Friday, 19 April 2024

ඉවසීමෙන් යුක්ත වූ සහයෝගයෙන් ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සුන්දර ඉදිරි ගමනකට එක්වෙමු - ශ්‍රී ලංකා චීන තානාපති ඊ ෂියැන් ලිඅං

Posted On Tuesday, 07 November 2017 05:04

ඉවසීමෙන් යුක්ත වූ සහයෝගයෙන් ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සුන්දර ඉදිරි ගමනකට එක්වෙමු.

ශ්‍රී ලංකා චීන තානාපති ඊ ෂියැන් ලිඅං

වර්තමානයේ ජාත්‍යන්තර භූදේශපාලනය හා ආර්ථික රටාව සංකීර්ණ හා ගැඹුරු වෙනස්කම් වලට ලක් වෙමින් පවතී. නව අවස්ථා හා අභියෝග ඊට එක් වෙයි. ජනාධිපති ෂිං ජිං පින් චීන කොමියුනිස්ට් පක්ෂය 19 වන

ජාතික සම්මේලනය අමතා කියා සිටියේ විවිධ රටවල වෙසෙන සමස්ථ මානව වර්ගයාට තම පොදු ඉරණම් පද්ධතිය තීරණය කිරීම සඳහා සාමූහිකයව එකට එක්විය යුතු බවය; අප දිගු කල් පවතින සාමකාමී, සමස්ථ ආරක්ෂාවක් සහිත පොදු සමෘද්ධිමත්, පවිත‍්‍ර හා සුන්දර ලොවක් විවෘත හා ඉවසිලිමත්ව ගොඩනගා ගතයුතු බවය; ඊට සමගාමීව අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත යුතු බවය; මෙහිදී සීතල යුද්ධය පිළිබඳ සිතිවිලි හා එකිනෙකට බලපෑම් කිරීමේ දේශපාලනය ඉවත් කල යුතුය. ගැටුම් වෙනුවට සංවාදයත් හවුල් වීම වෙනුවට සහය වීමත් යන අන්තර්ජාතික සම්බන්ධතාවයේ නව මාවත ඔස්සේ ගමන් කල යුතුය. මේ අතර ඉන්දියන් සාගර කලාපය තුළ එක් අතකින් යහපත් වර්ධනයක් පවතින අතර තව අතකින් අස්ථාවර හා අවිනිශ්ච්ත සාධක රැුසකට මුහුණ පා ඇත. චීනය හැමවිටම ඉන්දියන් සාගර ප‍්‍රදේශයෙහි සාමය හා ස්ථාවරභාවය රැුක ගැනීමට වෙහෙසෙයි. එසේම පොදු සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහාත්, ජාතීන් අතර සහජීවනය හා සහයෝගය රැුකගනිමින් සාමූහික ජයග‍්‍රහණ ලබා ගැනීම සඳහාත් ඉන්දියන් සාගර කලාපය තුළ සංහිඳියාව ඇති කිරීම සඳහාත් ප‍්‍රයත්න දරයි. ඉන්දියන් සාගර කලාපයේ සෞභාග්‍යමත් අනාගතය එක්ව ගොඩ නැගීම කළ හැකි වන්නේ ඉවසීම හා සහයෝගය මගින් පමණක් බව චීන පාර්ශවය දරන මතයයි.

  1. වසර දහස් ගණනක් පැරණි සේද මාවත.

