Saturday, 20 April 2024

සවස 2.00 න් පසු ගිගිරුම් වැසි

Posted On Friday, 15 December 2017 09:51

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බවත් සෙසු පළාත්වල සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (15) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
 


ඇතැම් ස්ථානවලට, විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මි.මී.75 පමණ සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැකිය.
 
උතුරු සහ දකුණු පළාත්වලත් විටින් විට හමන පැ.කි.මී.40 ක් පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකිය.
 
ගිගිරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටි.