ලෙස සළකන්නේ ඒවා ජෛවී ලෙස ආහාරයට ගත හැකි බැවිනි. එවිට ඒවායේ ඇති හිතකර සංඝටක කිසිවක්‌ විනාශ නොවී ශරීරයට ලැබේ.
බත් පිසගන්නා ආහාරයක්‌ බැවින් උණු බත් ජෛවීය ආහාරයක්‌ වන්නේ නැත. එහෙත් හීල් බත් අප පෙරදී පෙන්වා දුන් ආකාරයට ක්‌ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය නිසා ජෛවී ආහාරයක්‌ බවට පත් වෙයි. එනම් හීල් බත් ජෛවී ආහාර වල ලක්‌ෂණ සහිත සෞඛ්‍යයට බෙහෙවින්ම හිතකර ආහාරයකි.

හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවේ

හීල් බත් ආහාරයට ගැනීමේදී කිසිම මුදලක්‌ වැය වන්නේ නැත. එබැවින් අප වැනි ආදායම් තත්ත්වය සීමාසහිත රටක ජනතාවට සුදුසුම ආහාරයක්‌ වේ. රාත්‍රී ආහාරයෙන් පසු සෑම ගෙදරකම පාහේ බත් සැළකිය යුතු ප්‍රමාණයක්‌ ඉතුරු වේ. බොහෝ දෙනා කරන්නේ මේ බත් ටික හිත් පිත් නොමැතිව වීසී කර දැමීමය. ආහාර ගන්නට සල්ලි නෑ යෑයි නිතර මැසිවිලි නගන අයගේ කුණු ගොඩවල් පරීක්‌ෂා කළ විට ඒවායේ වැඩිපුරම දැක ගත හැක්‌කේ ආහාරයට නොගෙන ඉවත දමන බත්ය.

විශාල පවුලකට පමණක්‌ උදේට හීල් බත් කෑම සඳහා වැඩිපුර සහල් ටිකක්‌ රාත්‍රියට ලිප තබන්නට සිදු වෙයි. නමුත් එයට පාන් වැනි ආහාරවලට මෙන් මහා මුදලක්‌ වැය වන්නේ නැත. ව්‍යාංජනද බොහෝ විට රාත්‍රියට ඉතුරු වන බැවින් ඒවා සමග හීල් බත් කන්නට හැකිය. හීල් බත් කන්නට අමතරව දෙයක්‌ අවශ්‍ය වූවොත් ඒ පොල් සම්බෝලයක්‌ වැනි පහසුවෙන් සාදා ගත හැකි ආහාරයකි.

හීල් බත් ඉන්ධන අර්බුදයට හොදම විසදුමකි

හීල් බත් කන විට එක වේලකට වැය වන ඉන්ධන ප්‍රමාණයෙන් දෙවේලකටම උයා ගැනීම සිදුවේ. ඉන්ධන ලෙස දර භාවිතා කළත් ගෑස්‌ භාවිතා කළත් විදුලිය භාවිතා කළත් එයින් විශාල ඉන්ධන ඉතිරියක්‌ සිදුවේ.

හීල් බත් අර පිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයකි

හීල් බත් කෑමේදී බත් ඇටයක්‌ හෝ අහක දමන්නට සිදු වන්නේ නැත. බත් අහක දැමීම කොතරම් පාපකර්මයක්‌ දැයි අපේ අම්මලා ආච්චිලා අපට කියා දී ඇත. බත් අහක දැමීමේ පාපයේ බරපතල කම උගන්වන අම්මා මා කුඩා කලදී කියාදුන් කථාන්දරයක්‌ මෙහිදී මට සිහි වෙයි.

එක්‌තරා ගොවි මහතෙකුගේ බිරියක්‌ ඉතාම අරපිරිමැස්‌මෙන් කටයුතු කරන්නීය. ඇය බත් ඇටයක්‌ වත් අහක දමන්නේ නැත. එහෙත් දිනක්‌ ඇය බත් උයද්දී බත් හැලිය පෙන දමමින් උතුරන විට එක්‌ බත් ඇටයක්‌ ලිප් ගල මතට වීසි වී ඇත. එය දුටු ඇය ඉරටුවක්‌ රැගෙන එම බත් ඇටයද ආපසු බත් හැලියට අරගෙන දමන්නට උත්සාහ කළේය. නමුත් ඇයට ආපසු ගත හැකි වූයේ බත් ඇටයෙන් භාගයක්‌ පමණි. අනෙක්‌ බත් ඇට භාගය ලිපට වැටී පිලිස්‌සී ගියේය. මේ පිළිබදව දුකෙන් පසුවූ එම ගෙවිලිය රෝගාතුරව මිය ගියාය.

එසේ මියගොස්‌ බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට එළදෙනක්‌ වී ගොවි මහතාගේ හරක්‌ පට්‌ටියේම උපන්නාය. ඒ අතර ගොවි මහතා වෙනත් විවාහයක්‌ කර ගත්තේය. අලුත ගෙනා බිරිද කිසිම අර පිරිමැස්‌මක්‌ නැතිව බත් හැලි පිටින් අහක වීසි කරන්නට වූවාය.

කාලයාගේ ඇවෑමෙන් එළදෙනද මිය ගිය අතර ගොවි මහතා එළදෙනගේ අං තට්‌ටුව සහිත හිස්‌ කබල බුලත් කොටුවේ කණුවක ගසා තැබුවේය. ගොවි මහතාගේ දෙවන බිරිය බත් අහක දමන ආකාරය බුලත් කොටුවේ සිට දුටු මියගිය එළදෙනගේ හිස්‌ කබලට පවා සිනා පහළ වූයේ “මා බත් ඇට භාගයක්‌ අහක දැමීමේ පාපයට මේ සා සාපයකට ගොදුරු වූවා නම් මේ තරම් බත් අහක දමන මේ ගැහැණියට යන්නට අපායක්‌වත් තියෙනවාද?” කියා සිතීමෙනි.

