Friday, 29 March 2024

මෝටර් රථවල ඉදිරිපස සන්නිවේදන උපකරණවලට බාධා නොවන ලෙස අංක තහඩු නිකුත් කිරීමට පියවර

Posted On Thursday, 22 February 2018 04:58

නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.


මෝටර් වාහන පනත යටතේ නියෝගය ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

විවාදයේ දී තවදුරටත් අඳහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

ලංකාවේ ලියාපදිංචි වාහන 71 ලක්ෂයක් පමණ තිබෙනවා. 2017 වසරේ පමණක් අංක තහඩු 12,16805ක් නිකුත් කර තිබෙනවා. මසකට වාහන අංක තහඩු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් නිකුත් වෙනවා. අංක තහඩුවලට ප්‍රමිතියක් තිබෙනවා. නවීන වාහනවල ඉදිරිපස තිබෙන සන්නිවේදන උපකරණ දැනට තිබෙන අංක තහඩුව සවි කළ විට එම සන්නිවේදන උපකරණ වැසෙනවා. එම නිසා දත්ත වාහනය තුළට ලබාගැනීමේ හැකියාවක් ඇතිවෙන්නේ නෑ. ඒ නිසා වෙනස් ප්‍රමාණයේ සුදු පැහැති අංක තහඩු නිකුත් කරන ලෙස ඉල්ලීමක් තිබුණා. එවැනි අංක තහඩු නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය