Friday, 29 March 2024

සුළඟේ වේගය ඉහළට - ඉදිරි දිනවලත් පවති - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Wednesday, 11 July 2018 05:05

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුනවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන අතර උතුරු මැද පළාතේ සිහින් වැසි ඇතිවිය හැක.  සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථාන වලට මි.මී.75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා ප්‍රහාරාත්මක සුළං (Gusty winds) බලාපොරොත්තු  වන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමින්තුව නිවේදනය කරයි.