Tuesday, 23 April 2024

රථවාහන වැරදි සම්බන්ධ ස්ථානීය දඩ මුදල් සංශෝධනය වෙයි

Posted On Wednesday, 11 July 2018 05:00

2017 අංක 18 දරණ මෝටර් වාහන සංශෝධන පනතේ 19වැනි වගන්තිය මගින්, මෝටර් වාහන පනතේ 215 (අ) වගන්තියේ දඩ මුදල් ගෙවිය හැකි වැරදි ප්‍රමාණය මෙන් ම දඩ මුදල් ද ලබන (15) දා සිට සංශෝධනය කෙරෙනු ඇත.
 


රථවාහන වැරදි සඳහා නියමිත දඩ මුදල් ප්‍රකාශ කරමින් විෂය භාර අමාත්‍යවරයා විසින් 2018.01.15 දින රජයේ අති විශේෂ ගැසට් පත්‍ර 2054/9 නිකුත් කර ඇත. ඒ අනුව සංශෝධිත මුදල් සහිත නව දඩ පත්‍රය මේ මස 15දා සිට දිවයිනේ සෑම පොලිස් ස්ථානයකින්ම නිකුත් කිරීම කටයුතු කෙරෙනු ඇත.
 
මේ වන විට නිකුත් කරනු ලබන දඩ පත්‍රය වැරදි 23කින් සමන්විත වන අතර නව දඩ පත්‍රය වැරදි 33කින් සමන්විත වේ. එමෙන් ම මීට පෙර අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට සිදු වූ වැරදි කිහිපයක් නව දඩ පත්‍රිකාවට ඇතුළත් කර ඇති අතර ම දැනට නිකුත් කෙරෙන දඩ පත්‍රයේ සඳහා රියදුරු බලපත්‍රය නොමැතිව පැදවීම සහ රියදුරු බල පත්‍රය නොමැති අයෙකු සේවයේ යෙදවීම යන වැරදි දඩ පත්‍රිකාවෙන් ඉවත් කර ඇත. ඒ අනුව එම වැරදි දෙක සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණයේ නඩු පැවරීම සිදු කෙරෙනු ඇත.