Thursday, 28 March 2024

පළතුරු ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත රසායනිකයක්

Posted On Thursday, 22 March 2018 07:23

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න එම වාරය තුළදී එකවර ලැබීමේදී, වෙළඳපල දක්වා  පැමිණීමේදී සහ වෙළඳපල තුළදී අපතේ යන ප්‍රමාණය අවම කිරීම සඳහා පළතුරු එම ශාක තුළම කල්තබා ගැනීමේ විශේෂිත BIO WAX නම් විද්‍යාත්මක ක්‍රමවේදයක් නිර්මාණය කිරිමට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ පවතින කාර්මික තාක්ෂණ ආයතනය(ITI) සමත්ව ඇත.


මෙම පර්යේෂණය සිදු කිරීමෙහිලා කැනඩා රජයේ ආධාර ලැබී ඇති අතර එහි ප්‍රතිපල සාර්ථකත්වය මත වෙළඳපල හරහා පලතුරු වගාවන් ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් වෙත මෙම නව නිෂ්පාදනය ලබා දීමට අපේක්ෂිත අතර මෙම නව සොයා ගැනීම පලතුරු ආශ්‍රිත කෘෂි ක්ෂේත්‍රයෙහි නව පෙරළියක් සිදු කරනු ඇති බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.

මෙම නව නිෂ්පාදනය පළතුරු නිෂ්පාදකයන් අතරට පත් කිරීම සඳහා ITIආයතනය හේලිස් ඇග්‍රෝ පුද්ගලික සමාගම සමඟ ගිවිසුම් ගත වී ඇති අතර ඒ පිළිබඳව මාධ්‍ය වෙත තොරතුරු හෙළි කිරීම සඳහා මාධ්‍ය හමුවක්  අද(22) පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මේ සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත  මහතා සහ මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර පිරිනැමූ කැනඩා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සිටින මහ කොමසාරිස්DAVID MEKINNON මහතා සහ HAYLEYS AGRICULTURE HOLDINGS සමාගමෙහි ඉහළ නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.