අපට මෙම කථාව මෙහිදී කියන්නට සිදු වූයේ අද බොහෝ ගෘහණියන් බත් වීසි කිරීම කොතරම් අපරාධයක්‌ දැයි නොසිතා බත් විසි කිරීමේ මහා අපරාධය කරන නිසාය. හීල් බත් කෑමෙන් එම අපරාධය සහමුලින්ම වළකා ගත හැකිය. එය අරපිරිමැස්‌ම පිළිබද විශිෂ්ට ආදර්ශයක්‌ වේ.

හීල් බත් බෙහෙවින්ම පරිසර හිතකාමී ආහාරයකි

හීල් බත් කෑමේදී විශාල වශයෙන් ගෘහස්‌ථ ඉන්ධන පරිභෝජනය අඩු කළ හැකි බව ඉහතින් විස්‌තර කරන ලදී. ඉන්ධන දහනයේදී සිදුවන පරිසර දූෂණයද එමගින් අඩු වේ. එසේම දර සහ අනෙකුත් ඉන්ධන වැඩිපුර භාවිතා කරන විට ගස්‌ වැල් ඇතුඑ ස්‌වභාවික පරිසරය විනාශ වේ. ඒ අනුව ඉන්ධන භාවිතය පරිසරයට ඔරොත්තු දෙන මට්‌ටමින් තබා ගැනීමට හීල් බත් කෑම බෙහෙවින්ම උපකාරී වෙයි.

හීල් බත් උදෑසන ගෙදර යුද්ධයට හොදම විසදුමකි

බොහෝ නිවෙස්‌වල උදෑසනට අවදි වූ විට ඇත්තේ එකම යුද්ධයකි. ඒ දරුවන් පාසල් යෑවීමට කලින් කෑම දීම සදහා උයා පිහා ගැනීමටය. දෙමව්පිය වැඩිහිටියන් වැඩට යන්නේ නම් යුද්ධය දෙගුණ තෙගුණ වේ. උදේ නිවසෙන් පිටත්වෙන්නට කලින් උදෑසන උයන ආහාරය කා පිටත්වීම සදහා උදේට උයන්නට පැය එකහමාරක්‌ දෙකක්‌ කළින් අවදි වන්නට සිදු වෙයි. එසේ කළ නොහැකි බොහෝ දෙනා ක්‌ෂණික, කෘත්‍රීම කෑම මුදලාලිලාගේ දංගෙඩියට අසු වී ඇත. එහෙත් උදෑසන ගෙදර යුද්ධය අවම කර ගැනීමටත් ක්‌ෂණික කෑම මුදලාලිලාගෙන් බේරෙන්නටත් ඇති හොදම විසදුම උදේ ආහාරය ලෙස හීල් බත් කෑමයි.

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කරයි

හීල් බත් පවුලේ මානසික සහ ආධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට බෙහෙවින්ම දායක වේ. එයට හේතු රාශියක්‌ම පවතියි. හීල්බත් වල බී විටමින් ප්‍රමාණය වැඩි නිසා ස්‌නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට ඉවහල් වේ. ඒ තුළින් හො`ද ක්‍රියාශීලී මනසක්‌ද ඇති වේ. හීල් බත් කන්නට කිසිම මුදලක්‌ වැය නොවන නිසා ආහාරවලට යන වියදම බොහෝ දුරට අඩු කර ගත හැකිය.

හීල් බත් දීර්ඝායු ලබාදීමට හේතු වේ

ඉහත විස්‌තර කරන ලද කරුණුවලින් ඔබට පෙනී යන්නේ හීල් බත් වල පෝෂණීය ගුණය මෙන්ම ඖෂධීය ගුණයද ඉහළ බවය. එනම් ඒ තුළින් ලෙඩ රෝග ඇති වීමේ අවදානම අඩු වී කායික සෞඛ්‍යය ප්‍රවර්ධනය වීම සිදුවේ. එසේම හීල් බත් ඉහතින් විස්‌තර කළ ආකාරයට මානසික සහ අධ්‍යාත්මික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමටද ඉවහල් වේ. එසේ කායික මානසික අධ්‍යාත්මික සෞඛ්‍යය හීල් බත් කෑම තුළින් දියුණු වන විට දීර්ඝායු ලැබීම නියත ලෙසම සිදු වේ.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි.| Lanka Lead News වෙත එක් කළ ලිපියක් ඇසුරෙනි 

