Friday, 19 April 2024

කොරියාවේ නිල සංචාරයක් සඳහා ජනාධිපතිතුමා දිවයිනෙන් පිටත්ව යයි

Posted On Tuesday, 28 November 2017 05:41

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දකුණු කොරියාවේ තුන් දින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.


දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවත් අතර තානාපති සබඳතා ආරම්භ කොට වසර 40 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සිදුකෙරෙන මෙම නිල සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර ආර්ථික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාවට කොරියානු ආයෝජන ලබාගැනීම පිළිබඳවත් කොරියානු නායකයින් සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි.

මෙම සංචාරය අතරතුර දී දකුණු කොරියාව සමඟ ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට ද නියමිතය.