                චීනය ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් සමඟ පවත්වන වෙළඳාම ඇතුළු සම්බන්ධතා වසර 1000 කට වැඩි අතීතයකට දිව යයි. චීන ශිෂ්ඨාචාරය රුවල් නැව් මඟින් කෙරෙන මුහුදු ගමන් මඟින් බාහිර ලෝකයට පිවිසි අතර පසුව අනුක‍්‍රමයෙන් ”මුහුදු සේද මාවත” නමින් ප‍්‍රසිද්ධියට පත් වූ වෙළඳ ගනුදෙනු මාර්ගයක් වර්ධනය විය. පැරණි මුහුදු සේද මාවත ආසියාව, අප‍්‍රිකාව හා යුරෝපය යන මහද්වීප තුනම යා කරන ප‍්‍රධාන ගමන් මගයි. එක් එක් අවදිවල චීත රාජ¥තයෝ, භික්‍ෂූන් වහන්සේලා, වෙළෙන්ඳෝ හා වෙනත් අයද තම ජීවිත පරදුවට තබා මුහුදු යාත‍්‍රා මගින් ධර්ම ගවේශණ හා වෙළඳාම් සඳහා දුර රටවල් වලට ගියහ. මේ ගමන් නිසා චීන දේශීය නිෂ්පාදන හා නවීන නිශ්පාදන තාක්ෂණ හා උපකරණ අඛණ්ඩව ඉන්දියන් සාගරය ආශි‍්‍රත රටවල්වල ව්‍යාප්ත විය. ඒ සමඟම කොන්ෆියුසියස් ධර්මය, සදාචාර හා රාජ්‍ය පාලන පද්ධති, ඇඳුම් පැළඳුම්, රෝපණ තාක්ෂණවේදය, ගෘහ නිර්මාණ ආදී චීන සංස්කෘතික අංග ඉන්දියන් සාගර වෙරළ අවට රටවල පැතිරුණේය. එමඟින් කලාපීය ආර්ථිකය සංවර්ධනය වූ අතර සමාජ යහපැවැත්ම දියුණු තත්වයකට පත් වූයේය. අනෙක් අතට බුදුසමය, විදේශීය නිශ්පාදන භාණ්ඩ හා ශිල්ප ක‍්‍රම ද සේද මාවත ඔස්සේ ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවලින් චීනයට ඇතුළු විය. එක් එක් රටවල ආර්ථික හා වානිජ ගණුදෙනු ද පාරම්පරික උරුමය වූ ධර්ම ශාස්ත‍්‍ර ද හුවමාරු වීම නොනැවතී අඛණ්ඩව පැවතියේය. ඒ සබඳතා සම්බන්ධ වඩාත් ප‍්‍රකට පුවත නම් චීන මින් රජ පෙළපත් යුගයේ ”චන්හ” නැමැති නාවිකයාගේ සමුද්‍ර චාරිකාවය.  මේ චාරිකා හත්වතාවක්ම සිදු විය. මෙය සිදුවූයේ මෙයින් අවුරුදු 600 කට පමණ පෙර රුවල් නැව් 200 කින් හා නාවිකයන් 27000 ක් පමණ වූ පිරිසක් කැටුව බටහිර ශාන්තිකර සාගරය හා ඉන්දියන් සාගරය ඔස්සේ යාත‍්‍රා කළ ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාව, කෙන්යාව  ඇතුළු රටවල් 30 කට වැඩි ප‍්‍රමාණයක සංචාරය කළේය. එසේම පස් වතාවක්ම චීන රාජ¥තයා ලෙස ශ්‍රී ලංකාවේ නැවතී සිටියේය. මේ යාත‍්‍රා ගමන් නිසා අග්නිදිග ආසියා, දකුණු ආසියා, මැද පෙරදිග හා අප‍්‍රිකානු රටවල් රාශියක් සමඟ චීනයේ සම්බන්ධතා වැඩි දියුණු විය. චන්හ නාවිකයා මෙහෙයවූ නැව් කණ්ඩායම කීප වතාවක් මුහුදු කොල්ලකරුවන් සමඟ සටන් වැද එඩිතරව ප‍්‍රතිප‍්‍රහාර එල්ල කොට නැව් කණ්ඩායමේ ගමන් මග නිදහස් හා ආරක්ෂාව දැඩිව රැුකගත්හ. 

  1. ගැඹුරු අන්‍යෝන්‍ය විශ්වාස හා සහයෝගය.

                ගෝලීයකරණ පසුබිම යටතේ ඉන්දියන් සාගරය ආශ‍්‍රිත කලාපය එක්තරා අන්දමෙන්  කෙමෙන් ලෝකයේ සමෘද්ධිමත් මධ්‍යස්ථාන වලින් එකක් බවට පත්ව ඇත. මේ අතරින් දකුණු ආසියාව විසි එක්වෙනි සියවසේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ප‍්‍රදේශය ලෙස සැලකෙයි. භාග්‍යයකට මෙන් අල්ෆ‍්‍රඞ් තය මහන් :්කරෙැා ඔය්හැර ඵ්ය්බ* 1890 දී ඉදිරිපත් කල ”ඉන්දියන් සාගරය ග‍්‍රහණයට ගතහොත් මුළු ආසියාවම පාලනය වේ.” යන අනාවැකිය ඉෂ්ට නොවනු ඇත. කිසිවකුට තනිව ඉන්දියන් සාගරය පාලනය කල නොහැකි අතර පොදු සංවර්ධනය හා පොදු බුක්තිය අඛණ්ඩව පවත්වා ගැනීම ප‍්‍රධාන නැඹුරුව වනු ඇත. දැවැන්ත භූමි භාගයක් සහිත චීනය දකුණු ආසියාවේ රටවල් 5 ක් සමඟ දේශසීමා මඟින් සම්බන්ධ වෙයි. එසේම චීනයේ නිරිත දිගින් විශාල පලාත් කිහිපයක්ම දකුණු ආසියාතික රටවල් සමඟ නැගෙනහිර ආසියා රටවලට වඩා දැඩි සම්බන්ධය හා වඩාත් සමීප භූගෝලීය සම්බන්ධතා දක්වයි. චීනය මේ දකුණු ආසියාතික රටවල් සමඟ  අන්‍යෝන්‍ය සබඳතා පවත්වන, උදව් උපකාර සිදු කරන හොඳ අසල්වැසියකු හා හොඳ මිත‍්‍රයකු වනවා පමණක් නොවේ. එය දකුණු ආසියා හා ඉන්දියන් සාගරබද කලාපයේ අවියෝජනීය කොටසක් වන හෙයින් ඉන්දියන් සාගරයේ ඉදිරිගමන හා ඉරණම සමඟ දැඩිව බැඳී සිටී. මෙම දෘෂ්ටිකෝණයෙන් බැලූ විට චීනය දකුණු ආසියාව සහ ඉන්දියන් සාගරය සමඟ වෙන් කළ නොහැකි ලෙස  බැඳී ඇති කොටසකි.