Posted On Monday, 02 November 2020 03:51 Written by


------------------------------------------
ඒ 1916 අවුරුද්දේ ගිම්හාන කාලයයි. ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ කින්ග්ස්පෝට් නම් කුඩා නගරයට එය සුවිශේෂී ගිම්හාන කාලයක් විය. ඒ Sparks World Famous Shows නම් වූ සර්කස් කණ්ඩායම ඒ නගරයට පැමිණ උන් නිසාය.
Sparks World Famous Shows එකල ඇමරිකාවේ ප්‍රසිද්ධියක් ඉසිලූ ජංගම සර්කස් කණ්ඩායමකි. විසල් ලොරි රථ පහලොවකින් තැනින් තැනට සංචාරය කෙරුණු මේ සර්කස් කණ්ඩායමේ, විකටයින්, කරණම් ශිල්පීන් මෙන්ම විවිධ සතුන්ද සිටියහ. මේ සියලු සර්කස් ශිල්පීන් අතරින් ප්‍රෙක්ෂකයින්ගේ වැඩිම ආකර්ශනය දිනාගත් තරුව වූයේ “බිග් මේරි” නම් වූ දැවැන්ත සර්කස් ඇතින්නයි. ජම්බෝ නම් වූ ප්‍රසිද්ධ අලියාටත් වඩා මේරි උසින් අගල් තුනක් වැඩි බව, සර්කස් කණ්ඩායමේ හිමිකරු වූ චාර්ලි ස්පාර්ක්ස් නිතරම කීවේය. ඔහුට අනුව නම් මේරි “ඒ වන විට මිහිමත සිටින විශාලතම සත්වයාය.”
ඉතින් 1916 ගිම්හාන කාලයේදී, මේ සර්කස් කණ්ඩායම කින්ග්ස්පෝට් නගරයට එන විට, මේ දැවැන්ත සත්වයාව නරඹන්නට පාර දෙපස සෙනග එක්රැස් වී සිටියහ.
මේරි බෙහෙවින් කීකරු, හීලෑ ඇතින්නියක වූවාය. සන්සුන්ව පාරේ යමින් උන් මේරිගේ අවධානය එක්වරම වෙනතකට ඇදිණ. ඒ පාර අයිනේ වැටී තිබුණු කොමඩු පොත්තක් දෙසටය. යමින් උන් ගමන නැවැත්වූ මේරි, ඒ මිහිරි රසැති පළතුර අහුලා ගන්නට පාරෙන් ඉවතට හැරුණාය.
ඇගේ පිට මත උන් ඇත් ගොව්වාට ඇයව නැවතත් පාරට හරවා ගන්නට උවමනා විය.
මේරි ඉතා කීකරු ඇතින්නක් වුවද, එදා ඇගේ පිටමත උන් ඇත් ගොව්වා, ඇයට හුරු පුරුදු කෙනෙකු නොවීය. රෙඩ් ඒල්ඩ්රිජ් නම් වූ ඔහු අලි ඇතුන් මෙහෙයවීම ගැන කිසිදු දෙයක් දැන සිටියේ නැත. වෙනකක් තබා, හෝටල් සේවකයෙකු ලෙස රැකියාව කරමින් උන් ඔහු, ඇත්ගොව්වෙකු ලෙස රැකියාව පටන් ගත්තේද මේ කියන දවසට දින දෙකකට පෙරය.
පාරෙන් ඉවතට ඇදෙන ඇතින්නව, යළිත් පාරට හරවා ගන්නට කුමක් කළ යුතුදැයි සිතාගන්නට නොහැකි වූ මේ ඇත් ගොව්වා කලේ ඔහු අත තිබුණු තියුණු හෙණ්ඩුවෙන් ඇතින්නගේ කන පිටුපසට ඇනීමය.
ඕනෑවටත් වඩා වැරෙන් වැදුණු හෙණ්ඩුවේ පහරින් මේරිට දැඩි වේදනාවක් දැනිණ. ඇගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියේය. වේදනාවෙන් මුසපත් වුණු මේරි අතින් ඊලගට සිදුවූයේ ඇගේම දෛවය කණපිට හරවන අවාසනාවන්ත ක්‍රියාවකි.
මේරි තම හොඩවැල පිට දෙසට දිගු කර, පිටේ උන් ඇත්ගොව්වාව හොඩින් අල්ලා ගත්තාය. ඉන්පසු ඔහුව වැරෙන් පොළවේ ගැසුවාය. භීතියෙන් ත්‍රස්ත වූ මිනිසුන් දහස් ගණනකගේ නෙත් ඉදිරිපිටදීම, බිම වැටී උන් ඇත් ගොව්වාගේ හිස්කබල පයින් පාගා චප්ප කළාය.
ඇත්ගොව්වා එතැනම මිය ගියේය.
එහෙත් කතාව එතැනින් නිම වූයේ නැත.
ඒ බිහිසුණු සිදුවීම ඇසින් දුටු මිනිසුන් සිය දහස් ගණනක් උන්හ. ඒ සියල්ලන්ම එක හඩින් ඉල්ලුවේ එකම දෙයකි.
“ඌව මරලා දාන්න.! ඌව මරලා දාන්න.!”
එතැන උන් මිනිසෙකු මේ ඇතින්නට කිහිප විටක්ම වෙඩි තැබුවේය. එහෙත් වෙඩි උණ්ඩයට ඇගේ සම පසාරු කරගෙන යන්නට පුළුවන් වූයේ නැත.
හෙණ්ඩුවෙන් ඇනීමෙන් ලද වේදනාව කෙමෙන් මැකී යත්ම මේරිද ක්‍රම ක්‍රමයෙන් සන්සුන් වූවාය. එයින් පසුව මේරිගෙන් කිසිම කෙනෙකුට හිංසාවක් සිදුවූයේත් නැත. එහෙත් මේරිට සමාව දෙන්නට නගරවැසියෝ කැමති නොවූහ. ඔවුන් දිගින් දිගටම බලධාරීන්ට බල කරමින් කියා සිටියේ මේරිව මරා දැමිය යුතු බවය.
පළපුරුද්දක් නැති ඇත් ගොව්වෙකු සේවයේ යෙදවීම හේතුවෙන් සර්කස් කණ්ඩායමේ හිමිකරුටත් චෝදනා එල්ල විය.
කෙසේ වුවත් සර්කස් කණ්ඩායමේ පාලකයින් හා පුහුණු කරුවන් මේරිට ඒ හැටි කරුණාවන්ත වූ හාම්පුතුන් නොවූහ. වරින් වර නපුරු හිංසාවන්ට මුහුණ දෙන්නටත්, හීලෑ සත්වයෙකුට ලැබිය යුතු සැප පහසුකම් නැති කටුක ජීවිතයක් දරා ගන්නටත් මේරිට සිදුවී තිබිණ. එකල සර්කස් කණ්ඩායමක සතුන්ට සැලකුවේත්, වහල්කමටම උපන් සතුන්ට මෙන් පහත් අන්දමිනි.
මේ කාරණාවන් සාධාරණ ඇසකින් දකින්නට තරම් හැකියාවක් කින්ග්ස්පෝර්ට් නගරයේ වැසියන්ට තිබුණේ නැත. ඔවුන් දිගින් දිගටම ඉල්ලා සිටියේ මේරිගේ වරදට මරණ දඩුවම ලබා දෙන්නැයි කියාය. සර්කස් සන්දර්ශනය පවත්වනවා වෙනුවට, නඩු විභාගයකින් තොරවම මේරිව ප්‍රසිද්ධියේ එල්ලා මරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
කෙමෙන් වැඩෙන මහජන විරෝධය හේතුවෙන් චාර්ලි ස්පාර්ක්ස් ගේ සර්කස් ව්‍යාපාරය නැත්තට නැති වෙන තැනට වැඩ සැලසී තිබිණ. ඒ නිසාම ඔහු මේරිව නගරයේ බලධාරීන්ට බාර දුන්නේය. අන්තිමේදී නගර වැසියන්ගේ ඉල්ලීමට එකග වන්නට නගරයේ පාලකයින්ට සිදු විය. මේරිව එල්ලා මරන්නට තීන්දු කෙරිණ.
බිග් මේරි නමින් ප්‍රසිද්ධව උන් මේ ආසියානු ඇතින්න ඒ වන විට මිනිසුන් විසින් හදුන්වනු ලැබුුවේ “මිනීමරු මේරි” යන නමිනි. ඉතින් “මිනීමරු මේරි”ව ටෙනෙසි ප්‍රාන්තයේම එර්වින් නම් නගරයේ දුම්රිය අංගනයක් වෙත ප්‍රවාහනය කරන ලදී.
ඇයව එල්ලා මරන අන්දම සියැසින් දැක ගන්නට පිරිමින් ගැහැණුන් මෙන්ම කුඩා ළමුන්ද දස දහස් ගණනක් ඒ දුම්රිය අංගනය වටා රැස්ව උන්හ. සැබවින්ම, ඒ එල්ලා මැරීමද “ප්‍රසිද්ධියේ කෙරෙන ඝාතනයක්” යැයි කිවහොත් වැරදි නැත.
ටොන් පහක් බරැති මේ දැවැන්ත සත්වයාව එල්ලා මැරීම පහසු කාර්යයක් නොවීය.
එහෙත් නගර වැසියෝ තමන්ගේ “ප්‍රශ්නයට” විසදුමක් සොයා ගත්හ. ටොන් සියයේ දුම්රිිය මැදිරි ඔසවන දොඹකරයකට යෝධ දම්වැලක් අමුුණා සදා ගත් තාවකාලික තොණ්ඩුවකින් මේරිව එල්ලා මරන්නට සූදානම් කෙරිණ.
අකාලයේ වැහි වැටුණු, අන්ධකාර දිනයක් වුණු එදා, 1916 සැප්තැම්බර් 13 වැනිදා, ඒ තාවකාලික තොණ්ඩුවෙන් මේරිව එල්ලන්නට යාමේදීි සිදුවූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවුණු සිදුවීිමකි.
තමන්ගේ ගෙල වටා දම්වැල් තොණ්ඩුව පලදවද්දී මේරි බෙහෙවින් සන්සුන්ව උන්නාය. වෙනදාටත් සර්කස් සන්දර්ශනයකට පෙර දම්වැල් පැලදවීම කෙරෙන නිසා ඇය සිතන්නට ඇත්තේ අදත් ඇයට පැවරෙන්නේ එවැනි රාජකාරියකැයි කියාය. එහෙත් දැවැන්ත දොඹකරයේ බැදුණු තොණ්ඩුවෙන් තම සිිරුර කෙමෙන් ඉහළට ඇදෙන විට මේරි බියපත් වූවාය.
මරණය සිතූ තරම් පහසුවෙන් මේරි වෙත ලගා වූයේ නැත. මේරිගේ බරට ඔරොත්තු නොදුන් තොණ්ඩුව කඩා වැටිණ. මේරිගේ දැවැන්ත සිරුර බිම පතිත විය. ඇගේ කොදු ඇට පෙළ බිදී ගිියේය. මේරි වේදනාවෙන් විලාප තියන්නට වූවාය. ඇගේ විලාප හඩ ඇසුවන්ගේ හද කම්පා කරවන සුලු එකක් වීය. කොදු ඇට පෙළ බිදී ගිය මේරි, අසරණ සාවියක මෙන් බිම වැතිරීි උන්නාය. නරඹන්නෝ නිරුත්තරව බලා සිටියහ.
මේරිව එල්ලා මරන කාර්යය භාරව උන් අය දම්වැලින් ගෙතූ දැවැන්ත කඹයකිින් නැවතත් තොණ්ඩුවක් තනා ගත්හ. මෙවර නම් ඔවුන්ගේ උත්සාහය වැරදී ගියේ නැත. මිනිසුන් දහස් ගණනක් තම සර්කස් රංගනයන්ගෙන් පිනවූ මේරි, දහස් ගණනක් වූ අකාරුණික මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටදීම අවසන් හුුස්ම හෙළුවාය.
පැමිණ උන් සෙනග විසිර ගිය පසුව, මියගිය මේරිගේ සිරුර ඒ දුම්රිය අංගනයේම තැනක මිහිදන් කෙරිණ. ඒ සොහොන කොතැනදැයි ලකුණු කර නොතබන්නටත්, ඒ ගැන කතාබහ හිතා මතාම යටපත් කරන්නටත් නගරයේ බලධාරීහු කටයුුතු කළහ.
මේරිගේ මරණය සිදුවී සිය වසරක් ඉක්ම ගොස් ඇතත්, මේරි නම් වූ ඇතින්නගේ මරණය අදටත් එර්වින් නගරයට ලැජ්ජාවකි.
“මේ ඇතින්නක් එල්ලා මරා දැමූ මිනිසුන් ඉන්න නගරයදැයි” සංචාරකයින් විමසන විට නගරවැසියන් පත් වෙන්නේ මහත් අපහසුතාවයකටය.
මේ වරද නිවැරදි කරන්නටදෝ වර්තමානයේ මේ නගරවැසියෝ වාර්ෂිිකව සල්පිලක් පවත්වමින් “ෆයිබර්ග්ලාස්” වලින් තැනූු ඇත් රු විකුණති. ඒ ඇත් රූ විකුණා ලැබෙන මුදල ටෙනෙසි හි හෝහෙන්වෝල්ඩ් අලි අනාථාගාරයට පරිත්‍යාග කරති.
එහෙත් ඔවුන් කළ අපරාධයට වන්දි ගෙවන්නට එය ප්‍රමාණවත් වේදැයි දන්නේ දෙවියන්ම පමණකි.
නිම්මි මුදිතා හේරත්.
සති අග අරුණ

