Thursday, 25 April 2024

අධිවේගී මාර්ගයේ අද සිට නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මකයි

Posted On Wednesday, 14 February 2018 04:41

අධිවේගී මාර්ගය තුළ වේග සීමා උල්ලංඝනය කරනු ලබන වාහන  වේග සීමා නිරීක්ෂණය කිරීම සඳහා ස්ථාපිත කළ නව වේග මාපක යන්ත්‍ර පද්ධතිය අද (14) සිට ක්‍රියාත්මක කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය හා අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසවලින් සැලසුම් කොට ඇත.
 


ඒ අනුව අද සිට අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙනු ඇත.
 
අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන වාහන අනතුරු සංඛ්‍යාවෙන් 27%ක් පමණ අධික වේගය සහිතව ධාවනය කිරීම හේතුවෙන් සිදුව ඇති බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය හරහා ක්‍රියාත්මක කිරීම සඳහා නව මාපක යන්ත්‍ර පද්ධතියක් ස්ථාපිත කොට ඇත.
 
මෙම පද්ධතිය මගින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරෙන අතර වේග සීමා උල්ලංඝණය කරන වාහනවල ඡායාරූපයක් පිටවීමේ ස්ථාපිත ටැබ් පරිගණක හරහා මුද්‍රණවීම සිදු වේ. මෙම ඡායාරූපයන්හි වාහන අංකය, නිරීක්ෂණ වේලාව හා එම අවස්ථාවේ වේගය වැනි තොරතුරු ද මුද්‍රණය වේ. මෙම නිරීක්ෂණ කටයුතු රාත්‍රී කාලයේ දී ද සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇත.