Saturday, 20 April 2024

උඩවලව ඇත් අතුරු සෙවණට 172,874ක සංචාරක පිරිසක්

Posted On Thursday, 15 February 2018 04:54

පසුගිය 2017 වසරේ දී උඩවළව ඇත් අතුරු සෙවණ වෙත සංචාරකයින් 172,874ක පිරිසක් පැමිණ ඇතැයි තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. ඒ අනුව සංචාරක පැමිණීම හරහා උඩවළව ඇත්අතුරු සෙවණ රුපියල් මිලියන 32.42ක ආදායමක් ද උපයාගෙන ඇත.
 


එමෙන් ම එම සංචාරකයින්ගෙන් 122,755ක් දේශීය සංචාරකයින් ද 50,092ක පිරිසක් විදේශීය සංචාරකයින් පිරිසක් ද වෙති.
 
රෑනෙන් මග හැරුණු අලි පැටවුන් ට කෙම් බිමක් සපයා දීමේ අදහසින් 1995 දී පමණ උඩවලව ‘ඇත් අතුරු සෙවන’ ස්ථාපිත කොට ඇත.