                2014 වසරේ සිට ශ්‍රී ලංකාව, මාලදිවයින, ඉන්දියාව, බංගලාදේශය පකිස්ථානය ඇතුළු රටවල ඓතිහාසික නිල සංචාරයක යෙදුණු චීන ජනාධිපති ” ෂිං ජිං පිං ” මැතිතුමා සුහඳ අසල්වැසි සබඳතා පිළිබඳ නව යුගයක් උදා කළේය. චීනය සහ දකුණු ආසියාතික රටවල් අතර තිරසාර සංවර්ධනය, ආර්ථික හා වානිජ සහයෝගය, ශාස්ත‍්‍රීය හුවමාරුව, දිලිඳුකම තුරන් කිරීම හා ආපදා සහනාධාර යනාදී ක්ෂේත‍්‍රයන්හි පමණක් නොව මුහුදු කොල්ලකරුවන්ට එරෙහිව ප‍්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන්ද ප‍්‍රායෝගික සහයෝගිතා දිනෙන් දිනට වැඩි දියුණු වී ඇත. චීනය හා දකුණු ආසියාතික රටවල් අතර වානිජ කටයුතුවල පරිමාව සීඝ‍්‍රයෙන් වැඩි වී ඇති අතර 2016 වර්ෂයේදී එය ඇමරිකන් ඩොලර් බිලියන 110.7 ක් දක්වා වැඩි විය. මුළු ලෝක වානිජ පරිමාවෙන් 3.2 ක් චීනය සතුය. ඉකුත් අවුරුදු 5 ක කාලය තුළ දකුණු ආසියාතික රටවල් සඳහා  ශිෂ්‍යත්ව 10,000 ක් පිරිනමමින් තරුණ තරුණියන්ට පුහුණුවට අවස්ථා සපයා ඇත. ඒ අතර 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ලබා දුන් ශිෂ්‍යත්ව හා පුහුණු අවස්ථා ගණන 1300 ක පමණ වන අතර 2016 දී 1500 ක් ලබා දුන්නේය. 2017 වර්ෂය තුළ එය 2000 ඉක්මවා වර්ධනය කිරීම අපේක්ෂිතය. පිට පිට වර්ෂ 3 ක්ම චීන විදේශ පුහුණු  ආධාර හා සම්පත් වැඩියෙන්ම ලැබූ රට බවට පත් වූයේ ශ්‍රී ලංකාවය.

                චීනය ලෝකයේ විශාල වානිජ රටක් වන චීනයේ විදේශ භාණ්ඩ වෙළඳාමෙන් 40‍්‍ර කට ආසන්න ප‍්‍රමාණයක් ඉන්දියන් සාගරය ඔස්සේ මුහුදු ප‍්‍රවාහන මාර්ගයෙන් සිදුවේ. හැම වර්ෂයේම දැවැන්ත වෙළඳ නැව් 5000 කට අධික ප‍්‍රමාණයක් චීන වරාය වලට පිවිසීම හෝ පිටවීම සිදු වෙයි. ඉන්දියන් සාගරය ඔස්සේ දකුණු ආසියාව, මැද පෙරදිග අප‍්‍රිකාව හා යුරෝපය අතර ගමනාගමනය සිදු වෙයි. මේ අනුව ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කිරීමේ නිදහස හා ආරක්ෂාව රැුක ගැනීම චීනයේ අයිතියක් මෙන්ම වගකීමක්ද වේ.              

