Thursday, 18 April 2024

මැයි 4 සිට වැසි සහිත කාලගුණයක්

Posted On Thursday, 03 May 2018 08:01

මැයි මස 04 වන දින සිට දිවයිනේ වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂ කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිරසහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවේ. දකුණ සහ ඌව පළාත්වලත් රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවලත් මි.මී. 50ක පමණ සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.