Tuesday, 16 April 2024

කොළඹ මහ නගර සභාවෙන් වෘත්තීය පුහුණු පාඨමාලා

Posted On Thursday, 23 November 2017 08:32

කොළඹ මහ නගර සභාවේ මහජන අධාර දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වන වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා 2018 වර්ෂය වෙනුවෙන් නවක සිසුන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබේ. පාසල් අධ්‍යාපනය නිම කළ වයස අවුරුදු 18-30 අතර තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැක. පාඨමාලා සඳහා සහභාගී වන තරුණ තරුණියන්ට දෛනික දීමනාවක් ලබා දෙයි.


මේ යටතේ බේකරි සහ පේස්ටි‍්‍ර, රූපලාවන්‍ය, පරිගණක, වායු සමීකරණ අලූත්වැඩියාව, විදුලි කාර්මික, පෑස්සුම් ශිල්පී, පෙරපාසල් ගුරු, පාඨමාලා සඳහා පැවැත්වේ. පාඨමාලා කාලය මාස 12කි.

පාඨමාලා සාර්ථකව නිම කරන්නන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික නිකුත් කරයි.

පාඨමාලා සාර්ථකව නිම කළ තරුණ තරුණියන්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට සඳහා ණය ලබා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ද කරනු ඇත.

මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තරුණ තරුණියන් වේ නම් කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති අංශයට පැමිණ හෝ දුරකථන 0112 693096/ 0112 662918 යන අංක ඇමතීමෙන් ලබා ගතහැක.