                චීනය ඉන්දියන් සාගර කලාපය තුළ සංවර්ධනය සහ සාමය ස්ථාවර කෙරෙන වැදගත් බලවේගයකි. ඒඩින් බොක්ක ආශ‍්‍රිතව සිදු වන මුහුදු මංකොල්ල කෑම්වලට එරෙහිව චීනය ක‍්‍රියාශීලීව සහභාගී වී ඇත. 2016 වසර වන විට ආරක්ෂක කණ්ඩායමේ 25 ක්, නැව් 78 ක්, හෙලිකොප්ටර් 54 ක් ආරක්ෂක නාවිකයන් 21000 ක් මගීන් හා යාත‍්‍රා රැුකවරණ කටයුතු ඉටුකිරීමට ඊට හැකි විය. සුරක්ෂිතව රැුකවරණය ලබා දුන් දෙස් විදෙස් නැව් 6300 ක් පමණක් වූ අතර ආපදාවලට අසුවූ දෙස් විදෙස් නැව් 60 ක් පමණ සාර්ථකව මුදවා ගැනීමට සහ ආරක්ෂාව ලබා දීමට සමත්ව ඇත. මේ ක‍්‍රියාදාමය මඟින් චීනයේ වගකීම් ඉටු කිරීම මනාව පිළිබිඹු කෙරිණි. චීනය කලාපීය රටවල් සමඟ හැමවිටම දුක සැප එක සේ බෙදා ගැනීමේ නිරතව සිටී. තවද චීනය (ආසියාතික කලාපයේ මුහුදු කොල්ලකරුවන්ට හා සන්නද්ධව බෝට්ටු පැහැර ගැනීමට එරෙහි සහායෝගිතා ගිවිසුමෙන්/(ඍෑක්‍්්ඡු* හි ක‍්‍රියාශීලි සාමාජිකයෙකි. ඍෑක්‍්්ඡු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් ලෙස  ඕස්ටේ‍්‍රලියාව, ශ්‍රී ලංකාව, ජපානය, දකුණු කොරියාව, ඉන්දියාව, පකිස්ථානය, ඩෙන්මාර්ක්, නෝර්වේ, එංගලන්තය, ඇමරිකාව ආදී ආසියා ශාන්තිකර කලාපීය රටවල් ක‍්‍රියා කරයි. මෙහි කාරක සභිකවරයකු වශයෙන් ඉන්දියන් සාගරයේ යාත‍්‍රා කිරීමේ නිදහස සඳහා සංධානයේ රටවල් සමඟ සහයෝගයෙන් මුහුදු කොල්ලකරුවන්ට ප‍්‍රහාර කල බව මවිසින් යෝජනා කරන ලදී. ඉන්දියන් සාගර කලාපයේ වැදගත් සාමාජිකයකු වශයෙන් චීනය සෙසු රටවලට වඩා සාමය ආරක්ෂාව සමඟිය සහ සහයෝගය තහවුරු වුනු සංවර්ධනය හා සමෘද්ධියෙන් පිරිපුන් විශාල පවුලක් එම කලාපය තුළ දකින්නට බලාපොරොත්තු වේ. මේ බව තම ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට චීනය සමත් ව ඇත. කලාපීය සාමය ස්ථාවරභාවය හා සමෘද්ධිය වර්ධනය කිරීම සඳහා තවදුරටත් ධනාත්මක දායකත්වය ලබා දීමෙහිද ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමෙහිද චීනය නියලී සිටී.

2004 වර්ෂයේ ඉන්දියන් සාගරය සුනාමි සිදු වීමෙන් පසු ප‍්‍රථමයෙන් ඉන්දියන් සාගරය ආශ‍්‍රිත ආපදා වූ රටවල්වලට මානව හිතවාදී සහනාධාර සපයා දීමට මුල් වූ චීන රජය යුවාන් මිලියන 522 ක් ආධාර මුදල් සපයා දීමෙන් නොනැවතී ආපදා සිදුවූ රටවලට උපකාර වශයෙන් සෞඛ්‍යාරක්‍ෂිත කණ්ඩායම්, වෘත්තීය කණ්ඩායම් හා පශ්චාත් ප‍්‍රතිසංස්කරණ කණ්ඩායම් යැවීමට ද ක‍්‍රියා කළේය. එසේම විවිධ ක්‍ෂ්ත‍්‍ර ඔස්සේ ආපදා ප‍්‍රදේශවල අවතැන් මිනිසුන් ස``දහා තවත් යුවාන් මිලියන 290 ක මුදල් ආධාර දෙනු ලැබීය. මෑත වසර දෙක තූළ චීනය හැම අවුරුද්දේම ශ්‍රී ලංකාවේ නියං හා ගංවතුර විපත් සඳහා විශාල ආධාර ලබා දුන් අතර පශ්චාත් ප‍්‍රතිසංස්කරණ කණ්ඩායම් සහභාගී කරවීය. ආධාර මුදල වශයෙන් යෙ¥ මුළු මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 940 ක් විය.

                ඇමරිකාවේ වැඩ බලන නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් වේල්ස් මැතිනිය මෑතදී එක්සත් ජනපද කොංග‍්‍රසයේදී චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන සහනශීලි ණය පිළිබඳව ප‍්‍රකාශයක් කළාය. මේ මඟින් ලංකාවට ‘තිරසාර ණය බරක්’ පැටවූ බවට ඇයට සිදු කල ප‍්‍රකාශයටද තවද ඇය කියා සිටී. ඇමරිකාව ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබා දෙන රටක් බවට විවෘතව කල ප‍්‍රකාශයටද මගේ අවධානයට යොමු වී ඇත. එය මුළුමනින්ම පදනම් විරහිත ප‍්‍රකාශයක් බව කිව යුතුයි. ඇත්තවශයෙන්ම චීනය ශ්‍රී ලංකාවට සපයා දුන් ණය වැඩි කොටසක්ම සහනශීලි කොන්දේසි වලට යටත්ය. ස්ථාවර පොළිය 2‍්‍ර ක් වූ අතර මූල්‍යමය වශයෙන් පොළී හිලව් පිහිටාධාර රාශියක් චීන රජය මගින් ශ්‍රී ලංකාවට සැපයේ. වාරිමාර්ග, විදුලි බලාගාර මහාමාර්ග, දුම්රිය මාර්ග, වරාය, ගුවන් තොටුපල ආදී ස්ථානවල යටිතල පහසුකම් චීන අනුග‍්‍රහශීලි ව්‍යාපෘතිවලට ඇතුලත් වේ. මේ මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට වැදගත් මෙහෙයක් ඉටු වූ බව කිව යුතුය. විශාල ලෙස සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් චීනය, අන්‍යෝන්‍ය සහයෝගිතා උපක‍්‍රම මාර්ගයෙන් සිය උපරිම උත්සාහයෙන් දියුණු වන රටවලට උපකාර කරයි. තානාපති සම්බන්ධතා ඇති වූ තැන් සිට චීනය ශ්‍රී ලංකාවට සැපයූ සමස්ත සහනාධාරවල වටිනාකම යුවාන් බිලියන 10 ක්  (රුපියල් බිලියන 220 ක්* වූ අතර 2014 සිට 2017 දක්වා වූ කාලය තුල එය යුවාන් බිලියන 1.5 ක් (රුපියල් බිලියන 33* ක් පමණ විය. එමෙන්ම 2018 සිට 2020 දක්වා වූ කාලය තුල යුවාන් බිලියන 2 ක් (රුපියල් බිලියන 47 ක් *පමණ සහනාධාර ලබා දීම අපේක්ෂිතය. චීනයෙන් සැපයුණු ආධාර ව්‍යාපෘති වශයෙන් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, නෙළුම් පොකුණ ජාතික රංග ශාලාව සහ වකුගඩු රෝහල, පිළිකා රෝග අරමුදල ආදිය දැක්විය හැකිය. මේ මගින් ශ්‍රී ලංකා සමාජයට හා මහජනතාවට සිදු වූ සේවය ප‍්‍රකටය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය පිළිගනිමින් ද අභ්‍යන්තර කටයුතු වලට ගරු කරමින් ද අතර කිසිඳු කොන්දේසියකින් තොරව මෙකී සහනාධාර ලබා දුන් අතර චීනයේ එකම ඉල්ලීම වූයේ එම ආධාරය හැකි තරම් ජන ජීවිතයට හා මහජනයාට සෙතක් වන අයුරින් යෙදවිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ තීරණය අනුව දියුණු වූ රටවල්  සිය ආදායමින් 0ග7‍්‍ර ක් දියුණු වෙමින් පවතින රටවලට නොමිලේ ආධාර වශයෙන් ලබා දිය යුතුය. ඇත්ත වශයෙන්ම  ඕලන්ද, ඩෙන්මාර්ක්, නෝර්වේ වැනි යුරෝපීය රටවල් කිහිපයක් හැරුණු විට බොහෝ රටවලට ඒ යුතුකම ඉටු කිරීමට ඉදිරිපත් වී නැත. චීන ජනතාව අසාධාරණ අයුරින් පොහොසත්වීමට බෙහෙවින් විරුද්ධ වන අතර සහනාධාර සැපයීම සහ සහජීවනය චීන සංස්කෘතයේ අංගයකි. පොළඹවන සුළු නිශ්ඵල කථාවෙන් නොව චීනය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට නොකඩවා හැකිතරම් උදව් උපකාර සිදු කරන බව සිය ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වයි.

ඉන්දියන් සාගර කලාපයේ වැදගත් සාමාජිකයෙකූ වශයෙන් චීනය සෙසු රටවලට වඩා සාමය, ආරක්ෂාව සමගිය හා සහයෝගය තහවුරු වුණු සංවර්ධනයෙන් හා සමෘද්ධියෙන් පිරිපුන් විශාල  පවුලක් එම කලාපය තුළ දකින්නට බලාපොරොත්තු වෙයි. මේ බව තම ක‍්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීමට චීනය සමත් ව ඇත. කලාපීය සාමය, ස්ථාවරභාවය හා සමෘද්ධිය වර්ධනය කිරීම සඳහා තව දුරටත් ධනාත්මක දායකත්වය ලබා දීමෙහිද ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් අතර සම්බන්ධය වැඩි දියුණු කිරීමෙහි ද චීනය නියැලී සිටී.

 

 

 

  1. වගකීම, අන්‍යෝන්‍ය ප‍්‍රයෝජන සහ ජයග‍්‍රහණ

                චීනයේ සාමය සහ සංවර්ධනය ඉන්දියානු සාගර කලාපයේ අනාගතය හා සමීප ලෙස බැඳී පවතී. චීනය නිරන්තරයෙන්ම ”සුහද අසලවැසි සබඳතා හා සුහද සහයෝගය” යන රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරයි. ඉන්දියන් සාගරය ආශ‍්‍රිත රටවල් තම සංවර්ධන මාවත තමා විසින්ම තෝරා ගැනීමට ගරු කිරීමටත්, සාමූහික ජයගා‍්‍රහණය නැමැති සංකල්පය පිළිපැඳීමටත්, කලාපීය ආරක්ෂාව පිළිබඳ සංවාදය හා සහයෝගය ශක්තිමත්ව ඉදිරියට පවත්වා ගැනීමටත්, සාමූහිකව ඉන්දියන් සාගර කලාපීය සාමය සහ ස්ථාවරත්වය රැුක ගැනීමටත් නිරන්තරයෙන් කටයුතු කරයි.

