Saturday, 20 April 2024

වැසි තත්ත්වයේ තරමක අඩුවීමක්- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Posted On Monday, 05 March 2018 05:41

වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (5) සිට මාර්තු 08 දින දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන සවස 2.00න් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදී සිහින් වැසි තත්ත්වයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.