Posted On Sunday, 01 November 2020 13:19 Written by


විවිධ කාල වකවානු තුළ ලෝකයේ නිමක් නැති උණුසුම් පුවත් නිර්මාණය වීම ඉතාමත් සුලභ කාරණයකි. එලෙස ලෝකය උඩුයටිකුරු කරන පුවත් නිර්මාණය කරන පුවත් උල්පතක් බඳු වන්නේ විද්‍යා ක්ෂේත‍්‍රයයි. නව සොයාගැනීම් හා ඊට අදාළ පර්යේෂණ හා ගවේෂණයන් කියාපාන්නේ අනාගත ලෝකයට විවර වන මං පෙත්ය. මෙලෙස මෙම සතියේ බීබීසී, අල්ජසීරා, නේචර් වැනි ලොව පුරා තිබෙන බොහෝ සුප‍්‍රසිද්ධ මාධ්‍ය ආයතනයන්ගේ උණුසුම්ම පුවත වූයේ ”සඳ මතුපිටින් ජලය සොයාගනියි” යන පුවතයි. අභ්‍යවකාශ ගවේෂණය ලොව ආරම්භ වූ දා සිට මිනිසාගේ තිබූ මූලිකම අරමුණක් වන්නේ සඳෙහි ජලය පවතිනවාද? නැත්ද? යන්න සොයාගැනීමයි. කාලෙන් කාලයට පුවත් මවන මේ කාරණය මෙවර සත්‍ය වේද? එම කාරණය සත්‍ය වූවා නම් ඒ කුමන පර්යේෂණයක ප‍්‍රතිඵලයක්ද? අද අපි විමසමු ඒ ගැන.

චන්ද්‍රයා මතුපිට ජලය සොයායෑමේ පරීක්ෂණය 20 වන සියවස දියත් කෙරුණු ඇපලෝ වැඩසටහන දක්වා විහිදී යයි. ධ‍්‍රැවීය චන්ද්‍ර ආවාටවල අයිස් ඇතිවීමේ හැකියාව මුලින්ම යෝජනා කළේ 1961 දී කැල්ටෙක් පර්යේෂකයන් විසිනි. ඇපලෝ ගගනගාමීන් විසින් එකතු කරන ලද චන්ද්‍ර පාෂාණ සාම්පලවල හෝඩුවාවක් සොයා ගත හැකි වුවද, මෙම සාම්පල අපවිත‍්‍ර වීම හේතුවෙන් කරන ලද පර්යේෂණයන් අසාර්ථක විය. 1971 ඇපලෝ 14 යානය ගොඩ බෑ ස්ථානයෙන් ලැබූ සාක්ෂි අනුව සඳ හි ඇති ජලය ගැන මුල්ම හෝඩුවාව ලැබූ අතර 1978 සෝවියට් රුසියාවෙන් දියත් කෙරුණු ලූනා 24 යානයෙන් සඳෙහි ජලය ඇති බව නිශ්චිතව ප‍්‍රකාශයක් නිකුත් විය. ඉන් අනතුරුව චන්ද්‍රයා මත ඇති ජලය ගැන ප‍්‍රකාශ නිකුත් වුවත් 21 වන සියවස වන විට මෙම මාතෘකාවට නැවතත් උණුසුම් මුහුණතක් ලබා දීමට ඉන්දියාවේ අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට (ISRO) මගින් චන්ද්‍රයා වෙත දියත් කෙරුණු චන්ද්‍රයාන් 1 යානය සමත් වන අතර යානයේ ඇති උපකරණ මගින් ලබා ගත් දත්ත අනුව සඳ මත අයිස් වූ ජලය ඇති බවට අනාවරණය කරගැනීමට හැකිවන අතර 2010 මාර්තු මාසයේදී චන්ද්‍රයාන් 1 යානයේ සිටි මිනි-එස්. ඒ. ආර් සඳෙහි උතුරු ධ‍්‍රැවය අසල ස්ථිරවම අඳුරු වූ ආවාට 40 කට වැඩි ප‍්‍රමාණයක් සොයාගෙන ඇති බව වාර්තා වන අතර ඒවා හි ඇස්තමේන්තු කර ඇති පරිදි මෙටි‍්‍රක් ටොන් මිලියන 600 ක් පමණ ජල අයිස් අඩංගු වනවා. මෙම සොයාගැනීම කෙරෙහි බොහෝ දෙනා විවිධ විවේචනයන් හා අදහස් ඉදිරිපත් විය. නමුත් මෙවැනි විද්‍යාත්මක සොයාගැනීම් හි සැලකිය යුතු හෝ නිමාවක් දකින්නේ තව තවත් පර්යේෂණ කරමින් සිදුකරගන්නා ලද නිශ්චිත තහවුරු කරගැනීම් වලින් පමණි.

අභ්‍යවකාශ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ වෙනසක් ඇති කරමින් අධෝරක්ත නිරීක්ෂණ ගුවන් යානා භාවිත කරමින් අභ්‍යවකාශය නිරීක්ෂණය කිරීමේ තාක්ෂණය පළමු වරට භාවිතා කරන ලද්දේ 1965 වසරේ දීය. නාසා ආයතනයේ ව්‍යාපෘතියක් වූ මෙය සිකුරු ග‍්‍රහයා නිරීක්ෂණය කිරීම සඳහා උපයෝගී කරගත් අතර 1969 දී දුරේක්ෂයක්ද ගුවන් යානයක සවිකිරීමේ කුයිපර් ව්‍යාපෘතිය ඇරඹිණි. එහි මූලික අරමුණ වූයේ වායුගෝලයේ ජල-වාෂ්ප අවශෝෂණය අවම කරමින් අධෝරක්ත කිරණ උපයෝගී කරගනිමින් අභ්‍යවකාශ ගවේෂණයයි. 1975 වසර වන විට වැඩ අවසන් වූ මෙම ව්‍යාපෘතියෙන් යුරේනස් ග‍්‍රහලෝකය වටා ඇති මුදු පද්ධතිය සොයා ගැනීම ඇතුළු විද්‍යාත්මක අධ්‍යයන රැසකට මෙම දුරේක්ෂය ඉවහල් විය. අනතුරුව කුයිපර් ව්‍යාපෘතියේ දිගුවක් ලෙස ඇමරිකාවේ නාසා ආයතනයේ 80% ක මූල්‍ය දායකත්වයෙන් හා ජර්මානු ගුවන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (DLR) 20% මූල්‍ය දායකත්වයෙන් මෙන්ම විශ්වවිද්‍යාල අභ්‍යවකාශ පර්යේෂණ සංගමයට (USRA) එකතුවෙන් අධෝරක්ත තාරකා විද්‍යාව සඳහා වූ නිරීක්ෂණාගාරය වන සොෆියා (SOFIA) ව්‍යාපෘතිය ඇරඹි අතර බෝයිං 747 වර්ගයේ නවීකරණය කෙරුණු ගුවන් යානයක් තුළ ඇති නිරීක්ෂණාගාරය සමගින් තම මංගල පර්යේෂණ චාරිකාව 2010 වසරේ දී ආරම්භ කරන ලදී. මුල් කාලයේ චන්ද්‍රයා ගවේෂණය නොකළ අතර කළු කුහර, තරු පොකුරු සහ මන්දාකිණි වැනි අභ්‍යවකාශ වස්තූන් අධ්‍යන කෙරූ සෝෆියාගේ අවධානය සඳ වෙත යොමු වූයේ 2018 අගෝස්තු මාසයේදීය.

