Thursday, 28 March 2024

කඩිනමින් මැතිවරණය පවත්වන්න- එජාප පසුපෙළ මන්ත්‍රීවරු කියති

Posted On Thursday, 23 November 2017 08:36

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අද (23) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසී ය.පළාත් පාලන මැතිවරණය නැවත පැවැත්වෙන දිය පිළිබඳව ගැටළුවක් මතු වී තිබෙන බවත් එය ජනතාවටත් ගැටළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා පැවසී ය.


පළාත් පාලන ආයතන කීපයකට වාරණය තිබිය දී අනෙක් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්විය යුතු බවත් නැතිනම් පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු බව මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා කීය.
'
මෙහිදී අඳහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරනයට සූදානම් බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, ඒකාබද්ධ විපක්ෂය මැතිවරනය කල්දැමීමට කටයුතු කරමින් සිටින බවද කීය.එහිදී අඳහස් දැක් වූ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා, ගමේ බලය ගමේ ජයග්‍රහනය තම පක්ෂය සතු බව පවසා සිටියේ ය.