Friday, 19 April 2024

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77කට පත්වීම්

Posted On Friday, 06 July 2018 08:43

නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 77 කට පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (05) පස්වරුවේ පැවැත්විනි.


මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ද අල්විස්, අධ්‍යක්ෂවරු, රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරින් එක්ව සිටියහ.