https://sannasa.org/26d74858-5dac-4f76-8679-29dbdc9ff536" width="325" height="155">

අඩි 45,000 ක් පමණ උන්නතාංශයක පියාසර කරමින් අඟල් 106 ක විෂ්කම්භයකින් යුත් දුරේක්ෂයක් සහිත මෙම නවීකරණය කරන ලද බෝයිං 747 ජෙට්ලයිනර් ගුවන් යානය අධෝරක්ත කිරණ යවමින් විශ්වය පිළිබඳ පැහැදිලි දර්ශනයක් ලබා ගැනීම සඳහා පෘථිවි වායුගෝලයේ ජල වාෂ්පයෙන් 99% ට වඩා ළඟා වේ. සොෆියා දුරේක්ෂ සඳහා එහි අධෝරක්ත කැමරාව භාවිතා කරමින් ජල අණු වලට ආවේණික වූ නිශ්චිත තරංග ආයාමයක් ලබා ගැනීමට හැකි වූ අතර හොඳින් හිරු එළිය වැටෙන ක්ලැවියස් ආවාටය තුළින් ජලය කුඩා ප‍්‍රමාණයක් සොයාගන්නා ලදී. මෙම සොයා ගැනීම පෙන්නුම් කරන්නේ ජලය චන්ද්‍ර පෘෂ්ඨයේ සීතල, සෙවනැලි ස්ථානවලට පමණක් සීමා නොවන බවයි.

මෙහිදී සොෆියා විසින් අනාවරණය කරගත් ජලයට වඩා 100 ගුණයක් සහරා කාන්තාරයේ පසෙහි ජල ඇති අතර මෙපමණ කුඩා ප‍්‍රමාණයක් තිබියදීත්, මෙම සොයා ගැනීම මඟින් ජලය නිර්මාණය වන්නේ කෙසේද සහ එය රළු, වාතය රහිත චන්ද්‍ර පෘෂ්ඨය මත පවතින්නේ කෙසේද යන්න පිළිබඳව නව ප‍්‍රශ්නයක් මතු කරයි. එමෙන්ම සඳෙහි පෘෂ්ඨය පිළිබඳ පූර්ව නිරීක්ෂණ මගින් යම් ආකාරයක හයිඩ‍්‍රජන් වර්ගයක් අනාවරණය වූ නමුත් ජලය හා එහි සමීප රසායනික වර්ගයක් වන හයිඩ්‍රොක්සයිල් (OH) අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි විය. මෙම ස්ථානයෙන් ලබාගත් දත්ත වලින් හෙළි වන්නේ මිලියනයකට කොටස් 100 ත් 412 ත් අතර සාන්ද්‍රණයක ජලය (දළ වශයෙන් අවුන්ස 12 ක වතුර බෝතලයකට සමානයි.) චන්ද්‍ර පෘෂ්ඨය පුරා පැතිර ඇති පස් කියුබික් මීටරයක සිරවී ඇති බවයි. එහි ප‍්‍රතිඵලය නේචර් තාරකා විද්‍යාවේ නවතම කලාපයේ ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම ජලය චන්ද්‍රයා තුළ නිර්මාණය වීමට හේතු සාධක රැසක් තිබිය හැකිය. චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කා මගින් මේ ජලය රැගෙන ආවා විය හැක. එසේත් නොමැති නම් සූර්ය සුළඟ මගින් ගෙන එන හයිඩ‍්‍රජන් හා චන්ද්‍ර පෘෂ්ඨයේ ඇති ඔක්සිජන් යන ඛනිජයන් එකිනෙක රසායනික ප‍්‍රතික‍්‍රියාවක් සිදු කර හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ජලය නිර්මාණය විය හැක. තවද චන්ද්‍රයා මතට ඇද හැළෙන උල්කාවන්ගේ විකිරණ මගින් හයිඩ්‍රොක්සයිල් නිර්මාණය වීම තුළින් ද ජලය නිර්මාණය විය හැක.

”ජලය විද්‍යාත්මක අරමුණු සඳහා මෙන්ම අපගේ ගවේෂකයන්ගේ භාවිතය සඳහා ද වටිනා සම්පතක්” යැයි නාසා හි මානව ගවේෂණ හා මෙහෙයුම් දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ප‍්‍රධාන ගවේෂණ විද්‍යාඥ ජේකොබ් බ්ලීචර් මහතා පැවසි අතර තවදුරටත් ඔහු පැවසුයේ. ‘‘අපට සඳෙහි ඇති සම්පත් භාවිතා කළ හැකි නම්, නව විද්‍යාත්මක සොයාගැනීම් සක‍්‍රීය කිරීම සඳහා අපට අඩු ජලය සහ තවත් උපකරණ රැගෙන යා හැකිය.” යන්නයි.

