Friday, 19 April 2024

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කිරීමේ යෝජනාවට අධිකරණ සේවා සංගමය දැඩි විරෝධය පළ කර තිබේ. දැනට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරන ටිකිරි ජයතිලක සහ නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙකු ඇතුළත්ව නම් හතරක් මහාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමට යෝජනා වී ඇති බව දැනගැනීමට ලැබී ඇති බව අධිකරණ සේවා කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 

ටිකිරි ජයතිලක මීට පෙර 2006 වසරේ සිට මහේස්ත‍්‍රාත්වරයෙකු ලෙස කටයුතු කර ඇති අතර ඔහු පාර්ලිමේන්තු සහකාර මහලේකම්වරයෙකු ලෙස පත්වීම ලබා ගැනීම සඳහා ඉල්ලා අස්වන තෙක් ඔහු කටයුතු කර ඇති බව දැක්වෙ. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරන ලෙස ඔහු කළ ඉල්ලීම අධිකරණ සේවා කොමිෂන් සභාව  පැහැදිලි හේතු මත ප්‍රතික්ෂේප කළ බැවින්, නීත්‍යානුකූල නොවන ආයතනවලට නිරාවරණය වීමෙන් පසු ඔහුට නැවත අධිකරණ පත්වීමක් භාර ගැනීමට නුසුදුසුකමක් ලෙස මෙය සලකයි. නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලධාරියා එවැනි පත්වීම් සඳහා පෙළ ගැසී සිටින අධිකරණ නිලධාරීන්ට වඩා ඉතා කනිෂ්ඨ නිලධාරියකු බවද ඔවුහු පෙන්වා දෙති.

Posted On Monday, 29 May 2023 09:17

ඉන්ධන කෝටාව වැඩි කෙරේ

Posted On Monday, 29 May 2023 05:10

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ

Posted On Monday, 29 May 2023 05:06

කොරියාවේ රැකියා පෙන්වා මුදල් ගැරූ කොරියානුවා කොටුවෙයි

Posted On Monday, 29 May 2023 05:02

පොසොන් සමයේ මගී ප්‍රවාහන සේවා සූදානම්

Posted On Monday, 29 May 2023 05:00