                චීනය ගෝලීයකරණ සංවර්ධනයේ වාසි අත්පත් කරගන්නා අතර එහි බලවත් අනුග‍්‍රහකයෙක් ද වෙයි. ගෝලීයකරණ ක‍්‍රියාවෙහි ලා චීනය සාමයෙන් නැගී සිටීම සහ සාමහිකව සංවර්ධන මාවත ඔස්සේ යෑම යන පිළිවෙතෙහි ස්ථිරව සිටිමින් සීතල යුද්ධව හා ශුන්‍ය ඓක්‍ය ක‍්‍රීඩාවෙන් නිශ්චිතවම ඉවත් වෙයි. එක්සත් ජාතීන්ගේ සම්මේලනය හා ඊට අයත් සෙසු ආතනයන්හි නීති රීති හා නායකත්වය යටතේ ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව උදෙසා නව සංකල්ප ඉදිරිපත් කිරීම, එහි ව්‍යුහය විධිමත් කිරීම හා කලාපීය ආරක්ෂාව රැුක ගැනීම පිළිබඳ නව මාර්ග ගවේෂණය කිරීමටත් කටයුතු කරයි.

                චීනය ”සාමූහික, සමෝධාන, සහයෝගික, තිරසාර” යන ආරක්ෂක සංකල්පය පෙරටු කර ගැනීම හා එක්ව සංවර්ධනය වීම, හවුලේ බුක්ති විදීම, සාමූහික ජයග‍්‍රහණ ලැබීම යන ආසියා හා ශාන්තිකර සාගර කලාපීය ආරක්ෂා මාවත අනුගමනය කිරීම යන සංකල්පය චීන ජනපති ෂී චින් පිං 2014 වසරේ මැයි මාසයේදී ඉදිරිපත් කළේය. මෙම සංකල්පය, ගෝලීයකරණය, සාමය, සංවර්ධනය, සහයෝගය, හා සාමූහික ජයග‍්‍රහණය නැමැති යුගයේ අවශ්‍යතා සමග මනාව  ගැළපෙයි. එසේම එමඟින් ඉන්දියන් සාගර කලාපීය ආරක්ෂාව පිළිබඳ සහයෝගය පිළිබ`ද නව පුළුල් අපේක්ෂාවකට මඟ සැලසේ. කලාපීය රටවල් ලොකු හෝ කුඩා වුවද, ප‍්‍රබල හෝ දුබල වුවද ඒ සියලූ රටවලට එකසේ ගරු කළ යුතුය. එමෙන්ම එහි ආරක්ෂක අයිතිය  සහතික කල යුතුය. සාම්ප‍්‍රදායික හා සාම්ප‍්‍රදායික නොවන ක්‍ෂේත‍්‍රවල ආරක්ෂාව රැුක ගත යුතුය. මේ සියල්ල සමායෝජනය කරමින් කැපී පෙනෙන වත්මන් ගැටළුව නිරාකරණය කිරීමට ප‍්‍රයත්න දැරීමත් සමඟම ආරක්ෂාව පිළිබඳ අදිසි තර්ජනවලට මුහුණ දෙන ආකාරය ද සැලසුම් කල යුතුය. ක‍්‍රියාශීලි සංවාදය හා සහයෝගය මඟින් ඒ ඒ රටවල හා සිය කලාපයේ ආරක්ෂාව තර කළ යුතුය. චීන ආප්තෝපදේශයක පැවසෙන ආකාරයට ‘ශක්තිය පවතින්නේ අතේම නොව සමඟය මතයි’. අපි එහි නියැලී සිටිමු. උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි කොට අන්‍යෝන්‍ය සැක සංකා අවම කොට සම විෂමතා තුරන් කොට සාමූහික සහජීවනයේ නියැලිය යුතුය. සංවර්ධනය හා ආරක්ෂාව එක සේ අවධාරණය කරමින් කලාපය තුළ ආර්ථික සහයෝගය සහ ආරක්ෂාව නිසි ලෙස පවත්වා ගැනීමත් අන්‍යෝන්‍ය ක‍්‍රියා මගින් එක්ව ඉදිරියට ගෙන යෑමටත් එමගින් පෙළඹවීමක් සිදු කරයි. 

                චීනය මෙම ආරක්ෂණ සංකල්පයෙහි බලවත් සේ නියැළී සිටී. ආසියා ශාන්තිකර සාගර කලාපයෙහි, දකුණු මුහුදේ සාමය හා ස්ථාවරභාවය රැුක ගැනීමේලා නිරතුරුව නියැලී සිටින අතර ඍජුව අදාල රටවල් සමඟ සිදු කෙරෙන සුහද සාකච්ඡුා මගින් නිරාකරණය කර ගැනීමටත් දේශසීමා හිමිකම පිළිබඳව ආරවුල් විස`දා ගැනීමටත් ඉදිරිපත් වී සිටී. ඇතැම් බාහිර රටවල් ආත්මාර්ථකාමී ස්ථාවරයක සිටිමින්  යුද්ධමය පැවැත්ම වැඩි කර පෙන්වමින්, ගැටුම් සඳහා උසිගන්වමින් දකුණු මුහුද අවුල් තත්වයකට පත් කිරීමට වෑයම් කරයි. දකුණු මුහුදේ වෙරළබඩ රටවල් වලට මෙය කරදරකාරී වන්නකි. මේ ඇතැම් රටවල අභ්‍යන්තර ගැටුම් පවතින අතර ඇතැම් රටවල් උගුලට වැටී අතරමං වන බව  සමහරු කියති. ඉන්දියන් සාගරය ඇතැම්විට ඊළඟ දකුණු මුහුද වීමට ඉඩ ඇති හෙයින් අප සෝදිසියෙන් සිටිය යුතුය.

                බාහිර බලවේග විසින් අපේ රටවල අභ්‍යන්තර ගැටුම් අවුලූවා ඉන්දියන් සාගරයේ යුද ගැටුම් වැඩි කොට කලාපීය සාමය අවුල් කිරීමට ක‍්‍රියාකරන ආකාරය කෙරෙහි අප සැලකිලිමත් විය යුතුය. ඒ ගැන ඉතා සුපරික්ෂාකාරීව විපරමින් සිටිය යුතුය, වෘකයා ගෙතුළට ගැනීමෙන් අලූත් සීතල යුද්ධයන් ඇති වීමටත්, වෙඩි බෙහෙත් බැරල සෑදීමෙන් සාමය හා ස්ථාවරත්වය කඩාකප්පල් වීමටත් ඉඩ නොතැබිය යුතුය.

                ඉන්දියන් සාගර කලාපයේ දීර්ඝ කාලීන ස්ථාවරභාවය රඳා පවතින්නේ කලාපීය යථාර්ථය හා අයිතිවාසිකම් රැුක ගැනීමේ ආරක්ෂක ව්‍යුහය මතය. ඉන්දියන් සාගරය සමස්ත ලෝකය සතු වන නමුත් ඒ අතරින් වැඩි අයිතිය හිමි වන්නේ කලාපීය රටවලටය. පොදු එකඟත්වය මුල් කරගෙන, සමාන පදනම හා පොදු දායකත්වය මත ආරක්‍ෂක ව්‍යුහය දියුණු කොට මෙම කලාපයේ ආරක්ෂාව හා ස්ථාවරත්වය තහවුරු කිරීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමට චීනය කැප වී සිටී.

  1. අනාගතය අපේක්‍ෂා කරා දැඩි ප‍්‍රයත්නයෙන් එක්ව ල`ගා වෙමු.

                ලෝක ආර්ථිකය දැඩි ලෙස හා ගැඹුරින් සැලසුම් කිරීමේ යුග මෙහෙවරට අනුකූලව චීනය ”එකම කළාපයක් එකම මාවතක්” නැමැති සංකල්පය ඉදිරිපත් කළේය.

අනාගතය අරමුණු කර ඉතිහාසය ඔස්සේ වර්තමානය තුළ බිහි වූ එම සංකල්පය මඟින් පැරණි සේද මාවතේ ප‍්‍රභාව යළි මතු වී ආවේය. ”එකම කළාපය එකම මාවත” නැමැති ආරම්භය ආර්ථික වර්ධනය, සමාජ දියුණුව හා සංස්කෘතික හුවමාරුව වැඩි දියුණු කරවන සංකල්පයකි. එමගින් ඉන්දියන් සාගරය කලාපය හා දකුණු ආසියාතික රටවල සංවර්ධනයට වැඩි වැඩියෙන් අවස්ථා සැපයෙයි. මේ සංකල්පය ඉදිරිපත්ව අවු: 4 තුළ  චීන හා දකුණු ආසියාතික රටවල් අතර සුහදශීලි බව වර්ධනය වී ඉමහත් ප‍්‍රතිඵල ලැබී ඇත.  ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුව, සේද මාවත, අරමුදල වැනි ව්‍යාපෘති නිසා ”එකම කළාපය එකම මාවත” නමැති ව්‍යාපෘතියේ වර්ධනයක් ඇති විය. චීනය ඉන්දියන් සාගරය යාබද රටවල් සමඟ පැවති සහයෝගය දියුණු විය. විවෘත ලෙස කෙරෙන ආයෝජන මගින්  වර්ධනයත්  පත් වී ප‍්‍රතිපත්ති සන්නිවේදන පහසුකම්, ඒකාබද්ධ මාර්ග පද්ධති, වාණිජ කටයුතු හා මුදල් හුවමාරුව වැඩි දියුණු වීමෙන්  ජන සමාජයේ ජන සමාජයේ යහ පැවැත්ම හා සංවර්ධනය ඉහළ මට්ටමට පැමිණ තිබේ.

