Thursday, 25 April 2024

අපොස සා.පෙළ සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ඉල්ලුම්පත්‍ර විස්තර මාර්තු 31ට පෙර ලබාදෙන්න

Posted On Monday, 12 March 2018 05:20

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ගේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම සඳහා විදුහල්පතිවරුන් වෙත නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් පරිදි සිසුන්ගේ විස්තර සහ ඡායා රූප මාර්තු 31 වන දාට පෙර බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට භාර දිය යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා රජයේ නිල පුවත් වෙබ්අඩවියට පැවසීය.


අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පොළ) විභාගයට 2018 වසරේ පෙනී සිටින සිසුන්ට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම අප්‍රේල් මාසයේ සිට ආරම්භ කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමෙන්තුව තීරණය කර ඇත.

බොහෝ විදුහල්පතිවරුන් විභාගය ආසන්න වූ පසු සිසුන්ගේ හැඳුනුම්පත් සඳහා අයඳුම්පත් එවීම නිසා දෙපාර්තමේන්තුවට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට මෙම පියවර ගත් බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

මේ වසරේ දී නව ජාතික හැදුනුම්පත් 3,50,000ක් පමණ නිකුත් කිරීමට අපේක්ෂා කරන බවද මේ වනවිට  උපදෙස් සහිත චක්‍රලේඛන විදුහල්පතිවරුන් වෙත යාවා ඇති බවද සඳහන් කළ වියානි ගුණතිලක මහතා, අයදුම්
කිරීමේ දී ලබාදෙන උප්පැන්න සහතිකය දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් සහතික කොට ලබාගත් එකක් වීම ප්‍රමාණවත් බවද සඳහන් කළේ ය