ඇත්ත වශයෙන්ම ජලය යනු අප ජීවත් වන ලෝකයට අත්‍යවශ්‍යම සම්පතක් එය අභ්‍යවකාශයට ද වලංගු වේ. සම්පතක් ලෙස සොෆියා සොයාගත් ජලය පහසුවෙන් භාවිතයට ගත හැකිද යන්න තීරණය කළ යුතුව ඇත. නාසා හි ආටෙමිස් වැඩසටහන යටතේ, 2024 මේ පිළිබඳ ගවේෂණයට මිනිසුන් චන්ද්‍ර පෘෂ්ඨයට යැවීමට සූදානම් අතර, එහි අවසානය ඉලක්කය වන්නේ තිරසාර මානව පැවැත්මක් ඇති කිරීමටත් පෙර සඳ මත ජලය තිබීම පිළිබඳව හැකි සෑම දෙයක්ම ඉගෙන ගැනීමයි. මේ සොයාගැනීමත් සමගම ඉදිරියේදී සඳේ ජනාවාස ඇතිවේවිද, මන්ද යත් ජලය යනු මිනිසාගේ මූලික පැවැත්මට වුවමනා වන සාධකයකි. මෙම සොයාගැනීමේ සත්‍ය අසත්‍යතාව ගැන තීරණය කිරීමට අපට තවත් කලක් බලා සිටීමට සිදුවේ.


මතීෂ සේනානායක / ආර්.ජේ. 
: www.nasa.gov/ www.bbc.com වෙබ් පිටුව භාවිතයෙන්

Posted On Sunday, 01 November 2020 10:47 Written by

ඉන්දියාව අඩුම වියදමකින් බලශක්තිය නිපදවන පියවරකට අවතීර්ණ වී තිබේ. එය රට විශාල ආර්ථිකයට සෑහෙන වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර ඇත. පොසිල ඉන්ධන දහනය කර ධන හානිය හා පරිසර විනාශය අඩුවන බවද පර්යේෂකයෝ පෙන්වා දෙති. බලශක්තිය නිපදවන රාමුව වෙනස් කර තිබේ. සූර්ය තාපය එහි පදනමයි. හිරු එළිය උපයෝගී කරගෙන විදුලි බලය නිපදවන ව්‍යාපෘති හෙයින් අලුත් රැකියා අවස්ථා විශාල ප‍්‍රමාණයක් බිහි වී තිබේ. එම රක්ෂා පරිසර හිතකාමී බව විශේෂයෙන් වාර්තා කරන කරුණකි. මහා පරිමාණ ආයෝජන අංශ ගණනාවක්ද ඉන්දියාවට ලැබී ඇති අතර ඒවා සියල්ල සූර්ය තාපය උපයෝගී කරගෙන බලශක්තිය නිපදවන ව්‍යාපෘති බව සඳහන් කරන්නට අවශ්‍යය.

ඉන්දීය වාර්තා දක්වන අන්දමට 2018 වසරේ සිට 2019 කාලය තුළ සූර්ය තාපයෙන්  විදුලිය නිපදවීමට වැයවන මුදල සියයට විසි හතකින් අඩු වී තිබේ. එය ලෝකයේ අඩුම වියදමකින් කරන නිෂ්පාදනයකි. ඉන්දියාවේ ඉඩම් මිල ඉහළය. ශ‍්‍රමයට ගෙවන මුදල ද සාපේක්ෂව වැඩි බව ප‍්‍රකාශ වෙයි. එහෙත් සූර්ය තාපයෙන් විදුලිය නිපදවන තාක්ෂණය මිල අඩුවෙමින් තිබේ. එහි වාසිය ඉන්දියාව ලබා ගෙන ඇත. බැටරි මගින් විදුලිය ගබඩා කරන අවස්ථාද වේගයෙන් නිර්මාණය වනු ඇතැයි සැලකේ.

තොරතුරු දක්වන අන්දමට ලෝකයේ සූර්ය බලය භාවිතාවට නැඹුරුව වැඩිම කලාපය ආසියාවයි. චීනය, ජපානය හා ඉන්දියාව එහි පෙරමුණ ගෙන තිබේ. 2019 වසරේ මෙම කලාපයේ සූර්ය බලය භාවිතය පමණක් සියයට විසි හතරකින් වර්ධනය වී ඇත. එය ආසියාව පරිසරයට දක්වන කාරුණික භාවය සම්බන්ධයෙන් සංකේතයකි.   

ඉන්දියාවේ බලශක්ති භාවිතාව වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. අධික ජනගහනය හා එරට ආර්ථික වර්ධනය සමග විශාල ජන කොටසක ගේ ආර්ථිකය ඉහළට එසැවීම හෙයින් විදුලි පරිභෝජනය වැඩි වී ඇත. ඇස්තමේන්තු අනුව වාර්ෂික ඉල්ලුම සියයට එකොළහකින්ය. එරට ප‍්‍රාථමික බලශක්ති භාවිතය දැනට පවතින තත්ත්වයට වඩා සියයට 156 කින් වසර 2040 වන විට වැඩිවීමක් අපේක්ෂා කර තිබේ. මෙම උවමනාවන්ට අවශ්‍ය තරමට විදුලිය නිපදවීම ගැටලු සහගතය. දැවිතෙල්, ගල්අඟුරු හෝ වෙනත් ක‍්‍රම මගින් විදුලිය නිපදවීමට විශාල ආයෝජනයක් අවශ්‍යය. සූර්ය තාපය වෙනුවෙන් කරන ආයෝජනය දිනෙන් දින අඩුවෙන කාරණය එරට අවශ්‍යතාවයන්ට ගැලපෙන එකක් වී ඇත. ඉන්දියාවේ අඩානි හරිත බලශක්ති ආයතනය වසර 2025 වන විට සූර්ය තාපයෙන් විදුලිය නිපදවන දැවැන්ත බලාගාරයක් ඉදිකරන කොන්ත‍්‍රාත්තුවකට අත්සන් කර ඇත. එය ඇමරිකානු ඩොලර් බිලියන හය ඉක්මවයි. ලෝකයේ දැනට වාර්තා වන දැවැන්ත ආයෝජනයකි. බලශක්තියට ගෙවන වියදම අඩුවීම විශාල පරිවර්තනයක පළමු පියවර වනු ඇත. විදුලිය මිල අඩුවන විට සෑම කර්මාන්ත හා සේවා අංශයකම පිරිවැය පහත වැටේ. නිෂ්පාදන වල මිල අඩුවෙයි. පාරිභෝගිකයන්ට වාසියකි. අපනයනයට ඉතා වාසිදායක තත්ත්වයකි. අනාගතයේ දී ජාත්‍යන්තර වෙළඳ පොළ ජය ගැනීමට ඉන්දියාවට හේතුවක් වනු නිසැකය. 

ලෝකයේ සිදුවන මෙවැනි පරිවර්තන ශ‍්‍රී ලංකාවට බලපාන අන්දම ගැන සැලකිල්ල යොමු කළ යුතුය. සූර්ය තාපයෙන් විදුලිය බලය නිපදවීමට රටට සෑහෙන අවස්ථා තිබේ. යෝජනා විශාල ප‍්‍රමාණයක් සාකච්ඡා වෙමින් පවතී. රජයට පමණක් කරන්නට නොහැකි මෙම ආයෝජන දේශීය ආයෝජනවලට කළ හැකිය. තාක්ෂණය හා හවුල්කාරීත්වය වෙනුවෙන් ජාත්‍යන්තර සමාගම් සමග එකතුවීමට මෙරට ව්‍යවසායකයන්ට අවකාශයක් ඇත. නිසි ප‍්‍රතිපත්ති තීරණ ගැනීම පළමු අවශ්‍යතාවයයි. සාමාන්‍ය ජනතාවට පවා සිය නිවාසවල විදුලිය අවශ්‍යතා වෙනුවෙන් අඩු පොලියට දෙන ණය තවත් අඩු කරන්නට අවස්ථාව තිබේ. ලක්ෂ ගණනින් නිවාස දිවා කාලයේ දී විදුලියට හැරවෙන විට අලුත් විදුලිය බලාගාර අවශ්‍ය නැත. රාත‍්‍රී කාලයට ජල විදුලිය භාවිත කළ හැකිය. ජාත්‍යන්තර ප‍්‍රජාව කොපමණ අවදියෙන් ද යත් සමහර රටවල් දිවා කාලයේදී ජල විදුලි බලාගාර නතර කරනු පමණක් නොව ජලය සූර්ය විදුලියෙන් නැවත ඉහළට පොම්ප කරන ව්‍යාපෘති අරඹා තිබේ. නිදහසේ ගලා යන ජල මාර්ග වලින් ආපසු ඉහළට යැවෙන ජලය නැවතත් රාත‍්‍රී කාලයේ දී විදුලිය නිපදවන ටර්බයින් කරකවමින් පහළට ගමන් කරයි. මේවා විස්මිත දේ නොවන බව අද ලෝක ප‍්‍රජාව තහවුරු කර ඇත. ශ‍්‍රී ලංකාවට ද මෙම අත්දැකීම් ප‍්‍රයෝජනයට ගැනීමට බැරිකමක් නැත. 
තොරතුරු තාක්ෂණ සන්නිවේදනය ලෝකයේ ප‍්‍රබල වෙනස්කම් ඇති කරන ලද බව පැහැදිලිය. එකිනෙකා සමග සම්බන්ධවීමේ සිට අධ්‍යාපනය, සෞඛ්‍ය හා තාක්ෂණික දියුණුව දක්වා විශාල පරාසයකට එහි අවස්ථා විහිදී ඇත. නූතන සමාජය තුළ අවම සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානවල පවා තාක්ෂණය භාවිතකර දියුණු වෛද්‍ය උපදෙස් හා ඖෂධ ලබා ගැනීමෙන් ජීවිත ආරක්ෂා කර ගැනීමට හැකි වී තිබේ. අධ්‍යාපනය සම්බන්ධයෙන් පවතින පරතරය ඉතාම අවම කරන්නට පරිගණක සම්බන්ධතා ඉවහල් වී ඇත. මේවාට විදුලිය බලය අවශ්‍යය. අඩු මිලට විදුලිය හා අඩු වියදමකින් දුරකතන සම්බන්ධතා සහිත සමාජ වේගයෙන් දියුණු වන බව සනාථ වී තිබේ. ‍

නොදියුණු රටවල් සහිත අප‍්‍රිකානු කලාපයේ ජනතාව අතර පවතින දැනුම සම්බන්ධ ගැටලු නිරාකරණයට තාක්ෂණයට මෙහෙවරක් කළ හැකිවනු ඇති අතර නොබෝදා බ්‍රිතාන්‍ය සමාගමක් සූර්ය බලයෙන් එම රටවල දුර බැහැර ගම්මානවලට ආලෝකය දෙන ප‍්‍රජා ව්‍යාපෘතියක් අරඹා තිබේ. ජපානය ද එයට හවුල් වී ඇත. එය වෙනත් අමතර කතාවකි. ලෝකය ලස්සන තැනක් කරන්නට කැපවන පිරිස් අලුත් අදහස් ඇතිව කැපවෙති. බලය තමන් අත පමණක් තිබිය යුතු යැයි කල්පනා කරන්නේ නැත. විදුලිය උත්පාදනය, බෙදා හැරීම හා අලෙවිය ආණ්ඩු සතු ඒකාධිකාරයක් විය යුතු යැයි සලකන්නේ ද නැත.  පොදු ජනතාව අතට බලශක්ති උත්පාදනය හා ඒවා පරිහරණය කරන බලය හිමිවීම අලුත් යුගයක් බව මෙම නවීන මතධාරීහු විශ්වාස කරති. ඇති නැති පරතරය අවම කර නැගී සිටින්නට අවස්ථා ස්වාධීනව සැපයීමට හැකි මාර්ගයක් වශයෙන් විදුලිය සම්බන්ධයෙන් ස්වාධීන වීම හොඳ පියවරකි. විදුලිය බලය ගැන පවතින රාමුගත අදහස් වෙනස් කරන්නට ලෝකයේ තැනින් තැන අලුත් සංකල්ප බිහි වී තිබේ. ඉන්දියාව ක‍්‍රියා කරන අන්දම හිතන්නට හොඳ පසුබිමක් බව දැක්විය යුතුය.

 උපුටා ගැනීම ? මිලින්ද විග්‍රහය දේශය පුවත්පත
Posted On Saturday, 31 October 2020 05:46 Written by
Page 2 of 8