Tuesday, 23 April 2024

මධ්‍යස්ථාන 5,116ක දී අපේක්ෂකයින් 688,573 සාපෙළට මුහුණ දෙයි

Posted On Tuesday, 12 December 2017 06:46

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා මධ්‍යස්ථාන 5,116 ක දී අපේක්ෂකයින් 688,573 දෙනෙකු අද (12) දින පෙනී සිටීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. විභාගය සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.


එසේම විභාග නීති රීති අනුව කටයුතු කරන ලෙස සියලු විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා සිටියි.