Friday, 19 April 2024

ප්‍රවෘත්ති නිවේදනය- මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ ඇදිරි නීතිය පෙ.ව.10.00ට ඉවත් කෙරේ

Posted On Thursday, 08 March 2018 04:45

මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 08 පෙ.ව. 10.00 ට ඉවත් කොට ප.ව. 6.00 ට නැවත පැනවෙයි.


සාමාන්‍ය ජනතාවට ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීමට පහසුකම් සැපයීම සඳහා අවකාශය ලබා දෙනු පිණිස මහනුවර පරිපාලන දිස්ත‍්‍රික්කය තුළ දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය ලිහිල් කර ඇත.

මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සලකා බලා දැනට ක‍්‍රියාත්මක වන ඇඳිරි නීතිය අද (මාර්තු 08 වන බ‍්‍රහස්පතින්දා)පෙරවරු 10.00 ට ඉවත් කිරීමටත් නැවත එදිනම පස්වරු 06.00 ට නැවත පැණවීමටත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් තීරණය කොට ඇත.

ඒ අනුව මාර්තු 08 වන දා පෙරවරු 10.00 සිට එදින පස්වරු 06.00 දක්වා ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කොට තිබේ.

ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාගැනීම සඳහා සානුකම්පිත හේතු මත මෙසේ ලබා දී ඇති සහන කාලය ඉතා වගකීමෙන් භාවිතා කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

නීතිඥ සුදර්ශන ගුණවර්ධන

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

2018 මාර්තු 08 පෙ. ව. 08.30 කොළඹදී