Saturday, 20 April 2024

දේශපාලන කටයුතුවලට ළමුන් යොදාගැනීමෙන් වළකින්න - ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Posted On Tuesday, 06 February 2018 04:56

දේශපාලන කටයුතුවලට ළමුන් යොදගැනීම ළමයගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් බවත් ළමුන් දේශපාලන කටයුතුවලට යොදා නොගන්නා ලෙසත් ජතික ළමා අරක්ෂක අධිකාරිය සියලු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉල්ලා සිටියි.


එවැනි දේශපාලන කටයුතුවලට ළමයින් යොදාගැනීමේ දී ඔවුන්ට එරෙහිව යම් ප්‍රචණ්ඩත්වයක් සිදුවුව හොත් ළමුන් යොදා ගත් අයට විරුද්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 308 (ඒ) යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිදු වෙයි.එබැවින් දේශපාලන කටයුතුවලට ළමයින් සම්බන්ධ කර නොගන්නා ලෙස සියලුම දේශපාලන පක්ෂවලින්,ස්වාධීන කණ්ඩයම්වලින් ජතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධව රජයේ නිලපුවත් වෙබ් අඩවියට අඳහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය, ''ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන ඒකකයක් පිහිටුවා තිබෙනවා. දේශපාලන
කටයුත්තකට ළමයින් සම්බන්ධවීමක් සිදුවුවහොත් පැය 24ක් පුරා ක්‍රියාත්මක වන දුරකත අංක 1929 මඟින් පැමිණිලි කළ හැකියි. එසේ පැමිණිලි ලැබුණු වහාම විමර්ශන කණ්ඩායම මේ පිළිබඳව සොයා බලා සුදුසු නීතිමය
ක්‍රියාමාර්ග ගැනීම සිදු කරනවා.

ළමයින් දේශපාලන කටයුතුවලට යොදාගැනීම ළමයින්ගේ කායික සහ මානසික සංවර්ධනයට බාධාවන අයිතිවාසිකම් උල්ලංඝණය වීමක්. මහජනතාව මෙවැනි සිදුවීමක් දුටුවහොත් අපගේ ළමා දුරකතනයට (1929) වහාම
දැනුම් දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කළාය.