Saturday, 20 April 2024

දේශීය ණය ප්‍රශස්තකරණය කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තුවේදී ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූහානිය සම්බන්ධයෙන් සමස්ත කම්කරු පන්තියෙන් සමාව ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකසුනිල් හඳුනෙත්ති මහතා පවසයි.

 මහ බැංකු අධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා සේවක අර්ථසාධක අරමුදල කොල්ලකෑම සඳහා උපක්‍රමශීලීව අනුමතිය ලබාගනිමින් කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව නොමඟ යවා ඇති බව ඔහු පවසයි.

 අහිංසක වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල උපක්‍රමශීලීව කොල්ලකන අතරේ ආණ්ඩුවේ ගජමිතුරන්, ප්‍රාථමිකවෙළෙඳුන් සහ පෞද්ගලික බැඳුම්කර ක්‍රියාවලියෙන් නිදහස් කර ඇති බව ඔහු පැවසීය. භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනයකර ඇති සේවක අර්ථසාධක අරමුදලට 2025 දක්වා සියයට 12ක පොලියක් ගෙවන බවත් 2026 සිට 2038 දක්වා  ප්‍රශස්තකරණය කිරීමේ ක්‍රියාවලියට අනුව ගෙවන්නේ සියයට 9ක ස්ථාවර පොලියක් පමණක් බවත් කොළඹදී පැවති මාධ්‍ය හමුවක්අමතමින් හඳුනෙත්ති මහතා පැවසීය.

 

ඩීඩීආර් වැඩසටහන හඳුන්වා දීමට ඡන්දය දුන් මන්ත්‍රීවරුන් සේවක අර්ථසාධක අරමුදලට සිදු වූ හානිය සම්බන්ධයෙන් තමන්ටඡන්දය දුන් කම්කරු පන්තියෙන් සමාව ගත යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

Posted On Sunday, 02 July 2023 20:53

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලංකෙයි තමිල් අරුසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු දෙමළජාතික සන්ධානයේ දේශපාලනඥයින් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත.

ඉදිරි මැතිවරණවලදී දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂවල සහය ලබා ගැනීමසම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන පක්ෂයකට දෙමළ පක්‍ෂ සහය දෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයිසේනාධිරාජා මහතා පැවසීය. “අපගේ ප්‍රශ්නවලට දේශපාලන විසඳුමක් ලබාදීමට අධිෂ්ඨානශීලීව කටයුතු කරන පක්ෂයකට අපිඅපේ සහයෝගය ලබා දෙනවා,” ඔහු පැවසීය.

Posted On Tuesday, 04 July 2023 20:10

 

කොළඹ වරාය නගරයේ බල ප්‍රදේශය තුළ ක්‍රියාකාරකම් 2023 ජුනි 2 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලදී.

 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ඇගයීම සඳහා සංවර්ධන යෝජනා ලබාගැනීමට සහ සැලසුම් නිෂ්කාශන, සංවර්ධන බලපත්‍ර, සහ අනුකූලතා සහතික නිකුත් කිරීමට දැන් විවෘතව ඇත. වර්ග මීටර් මිලියන 6.3 ක ගොඩනැගිය හැකිප්‍රදේශයක් පුරා පැතිරී ඇති අනුමත ප්‍රධාන සැලැස්මට සමගාමීව මරීනා පහසුකම්, සුඛෝපභෝගී විලාස්, මහල් නිවාස, ඒකාබද්ධනිවාඩු නිකේතනයක්, සම්මේලන මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පාසලක් විශ්ව විද්‍යාලය, රෝහලක්, මූල්‍ය මධ්‍යස්ථානයක් යනාදිය. ඇතුළු විවිධ පහසුකම් සඳහා ජාත්යන්තර මට්ටමේ පරිසරයක් ලබා දෙනු ඇත.

 කොළඹ වරාය නගරයේ මෙම සියලුම සංවර්ධන කටයුතු අලුතින් ප්‍රකාශයට පත් කරන ලද DCR 2023 හි රෙගුලාසි වලට යටත්වේ.

Posted On Tuesday, 04 July 2023 04:51

මහජන චීන සමූහාණ්ඩුවේ නිල ගුවන් සේවය වන එයාර් චයිනා, අලුතින් ඉදිකරන ලද චෙන්ඩු ටියැන්ෆු ජාත්‍යන්තර ගුවන් තොටුපළ, සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අතර සතියකට තුන් වතාවක් ගුවන් ගමන් නැවත ආරම්භ කළේය.

 පළමු ගුවන් යානය අද (04)උදෑසන මගීන් 142 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් නව දෙනෙකු සමඟ පැමිණියේ ය. කොළඹ සිටි චීන නියෝජිත Qi Zhen Hong සහ Air China Asia-Pacific කලාපීය කළමනාකරු Xue Jun ගුවන් යානයපිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණ සිටියහ. COVID-19 පැතිරීමත් සමඟ එයාර් චයිනා ශ්‍රී ලංකාව වෙත මෙහෙයුම්තාවකාලිකව අත්හිටුවා තිබුනි.

Posted On Tuesday, 04 July 2023 18:50

(බ්ලූම්බර්ග්)

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක අනුව ණය තිරසාරභාවය කරා ළඟාවීම සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමට ශ්‍රී ලංකාවේ විදේශණය හිමියන් එකඟ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ උපකාර පිළිබඳ විශ්වාසය, ගැන චීන සංචාරයෙන් පසු විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාකොළඹදී වාර්තාකරුවන්ට පැවසීය.

ඉන්දියාව, ජපානය සහ පැරිස් සමාජය විසින් සංවිධානය කරන ලද ණය හිමියන්ගේ වේදිකාවක නිරීක්ෂකයෙකු වන චීනය සමඟ ශ්‍රීලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන ලද අතර ආයෝජන දිරිගැන්වීම සඳහා ණයප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය බව අලි සබ්රි මහතා  පැවසීය. ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා දේශීය ණය නැවත සකස් කිරීමේඋපාය මාර්ගයෙන් බැංකු  සුරක්ෂිත අතර ආර්ථික ස්ථාවරත්වයත් සමඟ වෙළෙඳපොළ පොලී අනුපාත පහත වැටෙමින් තිබේ.

සංචිතය ඩොලර් බිලියන 3.6 දක්වා වන බව සබ්රි පැවසීය. සංචාරක ලැබීම් සහ ආයෝජනවල වැඩි වීමක් නිසා ණය ගෙවීමනැවත ආරම්භ වූ පසු දේශීය රුපියල පහත වැටීමට ලක්විය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

Posted On Tuesday, 04 July 2023 18:20
Page 99 of 717