Thursday, 18 April 2024

විදෙස්ගතවන ලාංකිකයන් වෙනුවෙන් ''ලේඛන සත්‍යාපනය'' වැඩසටහන අද ඇරඹේ

Posted On Thursday, 05 April 2018 07:24

විදෙස්ගතවන ලාංකිකයන් ඒ සඳහා ඉදිරිපත්කළ යුතු අනිවාර්ය ලේඛනයන්හි සත්‍යතාව තහවුරුකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් තම ප්‍රදේශයේ සිට සිදුකරගැනීමට හැකිවන''ලේඛන සත්‍යාපනය'' වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (05) පෙ.ව. 10.00. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ආරම්භ වෙයි.


විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම ''ලේඛන සත්‍යාපනය'' වැඩසටහන ක්‍රියාත්මක කරයි. ඒ සඳහා කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය සහාය දක්වයි.


විදේශ රටකට යාමට බලාපොරොත්තුවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් අනිවාර්යෙන් ම ලබා ගත යුතු ලිපි ලේඛනයන්හි සත්‍යතාව මේ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉතා පහසුවෙන් සිදුකර ගැනීමට හැකියාව ලැබේ. උප්පැන්න සහතිකය, ග්‍රාම නිලධාරී සහතිකය ආදී ලේඛන තහවුරු කර කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයට ගෙනගොස් භාර දීම මේ වැටසටහන ක්‍රියාත්මක කිරීමෙන් පසු අවශ්‍ය නොවේ. එම ලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත සෘජුවම යොමු කිරීමේ හැකියාව එම වැඩසටහන ක්‍රියාත්මක වීමෙන් සුදවන අතර එමගින් පිට පළාත්වල සිටින මහජනතාවට වඩාත් පහසුවෙන් අදාළ ලේඛන ලබාගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා කැනේඩියානු ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරු මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට අත්සන් කිරීමට නියමිතය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාදීම සංක්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය මගින් සිදුකිරීමට නියමිතය.