                එක්තරා වාර්තාවක් දැකීමෙන් මම පුදුමයට පත් වීමි. සැප්තැම්බර් මස 04 වන දිනදී ලංකාවේ වෙසෙන එක්තරා විදේශ තානාපතිවරයෙක් ”හම්බන්තොට වරාය සෙසු රටවල් ප‍්‍රතික්ෂේප කොට එක රටකට පමණක් භාවිත කොට ඉඩ දී ඇතැයි පැවසීය. ඔහු පවසන්නේ චීන සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ගිවිසුමට අනුව දෙපාර්ශ්වය විසින් වරාය භාවිත කිරීම සඳහා ඒකාබද්ධ සමාගම් 2 ක් පිහිටුවනු ලැබීය. මෙහි ක‍්‍රියාකාරීත්වය පිළිබද මතබේද නොමැති  බව  ප්‍රකට කරුණක්  සෙසු ප‍්‍රතික්ෂේපයන්ගෙන් තොරවූ බව සාමාන්‍ය දැනුමකි. හම්බන්තොට වරාය ලෝකයේ සෙසු වරාය මෙන් සියලූ රටවලින් පැමිණෙන ගමනා ගමනයට විවෘත කල යුතු බව මා මෙහිදී අවාධාරණයෙන් කිව යුතුය.  ‘‘එකම තීරය එකම මාවත” යන මූල ධර්මය විවෘත හා ඉවසිලිමත් මුල පිරීමකි. චීනයෙන් ඉදිරිපත් වුවද එය සමස්ත පොදු නිසා එහි ප‍්‍රතිඵලය සෑම රටකටම පොදුවේ බුක්ති විදිය හැකිය. ශ්‍රී ලංකාව චීනයේ පාරම්පරික මිත‍්‍රශීලී රටකි. එමෙන්ම චීනයේ ”එකම තීරය එකම මාවත” නැමැති මුල ධර්මයට අනුග‍්‍රහය දක්වමින් ඊට ක‍්‍රියාශීලීව සහභාගී වන රටකි. අද දින කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම යළිත් ආරම්භ විය. මූල්‍යමය කේන්ද්‍රස්ථානයක් පිහිටුවන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉදිරිපත් කල අදහසට අනුබල දෙමන් චීන බැංකුව විසින් කොළඹදී දකුණු ආසියා ශාඛාවක් පිහිටු වනු ලැබීය. එමෙන්ම හම්බන්තොට වරාය ගිවිසුම නිසි පරිදි අත්සන් කරනු ලැබිණ. වරාය කටයුතු චීන හා ශ‍්‍රී ලංකා ඒකාබද්ධ සමාගම වෙත භාර දෙනු ඇත. ශ‍්‍රී ලංකාව කලාපය තුළ භාණ්ඩ හුවමාරු හා ප‍්‍රවාහන හා නාවික මධ්‍යස්ථානයක් ලෙස වර්ධනය වීමට එය අනුබලයක් වනු ඇත. ජල සැපයීම්, ස්වභාවික වායු බලාගාරය, දුම්රිය මාර්ග, මහා මාර්ග යනාදිය ”එක් කලාපයක් එක් මාවතක්” යන සංකල්පය යටතේ චීන ශ්‍රී ලංකා දෙරටේ සහයෝගික ව්‍යාපෘති සබ`දතා විධිමත් ආකාරයෙන් ක‍්‍රියාත්මක වෙමින් පවතී.

                ඇතැම් බලගතු රටවල මෙන් නොව චීන ශ‍්‍රී ලංකා සහයෝගයෙහි කිසිඳු සැ`ගවුණු අරමුණු නොමැත. චීනය තුළ කිසි කලක සෙසු රටක වරාය හෝ විශේෂයෙන්ම නිශ්චිත කර්මාන්ත ඒකාධිකාරය පිළිබඳ අපේක්ෂාවන් නැත. අප නිරන්තරයෙන්ම විවෘතව, ඉවසිලිමත් ව හා අන්‍යෝන්‍ය ජයග‍්‍රහණය යන ආකල්පයෙන්  ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සමෘද්ධිය වෙනුවෙන් උදව් උපකාර සිදු කරමු. ‘‘එකම කලාපය එකම මාවත” යන සංකල්පයෙහි ප‍්‍රතිඵල භුක්ති විඳීමට සූදානම් වන  ඕන අපි සාදරයෙන් පිළිගනිමු.

                ”එකම කලාපය එකම මාවත” යන මුල පිරුම ඉන්දියන් සාගර කලාපයේ  රට වල සංවර්ධනය පිළිබ`ද දුර දක්නා සැලසුම් සමග මනා සේ ගැලපේ.  ඒ ඒ රටවල සංවර්ධන සැළසුම හා සම්බන්ධ වී වඩාත් සමීප සහයෝගීතාව ඇති කර ගැනීම මගින් සිදු කෙරෙන සංවර්ධන කටයුතු ඔස්සේ ඉන්දියන් සාගර කලාපීය රටවලට වැඩි ප‍්‍රතිලාභ ලබා දීම අපේ අපේක්‍ෂාවය. අන්‍යෝන්‍ය සහයෝගයෙන් අත්වැල් බැඳ ගනිම්න්  ඉන්දියන් සාගරයේ සුන්දර අනාගතය ඇති කිරීමට අපි අපේක්ෂා කරමු.