Wednesday, 24 April 2024

ගාල්ල නාගර සීමාව තුළ ජල සැපයුම දහවල් 12 වනවිට යථාතත්ත්වයට - ගාල්ල දිස්ත්‍රික් ලේකම්

Posted On Friday, 16 March 2018 05:44

ගාල්ල, වක්වැල්ල ජලය බෙදා හැරීමේ පොම්පාගාරයේ ඇති වූ හදිසි ගින්නෙන්පසු නතර වී තිබූ ගාල්ල නාගර සීමාවේ ජලය බෙදා හැරීමේ කටයුතු අද (16) මධ්‍යහ්න 12.00 පමණ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වේ යැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී. කොඩිකාර මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය.


මේ වනවිට ජල පොම්පාගාරයේ ජලය පිරිසිදු කිරීම් කටයුතු යථා තත්ත්වයට පත්කොට ඇති අතර පානීය ජල අවශ්‍යතාවය සඳහා බවුසර් මඟින් ජලය ලබාදීමට කටයුතු සිදු කර තිබෙන අතර ගාල්ල නාගරික කොමසාරිස්වරිය හෝ හෝ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ජල අවශ්‍යතාවය දැන්වීමේන් අත්‍යාවශ්‍ය පානීය ජල බවුසර් සපයාගැනීමට හැකියාව පවතින බවද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ ය.