Saturday, 20 April 2024

කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ

Posted On Wednesday, 14 February 2018 04:43

කැලණිවැලි දුම්රිය මාර්ගය ලබන 16දා රාත්‍රී 8.00 සිට 19දා පෙරවරු 4.00දක්වා සම්පූර්ණයෙන් ම වසා තැබෙන බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පැවසීය. ඒ අනුව මෙම මාර්ගය සෙනසුරාදා සහ ඉදිරිදා යන දෙදින තුළ සියලු ම දුම්රිය ගමන් සිදු නොකෙරෙනු ඇත.
 


දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් ඇතුළු අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සිදු නොකරන බවත් ඒ සම්බන්ධයෙන් මහජනතාවට සිදුවන අපහසුතාවය පිළිබඳ ව දුම්රිය දෙපාර්තමේන්තුව සිය කණගාටුව ද ප්‍රකාශ කරන සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.