Saturday, 20 April 2024

සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි

Posted On Monday, 02 July 2018 06:43

නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී සිහින් වැසි ඇති වන බව ද කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.