Friday, 19 April 2024

ක්ෂය රෝග දින සැමරුම 23දා

Posted On Wednesday, 21 March 2018 05:22

මාර්තු 24දාට යෙදෙන ලෝක ක්ෂය රෝගය දිනය වෙනුවෙන් පැවැත්වෙන වෛද්‍යවරුන් දැනුම්වත් කිරීමේ වැඩසටහන 23දා කොළඹ ජාතික රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ස්වශන රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය කුලතුංග මහතා පැවසීය.
 


මෙම දැනුම්වත් කිරීමේ අවස්ථාවට සමඟාමී ව කොළඹ මහ නගර සභාවේ ප්‍රජානිලධාරීන් දැනුවත් කිරීම ද එදිනම සිදු කෙරෙන අතර ඊට අමතරව දිස්ත්‍රික් මට්ටමින් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා ඇත.
 
"ක්ෂය රෝගය නිමාවන ලෝකයක් සඳහා" යන්න මෙවර තේමාව වී ඇත.
 
වසර 5000ක පමණ ඉතිහාසයක් ඇති මෙම රෝගය ඕනෑම පුද්ගලයෙකුට වැළඳීමේ අවස්ථාව ඇති අතර ම සම්පූර්ණයෙන් ම සුවකළ හැකි රෝගයක් ද වන බවත් පාලනය කරගත නොහැකි තත්ත්වයේ ඇති රෝගයක් බවත්  වෛද්‍ය කුලතුංග මහතා මෙහිදී පෙන්වාදුනි.